|
පනස් වැනි දර්ශනේ 50 වැනි උපන් දිනය
අශෝක සෙනරත් මුදලිගේ නමැති නාට්‍යවේදියාගේ වේදිකා නාට්‍යයක් මේ දිනවල අති සාර්ථකව වේදිකාගත වෙනවා. ඒකේ නම සිකියුරිටි සින්නතම්බි. කලකට ඉහතදී ඔහු විසින් නිර්මාණය කළ මෙම නාට්‍යයෙහි නව නිෂ්පාදනයයි වත්මනෙහි දැකගන්න ලැබෙන්නේ. පසුගිය 20 වැනිදා එනම් පසුගිය ඉරිදා සිකියුරිටි සින්නතම්බි හි පනස් වැනි දර්ශනය වේදිකා ගත වෙනවා. වැඩේ කියන්නෙ එදිනටම තමයි එහි ප්‍රධාන භූමිකාව රඟපාන දීපාල් සිල්වාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ. වැඩේ කියන්නේ දීපාල්ගේ පනස්වෙනි උපන් දිනයයි එදා සැමරුවේ. ඒ බව දිපාල්ට හඟවන්නේ නැතුව ඉඳලා එදින වේදිකාවේදීම දීපාල්ව සර්ප්‍රයිස් කළාලු. පනස් වැනි උපන් දිනය යෙදී තිබීම පිළිබඳ අපි මෙසෙ පළ කළේ එහි විශේෂත්වයක් ඇති නිසාමයි. |