වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




බල්ටි පිනුම්

බල්ටි පිනුම්

මේ දවස්වල එක්තරා ගායකයෙක් කරනම් ගහනවා කියලා ආරංචියි. උඩ කරනම් බිම කරනම් යන දෙක පිළිබඳ මෙයා ඉගෙන ගන්නවලු. උඩ පිනුම්, බඩ පිනුම්, බල්ටි ඔක්කොමත් ඔහුට පුළුවන්ලු. ඇත්තටම මෙයා මෙහෙම ඕවා ඉගෙන ගන්නේ පෙරහැරකටවත් යන්නද කියලා ගෙදර අය අහනවලු. මේ ගායකයා උදය ශ්‍රී වික්‍රමසිංහ. ඔහු මෙහෙම කරනම්, පිනුම්, බල්ටි ගහන්නේ හිරු මෙගා ස්ටාර් වෙනුවෙන්. දැනටමත් බල්ටි ගහලා උදයට හොඳ ගණංලු. ඒත් වැඩේ දිගටම කරගෙන යනවා. අපට තියෙන ප්‍රශ්නෙ උදය ඊළඟ දවසේ ඉඳන් වේදිකාවට පිනුම් ගගහා එයිද කියලා.