|
සරසවිය උලෙළට සූදානම්චිත්රපට දැක්ම 05 වැනිදා සිට කොළඹ රීගල්
සරසවිය සම්මාන උලෙළ මෙවර පැවැත්වෙනුයේ අට වසරක නිහැඬියාවකින් පසුව ය. සරසවිය සම්මානය යනු ලෝක සිනමාවේ ඇකඩමි සම්මානය තරම් ගෞරවාදරයට පාත්‍ර වූ දේශීය සම්මානයයි.
ජූරිය මඟින් පිදෙන සම්මාන
* මෙවර සිනමා සම්මාන උලෙළේ ප්‍රථම වරට 2015 වසරේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලද, එහෙත් ඒ වසරේ තිරගත නොවුණු අධ්‍යක්ෂවරයකුගේ අධ්‍යක්ෂණය උදෙසා ද සම්මානයක් පිදීම විශේෂත්වයකි. එනම් ඒ සඹම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් නම් කිරීම ද විශේෂත්වයකි. ඒ සම්මානය ශ්‍රී ලාංකේය විශිෂ්ට සිනමාකරුවන් රැසක් ජූරි සභාවක් ලෙස කටයුතු කරමින් තෝරාගනු ඇත. * එමෙන්ම මුල් ම සිනමා සම්මාන උලෙළේ සම්මාන දිනූ තවමත් ජීවත් ව සිටින, සිවුදෙනෙකු වෙනුවෙන් ද සම්මාන පිදීමට නියමිත ය.
*රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය සිනමා ලේඛක කලාව උදෙසා ජීවිතය කැප කළ කෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන්නකි. *සිනමාව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ දෙදෙනෙකු වෙනුවෙන් පිරිනැමෙන රණ තිසර සම්මාන යුගලය ද මෙවර පිරිනැමේ. * වසරේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මානය දිනන්නේ 2015 වසරේ තිරගත වීම අරඹා වැඩිම ආදායම් ලත් චිත්‍රපටයයි.
2015 වසරේ තිරගත වූ චිත්‍රපට
|