දෙන්නම සුරතල්
දෙන්නම සුරතල්
![](roshana.jpg)
රොෂානා ඔන්ඩච්චිව අපට මේ දිනවලදී දකින්නට පුළුවන් වන්නෙ සිදු ටෙලි සිතුවමෙන්. මවක
ලෙසින් ඇය වෙනස්ම රංගනයක යෙදෙන බව බොහෝ දෙනෙකු කියනවා. රොෂානාට නි තර රඟපාන්න වෙන්නේ
ළමුන් දෙන්නෙක් එක්ක. එක් කෙනෙක් සිදු, අනෙක් කෙනා හිරුණි. මේ දෙන්නගෙ ඇත්ත නම් දෙක
කිව්වොත් නෙත්න සහ එලීෂා. වැඩි දෙනෙකු දන්නේ නැති වුණාට මේ දෙන්න රොෂානගේ නෑදෑයෝ.
ඉතින් ඒ සබඳකම නිසා නෙත්න සහ එලීෂා රොෂානා ළඟට එනවා සුරතල් වෙන්න. ඒ හින්දා ඇය මහත්
වූ ගැටලුවකට මුහුණදීලා. රොෂානා නෙත්නව ළඟට ගත්තොත් එලීෂාගේ මූණ දෙක වෙනවලු. එලීෂාව
ළඟට ගත්තම නෙත්න හොරෙන් බල බල රවනවලු. ඉතින් රොෂානා දැන් කරන්නේ දෙන්නවම ළඟට ගන්න
එකලු. සුරතල් කරනවා නම් දෙන්නවම සුරතල් කරනවලු.
|