|
SARASAVIYA MODEL BANKසරසවිය මොඩ්ල් බෑන්ක් ආරම්භක වැඩසටහනට වැලිගම චාන්දනී සිනමාහලේදී ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. එහි දෙවැනි පියවර ගම්පහ පුරවරයටය. ගම්පහ නයෝමි සිනමා ශාලවේදී සියනෑවේ නවක තරු සොයා ගිය සරසවිය මොඩ්ල් බෑන්ක් දෙවැනි අදියර මුල් අදියරට වඩා සාර්ථකය. බොහෝ දෙනෙකු එදින පැමිණ සිටියේ කලා ලෝකය තුළ තම ගමනට මගක් පාදා ගැනීමේ අභිලාෂයෙනි. ඒ වග ඔවුනගේ මුහුණෙන් මොනවට පැහැදිලි විය. අද සිට ගම්පහ නයෝමි සිනමා ශාලාවට පැමිණි නවකයන්ට සරසවියෙන් මේ ඉඩ වෙන්වේ. ඔවුනට කලා ක්ෂේත්‍රය තුළ ජය කෙහෙළි නංවන්නට හැකි වේවා කියා ද අපි ප්‍රාර්ථනා කරමු. SMBGP 05 විමල් ජයකොඩි
විමල් ජයකොඩිගේ වයස අවුරුදු පනස් දෙකයි. මීට ප්‍රථම ඔහු සුබා සිනමාපටයේ රඟපා අත්දැකීම් ලබාගෙන තියෙනවා. ඒ වගේම පසුකාලීනව වස්සානේ ප්‍රේමය, අතුරු පාර ආදි නාට්‍යවලටත් රංගනයෙන් දායක වුණාලු. විමල්ට ඕනෑ සිනමාවෙන් තව දුරක් යන්න .ඒ හින්දා තමයි ඔහු මෙහෙම ගම්පහ නයෝමි සිනමා ශාලාවට ආවේ. විමල්ගේ කැමැතිම අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි. විමල්ගේ පදිංචිය බටුවත්ත ඇලමඩ. SMBGP 06
දයානන්ද සිල්වා
දයානන්ද සිල්වා දුර කතර ගෙවාගෙන තමයි එදා ගම්පහට ආවේ. ඔහුගේ ගම හික්කඩුව. රූමතියයි නීතියයි, පෙරළිකාරයෝ, නගරං ආදී සිනමාපට රැසකම ඔහු රඟපා තිබෙනවා. දයානන්ද වැඩිපුරම කැමැති රජ චරිතවලට. ජැක්සන් ඇන්තනි සහ ප්‍රසන්න විතානගේ වැනි අධ්‍යක්ෂවරුන් යටතේ ඔහු රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා. දයානන්දගේ වයස අවුරුදු පනස් හයයි. SMBGP 07
දමිත් කලංසූරිය
දමිත් කලංසූරියගේ වයස අවුරුදු හතළිහයි. ඔහුගේ පදිංචිය හොරණ. වීදි නාට්‍ය, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍යවලට ඔහු දායක වී සිටිනවා. සිනමාවට එකතු වීමයි දමිත්ගේ එකම අපේක්ෂාව. ප්‍රසන්න විතානගේ ගේ සිනමාපටයකට එකතු වන්නට දමිත් කැමැත්තෙන් ඉන්නවා.
SMBGP 08 සරත් රණසිංහ
සරත් රණසිංහ. ඔහුගේ නම සරසවිය නරඹන ඔබට නම් හරිම හුරුයි. ඒ සරත් නිරන්තරයෙන් සරසවියට ලියන පාඨකයෙක් නිසා. ඔහු රංගන ක්ෂේත්‍රය හා කලක සිට සම්බන්ධ වී සිටිනවා. ඇඩ්ඩස් නෑ චිත්‍රපටයටත් තවත් ටෙලි නාට්‍ය ගණනාවකටත් සරත් රංගනයෙන් දායක වුණා. සරත්ගේ වයස අවුරුදු හැට හතරයි. කපුගොඩ තමයි සරත්ගේ පදිංචිය. සරත් දැනට ක්‍රියාකාරීව සිටින සියලු අධ්‍යක්ෂවරුන්ට කැමැතියි කිව්වා. |