වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




“මායා” දින 75 සපුරයි

“මායා” දින 75 සපුරයි

මායා චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පී රන්ජන් රාමනායකගේ ආරාධනයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී “මායා” චිත්‍රපටයේ දින 75 අති උත්කර්ෂවත් ලෙසින් සැමරුණි. තවද මේ සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හා මන්තී‍්‍රවරුන් වන ගයන්ත කරුණාතිලක, දයා ගමගේ, අනෝමා ගමගේ, විජිත් විජයමුණි සොයිසා, රුවන් විජේවර්ධන, මහින්ද අමරවීර, රවුෆ් හකීම්, හරීන් ප්‍රනාන්දු, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, තලතා ගුණසේකර, දයාසිරි ජයසේකර, පාලිත තෙවරප්පෙරුම, ඩී.එම්. ස්වාමිනාදන්, ෆයිසර් මුස්තෆා, නලින් බණ්ඩාර, එඩ්වඩ් ගුණසේකර, අංෂු මාරසිංහ, වේලු කුමාර්, විජයපාල හෙට්ටිආරච්චි හා අමීර් අලි යන පිරිස ඊට සහභාගී විය. එමෙන්ම දකුණු අපි‍්‍රකා, නෙදර්ලන්ත, ඇෆ්ගනිස්ථාන, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යද යන රටවල තානාපතිවරුන්ද මේ සඳහා සහභාගී විය. මෙම 75 වෙනි “මායා” සැමරුමට එහි නිෂ්පාදක ආර්. සදේශ් කුමාර් හා ශී‍්‍රමති සදේශ් කුමාර්ද චිත්‍රපටි අධ්‍යක්ෂක ඩොනල්ඩ් ජයන්ත හා එහි රංගන ශිල්පීන් වන පුබුදු චතුරංග සුසිලා කෝට්ටගේ, ඉෂාන් ගම්මුදලි, අනුර බණ්ඩාර රාජගුරු හා තවත් බොහෝ නළු නිළි පිරිසක්ද මෙම අවස්ථාවට එකතු විය.



ටවුමේ ස්කෝලේ ඇරැඹූ දා

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරනු ලබන ටවුමෙ ස්කෝලේ සිනමා සිතුවමේ මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. බිමල් ජයකොඩි, රොෂාන් පිලපිටිය, ජයනි සේනානායක, සුසිලා කෝට්ටගේ ආදීහු මෙහි රංගනයේ යෙදෙති. ටවුමෙ ස්කෝලේ දම්මික අතපත්තුගේ නිෂ්පාදනයකි.


සුමන අභයදාන සංගමයේ උපහාර

ශ්‍රී සුමන අභයදාන සංගමය මඟින් පසුගියදා කතරගම පූජා භූමිය පරිශ්‍රයේදී කලාකරුවන් වෙනුවෙන් උපහාර උලෙළක් පවත්වන ලදී. මේ එහිදී ගත් සේයාරුවකි. සනත් ගුණතිලක, සුනිල් අරුණ වීරසිරි, නිහාල් නෙල්සන්, රෝහණ හෙට්ටිආරච්චි, සුගතපාල සෙනරත් යාපා ඇතුළු පිරිස මෙහි වෙති. එම සංගමය මඟින් මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීමක් ද ඉකුත් දිනයකදී ගිරිවුල්ලේදී සිදු කරන ලදී.