වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

වස්සානයේ සඳ

එදා චිත්‍රකතා ලෝකයේ කරදිය වළල්ල, ටෙලි නාට්‍ය ලෝකයේ දියසුළිය සිනමාවේ බහුබාර්යා, කොස්තාපල් පුඤ්ඤසෝම, ගින්දරී ගෙනා උදයකාන්තගෙන් තවත් රස වෑහෙන නවකතාවක් අද සිනමාවේ පෙරළිකාරයකු වන උදයකාන්ත වර්ණසූරිය එදා ලාංකික චිත්‍ර කලාවට නව අරුතක් ගෙන ආ අයුරු අපට මතකය.

යකඩ පිහාටු නවකතාව ඔහු අතින් ලියැවී දස වසරකට පසු යළිත් ඔහු පින්සල අතට ගත්තේය. ඔහු අතින් ඇඳ ඔහු විසින්ම ලියන නවකතාව සරසවිය ලබන සතියේ සිට පළ කරයි.

'මේනකා මං ඔයාට කියලා තියෙනවා ඔය පිස්සු කතාව කියන්න එපා කියලා. බේබි ලෑස්තිද?'

ඔළුව පීරන්න දෙන්නෙ නෑනෙ. අවුල් කර ගන්නවා'

'අනේ මල්ලි ඉක්මනට ලෑස්ති වෙන්කො සන්දේශ් අයියල ළඟම එනවලු'

'මොනවද නෝනා දන්නේ? සපත්තුද?'

'සපත්තු ඕන නෑ. සැඬල්ස් දාන්න'

එසේ කියමින් මිහිරි එතැනින් ඉවත් විය. කාමරයේ තැනෙක තිබූ සැඬල්ස් යුගල අතට ගත් මේනකා එය එරංගගේ දෙකකුල්වලට දමන්නට වූවාය.

'කෝ හොල්ලන් නැතුව ඉන්නකෝ'

'හොල්ලන්? ඔයා තමයි හොල්මන්'

එරංගගේ සමහර කතාවලට මේනකාටත් සිනා නැගෙයි. ඒත් ඔහුගේ බොහෝ දඩබ්බර වැඩවලට ඇය කෝප වෙයි.

එරංග ඇඳ සිටින්නේ අත්දිග කමිසයක් හා තුන් කොට කලිසකි. සැඬල්ස් දමා ගැනීමෙන් පසු ඔහු වහා අල්මාරිය කරා දුවගොස් එය විවිර කර කළු පැහැති කබායක් අතට ගත්තේය.

'ආ ඕක මොකටද?' මේනකා ඇසුවේ තරමක කතුහලයකිනි.

'මේක තමයි අඳින්නෙ'

'ඔයාට ඕක අඳින්න කිව්වෙ නෑනෙ. ගලවන්න, ගලවන්න මට නෝනත් බනියි'