|
නූතන පටාචාරාවක ගැන කියැවෙන අපේ කාලයේ පටාචාරා
වහාම ක්‍රියාත්මක වන කුමාරි වහ වහා නිවස වෙත යයි. අහෝ ඛේදයකි! එතැන ගෙයක් තියා ගෙදරක නාමයක්වත් නැත. සුනාමියට හසු වී අවට පෙනුණේ නිවාසවල සුන්බුන්ය. පිස්සියක ලෙසින් කුමාරි තම පවුලේ පිරිවර හොයන්නට පටන් ගත්තීය. නමුත් කිසිදු තොරතුරක් නැත. අවසනදී යම් කෙනෙකුගේ ඔත්තුවක් මත කුමාරි මියගිය පිරිස එකතු කළ ස්ථානයකට යන්නේය. එහිදී ඇයට දක්නට ලැබෙන්නේ කිසිසේත්ම ඇය බලාපොරොත්තු නොවූවකි. ඇයගේ මව, පියා, සහෝදරයා සහ සැමියාගේ නිසල දේහයන් කුමාරිට දකින්නට ලැබෙයි. ඇය ඔවුන් දැක කම්පන තත්ත්වයට පත්වේ. දෙවනුව ඇය උමතුභාවයට හැරෙයි. කුමාරිගේ නවාතැන වනුයේ මානසික රෝහලයි. එහිදී ඇය සිය පවුලේ උදවියගේ ඡායාවල් දක්නට ලැබෙයි. ඇයව තව තවත් මානසික විකෘතිතාවයට පත්වේ. මේ හේතුවෙන් කුමාරිට සර්ව ආගමික නායකයින්ගේ කරුණාව ලැබේ. මේ අතරතුරදී ඇයට ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පටාචාරා කතා වස්තුවයි. එය සංයමයෙන් අසා සිටින කුමාරි අවසනදී බෞද්ධ භික්ෂූනි ශාසනයට ඇතුළත් වේ. අපේ කාලයේ පටාචාරා. මේ එම සිනමාපටයෛ් කතාවයි. මෙහිදී කුමාරි සහ පටාචාරාවන්ගේ චරිතය රඟනු ලබන්නේ දුලානි අනුරාධා විසිනි. සුගත් සමරකෝන් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ අපේ කාලයේ පටාචාරා දුලානි අනුරාධාට ප්‍රධාන චරිතය දෙමින් නිර්මාණය කළ චිත්‍රපට ත්‍රිත්වයක අවසාන චිත්‍රපටය බව කියැවේ. සුගත් අධ්‍යක්ෂණය කළ විජය කුවේණි සහ ඇහැළෙපොළ කුමාරිහාමි පෙර සිනමාපට යුගලයි. කුමාරිගේ සැමියා සහ පටාචාරාගේ සැමියා ලෙස සාරංග දිසාසේකර රංගනයේ යෙදෙයි. ක්ලීටස් මෙන්ඩිස්, විනු උදානි සිරිවර්ධන, අනූෂා දිසානායක, සමන්ත වීරකෝන්, අනූෂා ජයසූරිය, සරත් දික්කුඹුර, රංග බුද්ධ, සංජය සමරකෝන්, සහීෂ සුපසන් දිවාකර, සමන් ශ්‍රී වෙදගේ, උපුල් ගුණවර්ධන, නෝබට් පෙරේරා, ප්‍රියාන් අනුර ශ්‍රී, ධම්මික හේවාදුවත්ත, ප්‍රියන්ත කහපළආරච්චි, චන්දු ඉඹුලාන, අංජු නර්මදා, ප්‍රියා විතානාරච්චි ඇතුළු නළු නිළියන් රැසක් අපේ කාලයේ පටාචාරාහි රංගනයේ යෙදෙයි. අපේ කාලයේ පටාචාරා දෙසැම්බර් පළමු සතියේ සිට එල්.එෆ්.ඩී සහ එම්.පී.අයි මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගතවීම ඇරැඹේ.
අපේ කාලයේ පටාචාරා හි නිෂ්පාදන පිරිවර:
නිෂ්පාදනය - ජගත් විශ්ව කුමාර කැමරා අධ්‍යක්ෂණය - සුජිත් නිශාන්ත සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත සංස්කරණය - අජිත් රාමනායක අංග රචනය - සෑම් පෙරේරා
නර්ථන අධ්‍යක්ෂණය - නිලාන් මලිගැස්ප ගායනය - උරේෂා රවිහාරි, මොහාන් දර්ශන, ඉරාශා සමින්දනී ගී පද රචනය - අමිල තේනුවර නිෂ්පාදන කළමනාකරණය - රෝහණ විපුල කුමාර නිශ්චල ඡායාරූප - සංජය සමරකෝන් සහාය අධ්‍යක්ෂණය - හර්ෂණ වික්‍රමසිංහ මාධ්‍ය සම්බන්ධීකරණය - උපුල් නිශාන්ත ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර
|