|
කෘෂිකාර්මික වකුගඩු රෝගයේ ඛේදවාචකය‘ධරණී’
අමු නාගරික ජිවිතයක් ගෙවන ඉලේ (නිරෝෂන් ඉලේපෙරුම) පසුගිය දවස් විසි ගණනක් තිස්සේ
අනුරපුරේ ගමෙන් ගමට පැන පැන ටෙලියක් රූ ගැන්නුවා. මනෝ කායෙන් තවත් මනෝ කායකට
ලැබිච්ච පුදුමාකාර පණීවිඩයක් වගේ දෙයකින් තමයි නිරෝෂන්ට මේ කියන 'ධරණී' හමුවෙලා
තියෙන්නේ. දැන් නම් ධරණී රූගත කිරීම් නිම කරලා තියෙන්නේ. 'කෘෂිකාර්මික වකුගඩු රෝගය බහුලව පවතින අනුරාධපුරේ ඛේදවාචක අල්ලලා ටෙලි නාට්‍යයක් කරන්න සිතෙනවා. මං වැඩේට හරි යන කතාවක් සොයනවා' කියලා ඉලේ ශාන්ති දිසානායකට දුරකතන ඇමතුමකින් කියලා තිබ්බේ මීට අවුරුද්දකට විතර කලින්. ඒ වෙද්දී ශාන්ති ලිය ලියා සිටිය නවකතාව තමයි 'ධරණි. නිරෝෂන්ගේ අනුන්ගේ සිත් කියවීමේ හැකියාවට පුදුම වෙලා. පොත පළ කරන්නත් කලින්මයි ශාන්ති ධරණී නවකතා පිටපත ඉලේට දෙන්නේ. ඉලේ ඒ අනුව තමයි සරත් ධර්මසිරි ලවා ධරණී පිටපත ලියවා ගන්නේ. මේ අලුත් වැඩේට කලින් කෘෂිකාර්මික වකුගඩු රෝග උවදුර අතින් සම්ක්ෂණයක යෙදිලයි ඉලේ මේ වැඩේට අත ගහලා තියෙන්නේ. ඒ ගමනේ ඇවිදිද්දී ප්‍රවීණ කිවිවර, ගීත රචක වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාරවත් අනුරාධපුරේදීම ඩී. එම්. ඕ. වරයකු විදියට ඉලේට හමු වෙලා. ඒත් සමහර ලොකු ලොක්කන් මේ ලෙඩේ වතුරෙන්ම හැදෙනවා නම් ඇයි අනෙක් පළාතවලත් නැත්තේ කිය කිය තවමත් බෝලේ පාස් කර කර හිටි බවත් ඉලේට අත්දැකීමෙන්ම දකින්න ලැබිලා.
අධ්‍යක්ෂවරයා වුණාට අමතරව ඉලේපෙරුම රංගන ශිල්පියෙකු විදියටත් ධරණිට නෑකමක් තියෙනවා.
ඒ ටෙලි නාට්‍යයේ මුල් කොටසේදීම කෘෂිකාර්මික වකුගඩු ලෙඩෙන් මියැදෙන සමන්ත කියන තරුණ
ගොවියාගේ චරිතයෙන්. උමයංගනා වික්‍රමසිංහ තමයි (මාලතී) සමන්තගේ බිරියගේ ඒ චරිතයට පණ
දෙන්නේ. 'බුදියගනිං බං . . . හෙට ගමක වැඩ තියෙනවා. අටේ කණුවෙ මළ ගෙදරට බඩු ගෙනියන්ඩ තියෙනවා. හවස තවත් එම්බාම් එකක් තියෙනවා' එප්පාවල මල් ශලාවක දොරකඩ දිගෑරිච්ච බූරු ඇඳන් දෙකක නිදාගත්ත දෙන්නෙක් කියන ඒ දෙබස් තව මොඩ් කර කර තමයි අපි කර පොවද්දිත් ඉලේ එප්පාවල හිටියේ. එයින් ඩැනීගේ චරිතයෙන් ධර්මප්‍රිය ඩයස් තවත් අපූරු රංගනයකින් ධරණී හරහා අප හමුවවන්න නියමිතයි. ඇත්තටම සතියකට කිහිප දෙනෙක් මේ ලෙඩෙන් මැරෙන අනුරාධපුර පැතිවල මල් ශාලාවල තත්ත්වය එහෙම්මම වෙන්නැති කියලා හිතිච්ච ලොකේෂන්නෙකේ හුඟ දෙනෙක් හුල්ලන සද්දේ අපටත් ඇසුණා. ඊළඟට රූගත කෙරුව දර්ශනෙන් කලින් දර්ශනයෙන් හැඟීම් ඇවිස්සුණු පිරිස තව තවත් හැඟීම්බර කරනවා. කටයාවේ ගැමි ගෙදරක ගෙවත්තක කෙළවරක වැවූ බටු හේනක තමයි ඒ සිද්ධිය රූගත කෙරුණේ. කරුණාවතී (මනීෂා) මාලතී (උමයංගනා) දෙදෙනායි එතැන ඉන්නේ. කටු මැටි හේනකදී ගෙම්බකුට බය වෙලා උමයංගනා මරලතෝනි තියාගෙන එළියට දුවන් ගියාට පස්සේ මූඩ්ඩෙක හරිගස්සලා අමාරුවෙන්මයි ඉලේ්පෙරුම උමයංගනාව මේ සීන්නෙකට ගෙනාවෙත්. 'බටු රාත්තල් හත අටක් කඩාගන්න පුළුවන් තරමෙ තියෙනවා' කරුණාවතීගේ ඒ කීමට මාලතී උත්තර බඳින්නේ 'එපා, එපා එක ගෙඩියක්වත් කඩන්නෙපා බට්ටියේ වස පිරිලා. සුමාන දෙකෙන් දෙකට තෙල් ගහල විස පිරිල තියෙන්නෙ ඔව්වා කඩන්නෙපා . . .' 'එහෙනම් විකුණමු' කරුණාවතීගේ ඒ යෝජනාවටත් මාලතී විරුද්ධයි. 'ඒත් කවුරු හරි මනුස්සයොනෙ, ගොවිතැන් නොකර ගෙදරට වෙලා හිටිය නම් සමන්ත අදත් යස අගේට ඉන්නවා'
'දැන් බටුවල හැදෙන පණුවො ගිලින්ඩ කුරුල්ලොවත් බටුවලට වහන්නේ නැහැ. එළවළුවලට ගහන වස විසවල විදියට පණුවාත් ඒවෑ ඇතුළෙම මැරෙනවා. මේ පිටකොටුව මැනිං මාර්කැට්ටුවේ වෙළෙන්දෙක් අපට පසුගියදාක කිව්ව කතාවක්. අන්තිමට ගමක නමක් යෙදෙන කොළඹ ඉඳන් ගමට රඟපාන්න යන හැම වතාවක දුප්පතුන්ට බෙදන්න වෙනම ඇඳුම් මල්ලක් ගෙන යන ප්‍රවීණ නිළියකවත් අපට ධරණී දර්ශන තලයේදී මුණ ගැසෙනවා. ඒ මනීෂා නාමල්ගම. ඇය ධරණී ටෙලියේදී කරුණාවතීටයි අඳින්නේ. මනීෂා කටියාව ගමේ කටුමැටි ගේක උළුවස්සෙන් එළි බසිද්දීම කන්කරච්චල් මෝටර් බයිසිකල් සද්දයක් ඒ වත්තෙන්ම ඇසෙනවා. ඒ එන්නේ 'පුතණ්ඩියා' විදියට මේ කාලේ නමක් පටබැඳිච්ච බුද්ධික ජයරත්න. ඒත් බුද්ධිකට මිත්‍ර ඉලේපෙරුම දරණී ටෙලියේදී බාර කරලා තියෙන්නේ නම් සල්ලාල ජීවිතයක් ගත කරන රෝහල් සේවකයකුගේ භූමිකාවක්. 'අමල්' කියන ඒ චරිතයට නිතර උදව් පදව් කරන අඹ යාළුවා විදියට නව පරපුරේ දක්ෂයකු වන අසංක විජේරත්න රඟපානවා. අමල්ගේ බිරිය විදියට රඟන මල්කුමාරි අපට කිව්වේ හොඳ තිර පිටපතක් ලැබුණොත් සංගීත පන්ති අතරමඟ වුණත් රඟපාන්න එනවා කියලයි. මැදපෙරදිග ගිහින් වැඩ වැරදිච්ච කරුණාවතීගේ ඥාති දුවගෙත් (තුෂාරි වේහැල්ල) අමල් (බුද්ධික ජයරත්නගේත්) පෙම් පලහිලව්වත් පටන් ගත්තේත් අපේ දෑස් මානයේදීමයි. ඒත් දෙබස් පටන් ගන්නකොටම දත් හිරිවට්ටන සද්දෙන් ඒ අහලපහල වත්තකට වෙලා දෙන්නෙත් මැෂිමකින් ලී ඉරනවා. ඒ සද්දෙන් වෙන බාධාව ඉවසගන්න බැරිව ඉලේ පයිංඩකාරයෙක් යවලා ඒ වැඩේ ටිකකට නවත්තගන්න කිව්ව ඉලේට ලී ඉරන උන්දලා හැරෙන තැපෑලෙන් උත්තර එවනවා. ඒ වැඩේ බාරදුන්න කොන්ත්‍රාත්කාරයා හැරෙන්න වෙන මොන ජගතෙක් කිව්වත් වැඩේ නවත්වන්නේ නෑමයි කියල. ඒත් ලී ඉරන මැෂිම පොඩ්ඩකට හරි නවතිනකල් බලා ඉඳලා ඉලේ 'ඇක්ෂන්' කියනවා.
මංජුල තුෂාරිත් එක්කලා රඟපාන ඒ චරිතේ ඇත්තමම අනේ අපි එකතු වුණාම එහෙම කරමු මෙහෙම කරමු කියාගෙන මංජුල ෂූටිං ඉවර වෙච්ච වෙලාවක තුෂාරිට දීලා තියෙන්නේ මේ පොතෙත් නැති පිටපතෙත් නැති ටෝක්ස්. ඒ තුෂාරිගේ කටේ හැටි නොදැන කරගත්ත ඒ මෝඩකමට මංජු ලැජ්ජා වුණේ තුෂාරි ගිරවි වගේ ඒ පට්ටන්දර සෙට්ටෙකම එකට ඉන්දැද්දි දිගෑරින්න ගත්තාම සහරා සංගීත කණ්ඩායමේ නියාමක ගායක වෙන්නේත් 'රස්තියාදු ආදරේ, ගීය ගායනා කරන්නෙත් ඒ මංජුලම තමයි. එප්පාවල, කටියාව, තඹුත්තේගම රජයේ රෝහල්වලදී සැබෑ ජිවිතයේදී මාරාන්තික කෘෂිකාර්මික වකුගඩු ලෙඩ්න් පෙළෙන හුඟ දෙනකු හමුවෙන්න ධරණී නිර්මාණ පිරිවරට අත්දැකීම් ලැබිලා. ඒ අතරින් වකුගඩු දෙකම නරක් වෙච්ච තරුණ ගොවි ගෙවිලියන්ගෙන් අසන්න ලැබිච්ච ජීවිත කතා මේ පිරිසම හැඟීම්බර වෙච්ච අවස්්ථා බොහොම බවයි ඔවුන් අපට කීවේ. සුරංජන් චතුරංග (සූකිරි) ඉලේ එප්පාවලින් සොයා ගත්ත දක්ෂයෙක්. සැබෑ ජීවිතයේදීත් එම්බාම් කිරීමේ අත්දකිම් පවතින පිටතින් තිබෙන ගණන්කාර පෙනුමට වඩා ඇතුළතින් සුන්දර හදවතක් තරුණයාට තිබෙන බවයි සෙට්ටෙකේ හුඟ දෙනෙක් කියන්නේ.
උද්දික ප්‍රේමරත්න, දයාදේව එදිරිසිංහ, සරණපාල ජයසූරිය, අජිත් ලොකුගේ. මාලි ජයවීරගේ. නිල්මිණි බුවනෙක, සමන්ප්‍රිය මාරසිංහ, කුමාර රණපුර, සුදර්ශන බණ්ඩාර, තිස්ස බණ්ඩාරනායක, ශාලිකා එදිරිසිංහ, නෙතු ප්‍රියංගනී, රතිනි ආශංසා (හඳුන්වා දෙන), සුමිත් සමරසිංහ, ශිරන්ත ප්‍රේමවර්ධන, බුද්ධීක රණතුංග ආරච්චි, නිල්වලා විශ්වමාලි, ජීවානන්ද රූපසිංහ ආදීහු 'ධරණී' සඳහා රංගනයෙන් එක් වෙති. වසන්ත විජේන්ද්‍ර නිෂ්පාදනය කරන ධරණී සඳහා අමරසේන වඩුගේ විධායක නිෂ්පාදනයෙන් ද ප්‍රධාන සහාය අධ්‍යක්ෂණයෙන් ජයන්ත අබේරත්න ද දෙවැනි සහාය අධ්‍යක්ෂණයෙන් නිරුක්ෂාන් ඒකනායක ද, කැමරාකරණයෙන් විහ්වජිත් කරුණාරත්න සහ බුද්ධික ඉන්ද්‍රජිත් (ලොකූ) ද, අංග රචනයෙන් ක්‍රිශාන්ත ජයබාහු ද, අංග රචනා සහායෙන් ශිරාන් ලක්ෂිත සහ චානක සුබෝධ ද, සංගීතයෙන් නදීක ගුරුගේ ද, කලා අධ්‍යක්ෂණයෙන් අජන්ත අලහකෝන් ද, කලා අධ්‍යක්ෂණ සහායෙන් මහේෂ් ප්‍රනාන්දු සහ දුලාජ් මධුසංඛ ද නිෂ්පාදන කළමනාකරණයෙන් සමන් අතපත්තු ද , ඇඳුම් නිර්මාණයෙන් ගීතානි සෙනෙවිරත්න ද, ඉසව් සම්බන්ධීකරණයෙන් ලලන්ත කුලසිංහ ද, නිශ්චල ඡායාරූපකරණයෙන් තුසිත කුමාර ද ධරණීට පණ පොවති.
|