|
||||||||||
අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමුමේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk ඔස්සේ නැරඹිය හැකියමනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ...මේ සුබපැතුම් ඔබටයි ළඳේපිළිගනු ප්රියේමනමාලි ඔහුගේ පෙම්වතිය මාගේඉන්නා තැනක් වේ නම්දෙවියෝ රකීවානුඹම දන්නවා මැව්ව හීනේබොඳ වී ගියාපින් මදි වුණා ද සසරේමගෙ වනු සදාදුක එපා මා නිසා ජීවිතේ සුබවනු සදාතරහ වෙන්න බෑ ඔබෙ ඔය සෙනෙහේතව දැනෙනවාතනි වෙන්න මාගෙ මිතුරා සිත කියනවාදුක එපා . . .ගායනය - චාමර වීරසිංහ පද රචනය - මනුරංග විජේසේකර සංගීතය - කසුන් වික්‍රමසිංහ මියුසික් වීඩියෝවේ අධ්යක්ෂ - විකුම් පියුමාල් (ඍසිනමා)
පසුගිය දිනවලදී සමාජ වෙබ් අඩවි කිහිපයකම යුරේනි නොෂිකාගේ අමුතු අන්දමේ ඡායාරූප කිහිප යක් පළ වෙලා තිබුණා. ඇය ඒවාහි පෙනී සිටියේ මංගල ඇඳුමෙන් සැරසිලා. සමහර පින්තූරවල යුරේනිත් සමඟ මනාලයකු ද හිටියා. ඉතා සීග්‍රයෙන් කතාවක් පැතිරිලා ගියා යුරේනි විවාහ වූ බවට. නමුත් ඇය මෙලෙස හැඩගැන් වුණේ චාමරගේ අලුත්ම ගීතය සඳහා රූප රචනයෙන් දායකවීමට. එහිදී ඇයගේ මනමාලයාට පෙනී සිටියේ මෙහි වීඩියීව අධ්‍යක්ෂණය කළ විකුම්. මේ වන විට චාමරගේ මෙම ගීතය අන්තර්ජාලයේ ඉතාමත් ජනප්‍රියයි. සාමාන්‍යයෙන් චාමර වීරසිංහ කියලා කියන්නේ ගීතමය රූප රචනා සඳහා ටිකක් අකැමැති කෙනෙක්. ඒ නිසා විකුම්ට සිදු වුණාලු මෙහි චාමරව ටිකක් අඩුවෙන් පෙන්වන්න. දිනක් පුරා ගම්පහ අවට රූ ගැන්වුණු මෙම වීඩියෝවේ කැමරා අධ්යක්ෂ චතුර ජනප්‍රිය නළු, නිවේදක කමල් දේශප්‍රියගේ ආදරණීය පුතණුවන් වීමත් විශේෂයි. ඈත ඈත ආකාසේ පුළුන් රොදක් වෙන්නට ආසයි
පුංචි සමනලියක් වාගේපියාඹන්න මං හරි ආසයිඈත ඈත ආකාසේපුළුන් රොදක් වෙන්නට ආසයිසුන්දර සඳපානේතරු දිලෙනා යාමේසුරංගනාවිය කතා කරයිසෙල්ලම් කරමු කියාතරු කැට අමුනාලාමල් මාලා ගොතලාපළඳාගෙන හැඩ වැඩ වෙන්නම්සුර කුමරිය වීලසාගායනය - අමන්දා දෙව්මිණි පෙරේරා පද රචනය සහ සංගීතය - විශාරද උපුල් පෙරේරා මියුසික් වීඩියෝවේ අධ්යක්ෂ - ප්‍රසාද් වික්‍රමසිංහ කැමරා අධ්‍යක්ෂණය - විරාජ් සූරියආරච්චි
දෙදහස් පහළොව වසරේ රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ ප්රශස්ථතම ළමා ගි රූප රචනය ලෙස සම්මානයට පාත්‍ර වූ මෙම ගීතය රත්නපුර ප්‍රදේශය අවට රූගත කොට තිබෙනවා. මෙය පද රචනා කොට සංගීතවත් කළ උපුල් පෙරේරා අමන්දාගේ පියාණන් ය. සෙල්ලම්ගේ පාළු වෙලා, ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ උපුල් විසින් සංගීතවත් කළ ජනප්‍රිය ගී අතර වේ. |
||||||||||