|
‘අමරදේව-ශ්‍රීමත්’ සම්භාෂණ ඩී.වී.ඩී ලෙසින් නොමිලේ
හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීන් සමඟ ගුවන්විදුලි හා රූපවාහිනි නිවේදක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ පැවැත් වූ සංවාද ඇතුළත් ‘අමරදේව - ශ්‍රීමත් සම්භාෂණ ඩී.වී.ඩී සහ සී.ඩී. ලෙස ලබා ගැනීමට ඔබටත් හැකිය. ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ස්වදේශීය සේව ඇතුළු විද්‍යුත් මාධ්‍ය රැසක අමරදේවයන් සමඟ සාකච්ඡා කළ සම්භාෂණා මේ ඩී.වී.ඩී සහ සී.ඩී.වල ඇතුළත් වෙයි. සමහර සාකච්ඡා සඳහා විශාරද නන්දා මාලිනී ද සහභාගි වී ඇත. ඒ ඩී.වී.ඩී සහ සී.ඩී පට අවශ්‍ය අයකු වේ නම් අධ්‍යක්ෂ, කටහඬ මාධ්‍ය කේන්ද්‍රය, 55, බුවනෙක බා මාවත, මිරිහාන, නුගේගොඩ යන ලිපිනයෙන් නොමිලේ ලබාගැනීමට පුළුවන. වැඩි විස්තර සඳහා 077- 3749767 යන දුරකථන අංකයට අමතන්න. - තිලානි
ෂේක්ෂ්පියර් නාට්‍ය උලෙළ මරදාන ටවර් රඟහලේ
ෂේක්ස්පියර් කේන්ද්‍රය සිය 25 වැනි වසර සමරමින් ශ්‍රී ලංකා නිෂ්පාදන ලෙසින් ‘ඔතෙලෝ’, ‘මැක්බත්’ සහ ‘හැම්ලට්’ නාට්‍ය ත්‍රිත්වය සමඟින් වාර්ෂිකව සංවිධානය කරන ෂේක්ෂ්පියර් නාට්‍ය උලෙළ මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ. එහිදී අද (24) සහ හෙට (25) දිනයන්හි ‘ඔතෙලෝ’, ‘මැක්බත්’ සහ ‘හැම්ලට්’ නාට්‍යයන් වේදිකා ගත කෙරේ. ජීවන් කුමාරතුංග, රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, විශ්ව කොඩිකාර, අරවින්ද දොඹගහවත්ත, අමිල කරුණානායක, සරත් දික්කුඹුර, හර්ෂනාත් පෙරේරා, නිශාන්ත උයන්ගොඩ, ගීත් ඒකනායක, නයනා කුමාරි, දෞෂලා ලේකම්වසම්, හසන්තිකා රොද්‍රිගු ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. කතානායක කරු ජයසූරිය, අමාත්‍ය රාජිත සෙනෙවිරත්න යන මහත්වරුන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙසින් සහභාගිවීමට නියමිතය. 26 වැනිදා ෂේක්ස්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා සමාජිකයන් 25 දෙනෙකු සම්මානනීය ලෙසින් ඇගයීමට ද කටයුතු යොදා ඇත. මෙවර ෂේක්ෂ්පියර් නාට්‍ය උලෙළෙන් පසු ‘හැම්ලට්’ සිනමාවට නැඟිම සඳහා කටයුතු යෙදීම ෂේක්ස්පියර් කේන්ද්‍රයේ අරමුණ වේ. - යතේජා
අනුරට සාම විනිසුරු පදවියක්
රංගන ශිල්පී අනුර ශ්‍රීනාත් පසුගියදා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීමකින් පිදුම් ලැබීය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතින් ඔහු ඊට අදාල පත්වීමේ ලිපිය බාරගත් අයුරුයි මේ.
ප්‍රභාස්වර 2016 හෙට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය සෞන්දර්ය අංශය වාර්ෂිකව ඉදිරිපත් කරන ‘ප්‍රභාස්වර 2016’ විවිධ ප්‍රසංගය හෙට (25 වැනිදා) අදියර දෙකක් යටතේ පෙරවරු 10.30ට සහ පස්වරු 6.00ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී නර්තන අංශයෙන් වෙස්, පූජා, වඩිග පටුන, ගිනි සිසිල, පන්දම් පාලිය වැනි නර්තනාංගද සංගීත අංශයෙන් සමූහ සරළ ගායනා, මවුපිය ගුණවරුණ, හින්දි ගී, නාඩගම් ගී, නූර්ති ගී, නව නාට්‍ය ගීත, ජන ගී, චිත්‍රපට ගී ද සමඟින් සිංහල නාට්‍ය අංශය ඉදිරිපත් කරන ‘මහ මැදුරට’ හා ඉංග්‍රීසි නාට්‍ය අංශය ඉදිරිපත් කරන ‘ලම්බර් රූම්’ කෙටි නාට්‍ය, ඔපෙරා ඇතුළු අංග රාශියකින් ‘ප්‍රභාස්වර 2016’ විවිධ ප්‍රසංගය සමන්විත වේ. විද්‍යාලයීය සෞන්දර්ය අංශයේ විශිෂ්ට දක්ෂතා සහිත සිසු දරුවන්ගේ විවිධ ගායන, නර්තන, වාදන සහ අනකුත් කලා හැකියාවන් වර්ධනයකර ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඔවුන් අගය කිරීම මෙම ප්‍රසංගයේ අරමුණ වේ. විදුහල්පති ලාල් දිසානායක මහතාගේ උපදෙස්මත විද්‍යාලයීය සෞන්දර්ය අංශයේ ගුරුභවතුන්, සිසු දරුවන් සහ දෙමාපියන් එකමුතුව ඉදිරිපත් කෙරෙන ‘ප්‍රභාස්වර 2016’ විවිධ ප්‍රසංගය නැරඹීමට සියලු දෙනාට විවෘතව ආරාධනා කෙරේ.
‘නලඳ මිනු සර’ ගී ප්‍රසංගය 27 දා නයිවල දී...
මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාලයේ 99 කණ්ඩායමේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන 'නලඳ මිනු සර' ගීත ප්‍රසංගය මෙම 27 වනදා වේයන්ගොඩ, නයිවල ඩ්‍රීම් පැරඩයිස් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සෝමතිලක ජයමහ, කසුන් කල්හාර සහ නෙලූ අධිකාරී ගායනයෙන් එක්වන මෙහි සංගීතය මෙහෙයවීම නාලක අංජන කුමාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙනි. නලින් හේරත් සමඟ පාරමී රණසිංහ කථනයෙන් දායක වෙති. |