වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අපි ආදරය කරනවා වගේම සමාව දෙන්නත් පුරුදු වෙන්න ඕනෑ

අපි ආදරය කරනවා වගේම සමාව දෙන්නත් පුරුදු වෙන්න ඕනෑ

සමඟ ප්‍රේක්ෂක සිත් වසඟ කරන සුපිරි තාරකාව

පූජා උමාශංකර්

මම සුනිල් සර් ට එහෙම කිව්වේ විහිළුවට
සපැමිණි රුදුරු දුකදුරින්
හදවත ඇවිළුණු ගිනිදැලින්
අකම්පිතව දේවත්වය සෙවූ -
කණ්ණගී

සරාගයේ හී සර පහරින්
අන් හිමි හදවත විනි විදමින්
සළෙළ පාපයට ඔහු කැඳ වූ -
මාධවී

කණ්ණගී - මාධවී සෙනෙහස් දම
තුන්කොන් ප්‍රේමයකට පත් කළ -
කෝවලන්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ‘පත්තිනි’ සිනමා සිත්තම ඔස්සේ ප්‍රේක්ෂකයා අභිමුව තබන්නේ මේ තුන් කොන් ප්‍රේම වෘත්තාන්තයේ අතිශය ප්‍රේමනීය හා ශෝචනීය කථා පුවතය.

‘පත්තිනි’’ යනු පත්තිනි දෙවඟන පිළිබඳ කළ නිර්මාණයක් නොව ඇයගේ මනුෂ්‍යය ආත්මභාවය අලළා කළ නිර්මාණයකි. සොළී රටෙහි කාවේරී නුවර උපන් ඇගේ නම කණ්ණගීය. කණ්ණගී වනාහී පරම පති භක්තියේත්, නිකැළැල් ආලයේත් අනන්ත ඉවසීමෙත්, අප්‍රමාණ කැපවීමේත් ප්‍රතිමූර්තියයි’.

වත්මන් ලාංකේය සිනමාවේ ජනප්‍රියතම නිළි පූජා උමාශංකර් මෙහි ‘කණ්ණගී’ ගේ චරිතයට පණ පොවන්නීය. පූජා අප හා සොඳුරු පිලිසඳරකට එක් වූයේ මෙලෙසිනි.

පූජා, ඔයා ආයෙත් අපේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයට, ගෞරවයට, අවධානයට ලක් වෙලා. මේ ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

හරිම සතුටුයි අයියා. මේ හැම දේම මට ලැබුණේ ‘පත්තිනි’ චිත්‍රපටය නිසා. කණ්ණගී තමයි මාව ආයෙත් ලංකාවේ ජනප්‍රිය නිළියක් කළේ.

මුලින්ම මේ චිත්‍රපටයේ රඟපාන්න බෑ කිව්වලු?

ඔව් අයියා මම රෙෆියුස් කළා මුලින්ම. අලුත් කට්ටියට ඉඩ දෙන්න ඕනෑනෙ. මේක ලස්සන කැරැක්ටර් එකක් නිසා අලුත් ග(ර්)ල් කෙනෙක් ඉන්ට්‍රොඩියුස් කළොත් හොඳයි නේද කියලා තමයි මම හිතුවේ. ඒකයි මම සුනිල් සර්ට කිව්වේ You take Somebody New කියලා.

ඔයා කැමැති වුණේ නැහැලු කවුරුවත් ඔයාට වඳිනවාට?

එහෙම නෑ අයියා. මම සුනිල් සර්ට මොනවා හරි කියන්න එපායැ. විහිළුවට කිව්වේ ඕක. එයාට මම දැන් ඉස්සෙල්ලා කිව්වා අලුත් ග(ර්)ල්ව ගන්න කියලා. එතකොට අයියා තව කෙනෙකුට චාන්ස් එකක් නේ. ඊට පස්සේ මම කිව්වා කණ්ණගී රෝල් එක නම් මම කරන්නම් ‘පත්තිනි’ දේවියගේ නම් බෑ කියලා. එතකොට සුනිල් සර් කිව්වා ‘කමක් නෑ ඔයා කණ්ණගී ගේ චරිතය කරන්න, පත්තිනිගේ රෝල් එකට වෙන කෙනෙක් ගන්නම් කියලා. පස්සේ මට කණ්ණගී ගේ රෝල් එක කරන්න වුණා.

සුනිල් සර් විතරක් නෙවෙයි තවත් කීප දෙනෙක් ඔයාට බල කළා මේ චරිතය රඟපාන්නමයි කියලා?

මුලින්ම මට ධම්මික අංකල් කියලා තිබුණා ‘දුව මේ චරිතය කරන්න ලස්සනයි’ කියලා. අපරාදේ ධම්මික අංකල් (ධම්මික සිරිවර්ධන) නැති වුණානේ. ඊට පස්සේ සෝමේ අයියයි, රේණු අක්කියි දෙන්නත් කිව්වා. ‘සුනිල් සර් කිව්වා පූජා නැතිනම් මේ චිත්‍රපටය කරන්නේ නෑ’ කියලා. ඉතිං මම මේ චරිතය බාර ගත්තා. අවුලක් නෑනේ. ඒත් ඇත්තටම මට ඕනෑ වුණේ අලුත්, තරුණ නිළියකට ඒ අවස්ථාව ලබා දෙන්න.

ඔය බොරු. පූජා ගණං ඉස්සුවේ තමන්ව ඩිමාන්ඩ් කර ගන්න නේද?

අනේ නෑ අයියා. මම මොකටද බොරු කියන්නේ. අපේ සිනමාවේ තරුණ නළුවො ඉන්නවා. උද්දික, හේමාල්, රොෂාන් වගේ අය. ග(ර්)ල්ස් තමයි අපිට අඩු. තරුණ නිළියෝ. අලුත් ග(ර්)ල්ස් ඕනෑනේ අපිට එතකොට. ඒක නිසා.

සමහරු කියනවා ඔයා ‘කුස පබා’ චිත්‍රපටයේ පබාවතීගේ චරිතයටත් වඩා හොඳින් මේ චරිතය රඟපෑවා කියලා?

මෙහෙමනේ අයියා, ඩිරෙක්ටර් අපට දෙන රෝල් එක අනුව තමා අපට රඟපාන්න පුළුවන්. අයියා දැන් මගේ දෙමළ චිත්‍රපට බලන්නකෝ. ‘නාන් කඩුවල්’ චිත්‍රපටයට මට ගොඩක් සම්මාන ලැබුණා. තව ‘පට්ටියෙල්’ කියලා ජ්ඪතථ එකක් තියෙනවා. මේ චරිත දෙක ගොඩක් වෙනස්. ඒ වගේම පබාවතීගේ චරිතයයි, කණ්ණගීගේ චරිතයයි දෙකක්. ඉධ ච්ඪටඥපඥදජඥ ලේසියෙන් රඟපාන්න පුළුවන් චරිතත් තියෙනවා. මේ දෙකම ලස්සනට බැලන්ස් කරගෙන යන්න ඕනෑ. ලව් රෝල්ස් වගේම ගොඩක් දුෂ්කර චරිතත් කරන්න ඕනෑ. එතකොට තමයි ඒජබඪදඨ ඹ්ඪටඥ එක සාර්ථකයි කියලා සතුටු වෙන්න පුළුවන් වෙන්නේ.

රඟපෑමේදී ඒ වේරියේෂන්ස් තියෙන්න ඕනෑ?

ඔව් අයියා ඒ වේරියේෂන්ස් එන්නේ හොඳ ස්ක්‍රිප්ට්ස් ලැබුණොත් විතරයිනේ. කැරැක්ටර් එක තියෙන විදිහටනේ අපි රඟපාන්න ඕනෑ.

මේ චිත්‍රපටයේ ගොඩක් ලස්සන පෙම් ජවනිකා තියෙනවා. ඔයා කෝවලන්ට විතරක් නෙවෙයි, ප්‍රේක්ෂක අපට පවා දැනෙන විදිහට Love කරනවා. කොහොමද මෙච්චර හොඳට ආදරය කරන්න ඉගෙන ගත්තේ?

සුනිල් සර් කණ්ණගී හඳුන්වන්නේ ආදරයේ දෙව්රුව කියලා. එයාගේ ආදරය හරිම නිර්මලයි. පිවිතුරුයි. ඒ නිසානේ කණ්ණගී තමන්ව අත්හැරලා ගිහින් වෙන තරුණියක් එක්ක විවාහ වෙලා එයාගේ ජීවිතේ මහ මඟට ඇදලා දාපු සැමියාට පවා සමාව දෙන්නේ. වැරදි කරපු කෙනෙකුට ‘හා කමක් නෑ ඒක අමතක කරලා දාමු’ කියලා සමාව දෙන්න හදවතේ පුදුම ආදරයක් තියෙන්න ඕනෑ. ඒක ලොකු සැක්රිෆයිස් එකක්. ආත්ම පරිත්‍යාගයක්. කෝවලන් තමන්ව අත්හැරලා වෙන ගෑනියෙක් එක්ක යනවා. ඊට පස්සේ කණ්ණගී ජීවත් වෙන්නේ හරිම දුකෙන්. එයාට කන්න බොන්න පවා නැති වෙනවා. සිටු මැදුර අහිමි වෙනවා. ‘අපෝ එයාගෙ මනුස්සයා එයාව දාලා ගිහින්’ කියලා අහල පහල අය එයාට විහිළු කරන්න ඇති එදා. අවලාද නගන්න ඇති. ඒත් කණ්ණගී ඒ සියල්ලම විඳ දරා ගත්තා ආදරය වෙනුවෙන්.

ඒ කියන්නේ අපි මතුපිටින් දැකපු ආදරයට වැඩි දෙයක් ඔයාගේ ඇතුලාන්තයේ තිබුණා?

අනිවාර්යයෙන්ම අයියා. ඒක මම හිතන්නේ බොහොම ආධ්‍යාත්මික ආදරයක්. ඒ වගේම අමතක කරන්න එපා ඇය ශක්තිමත් ගැහැනියක්.

ඔයාගේ සත්‍ය ජීවිතයේදී මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්නොත් පූජා මොකක්ද ගන්න තීරණය?

අපේ ඇත්ත ජීවිතයේදීත් ආදරය, කරුණාව, සමාව දීම තියෙන්න ඕනෑ. ඒත් සමහරු බොරුවට, වංචාවට ආයෙත් එනවානේ. එහෙම අය ජීවිතේට ලං කර ගත්තොත් සමාව දුන්නොත් එක මෝඩකමක්, හරිද? හැබැයි අවංකවම තමන් කරපු වැරැදි තේරුම් අරගෙන කවුරු හරි ආයේ හොඳට ජීවිතේ ගෙනියන්න උත්සාහ කරනවා නම් අපි ඒ අයට සමාව දෙන්න ඕනෑ අයියා. හැම කෙනෙකුගේ ජීවිතවල වැරැදි අඩුපාඩු වෙනවා. ඒත් අපි සමහර වෙලාවට චාන්සස් දෙන්න ඕනෑ. අපි කවුරුවත් ගැන ජජ් කරන්න හොඳ නෑ. ජජ් කරන්නේ දෙවියෝ විතරයි. God Only.. අපි ආදරය කරනවා වගේම සමාව දෙන්නත් පුරුදු වෙන්න ඕනෑ. ඒත් සමහරු වැරදි කරලා බොරවට ඇවිත් කියනවා ‘අනේ මට සමාවෙන්න, මම ආයේ වැරැදි කරන්නේ නෑ’ කියලා. ඔන්න එහෙම මිනිස්සුන්ට නම් අහුවෙන්න හොඳ නෑ.

කාටත් හොඳ අවවාදයක් ඔයා කළේ?

දෙවියෝ අපට දීලා තියෙනවානේ ‘බුද්ධිය’ අයියා. ඉන්ටලිජන්ස් කියන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා අයියා ‘විස්ඩම්’ කියලා. මොකක් ද විස්ඩම් කියන්නේ.

ප්‍රඥාව.

අන්න රයිට්. අපි ඔය දෙකම පාවිච්චි කරලා තමයි මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕනෑ. කවුරුත් වැරැදියි කියලා කියන්න අපට අයිතියක් නෑ අයියා හොඳේ. ඔක්කොටම ගරු කරලා, ඔක්කෝටම ආදරය දීලා, ඔක්කොමත් එක්ක එකට ඉඳලා, වැරැදිවලට සමාව දීලා තමයි අපි ජීවත් වෙන්න ඕනෑ. හැබැයි වංචා කරන, බොරු කරන, හොඳ නැති කට්ටිය Lifeවලින් අයින් කරලා දාන එක තමයි හොඳ. නැත්නම් අපට ගොඩක් ප්‍රශ්න, කරදරවලට මුහුණ දෙන්න වෙයි. එහෙම අය අපිව හැමදාම පල්ලෙහාට දාන්න තමයි බලන්නේ. අපිට උඩට යන්න දෙන්නෙත් නෑ ඒගොල්ලෝ.

පූජාගේ කතාවෙන් මට තේරෙන්නේ ඔයාගේ ප(ර්)සනල් ලයිෆ් එකෙත් එහෙම පොඩි, පොඩි දේවල් සිද්ධ වෙලා තියෙනවා වගේ?

මගේ විතරක් නෙවේ අයියා, ඔයාලගේ ලයිෆ්වල බලන්නකෝ. කී දෙනෙක් ඉන්නවද අයියාට සපෝට් එක දීලා, එන්කරේජ් කරලා හරි, ඔයා උඩට යන්න කියලා කියන. ඔයාගේ මූණ ඉස්සරහ හොඳ කියලා ඔයාගේ පිටිපස්සට ‘අපෝ එයාට පිස්සු’ කියලා කියන කී දෙනෙක් ඉන්නවාද? එතකොට අයියා දැනගන්න ඕනෑ කවුරු කවුරුද හොඳ, කවුරු කවුරුද නරක, කාගෙත් එක්ක කොහොමද ඉන්න ඕනෑ කියලා. හැබැයි ඔක්කොමලත් එක්ක එකමුතුකම තමයි තියෙන්න ඕනෑ.

කාගෙ කාගෙත් හැටි දැනගෙන තමයි අපි කෙනෙක් ආශ්‍රය කරන්න ඕනෑ?

ඔව් අයියා, මට කවුරු හරි බැන්නත් දැන් නම් මම කලබල වෙන්නෙවත්, කේන්ති ගන්නෙවත් නෑ. එයාගේ හිතේ තියෙන එකනේ කියන්නේ. හරි අමාරුවෙන් ඉන්න නිසානේ බනින්නේ අපිට. එයාගේ මනස ශාන්ති නෑනේ එතකොට. මට නම් තියනවා. මම හොඳට නිදාගන්නවා. මම වැරැදි කරලා නෑ.

කණ්ණගීගේ ප්‍රේමණීය බව වගේම ඇයගේ නපුරු ස්වභාවයත් ඔයා හරි අපූරුවට රඟපානවා?

නපුරු නෙමෙයි අයියා. නපුරුයි කියන වචනය හරි වැරැදියි. නපුරුයි කියන්නේ අයියා හිත හොඳ නෑ. නපුරුයි, කපටියි කියන දෙකම හරි නෑ. කණ්ණගී නපුරු නෙවේ, ශක්තිමත් කාන්තාවක්. ඇත්ත කියනකොට අපි නැගිටිනවානේ. හැම කෙනෙකුටම තියෙන්න ඕනෑ සෙල්ෆ් කන්ෆිඩන්ස් එකක්. ආත්ම විශ්වාසයක්. ‘කණ්ණගී’ රජ්ජුරුවන්ගේ මූණට එඩිතරව කතා කරන්නේ එයා වැරැදි කරලා නැති නිසා. එයා හොඳ හිතින්නේ ඔක්කොම කරලා තියෙන්නේ. ඒ නිසා කෙළින් කතා කරන්න එයාට අයිතියක් තියෙනවා.

‘පත්තිනි’ ෂූට් කරද්දී අමතක නොවන සිදුවීම් එහෙම වුණාද පූජා?

එහෙම නෑ අයියා. හැමදාම අපි නිදිමරාගෙන කට්ට කෑවා ඉතින්. උදේ පාන්දර 4.00 ට නැගිටිනවා. සමහර වෙලාවට රෑ 10.00 විතර වෙනකල් ෂූටිං. ආයේ පහුවදා 4.00 ට නැගිටිනවා. ඒ වෙලාවට ‘අපෝ ආයෙත් නම් මේ ෆිල්ම්ස් කරන්න හොඳ නෑ’ කියලා හිතෙනවා. ඒත් ෆිල්ම් එක බලද්දී ඒ විඳපු දුක් සේරම නැති වෙලා යනවා. ඒ සේරම අමතක වෙනවා.

ප්‍රේක්ෂකයෝ ඒ රඟපෑම් අගය කරන කොට තවත් සතුටුයි?

ඇත්තමයි. ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ ඒ ආදරය මට ලොකු සම්පතක්. ආශිර්වාදයක්. ‘පත්තිනි’ නරඹලා ඒ අය මට දක්වන ප්‍රතිචාරය හරි විශාලයි. සමහරු ‘පත්තිනි’ පෝස්ට(ර්)ස් ළඟ ඉඳන් මගේ පින්තූරෙත් එක්ක සෙල්ෆි ගහලා Facebook  එකට දානවා. මට විවිධ කමෙන්ට්ස් දෙනවා. මම කියන්නේ මට ඒ වගේම පත්තිනි චිත්‍රපටයට දෙන සපෝට් එක අනෙක් චිත්‍රපටවලටත් දෙන්න කියලා. දැන් ‘ආදරණිය කථාවක්’, ‘ආලෝක උදපාදී’, ‘මායා’ වගේ ලස්සන ෆිල්ම්ස් ටික එනවා නේද? ඒ චිත්‍රපට ඇවිල්ලා බලන්න ඕනෑ අයියා. ඒගොල්ලන්ට සහයෝගයක් දෙන්න එපායැ අපි. ඒගොල්ල මොනවා හරි Risk එකක් ගත්තේ මේ සිනමාව වෙනුවෙන්. පේ‍්‍රක්ෂකයෝ වෙනුවෙන් ඒගොල්ල Risk  එකක් ගත්තා. ඒ නිසා අපි ඒ අය ආරක්ෂා කරන්න ඕනෑ. මම කියන්නේ D.V.D වලින් නෙවෙයි, සිනමා ශාලාවලට ගිහින් චිත්‍රපට නරඹන්න කියලයි.

පූජාගේ ඉස්සරහට එන්න තියෙන සිංහල Films  මොනවාද?

සදේශ් කුමාර්ගේ චිත්‍රපටයක් කළා. ඒකෙ මාත් එක්ක රඟපාන්නේ හේමාල් සහ උද්දික. ඒ චිත්‍රපටයට නමක් තාම දාලා නෑ අයියා. ඊට පස්සේ සෝමරත්න දිසානායකගේ ‘සරිගමප’ චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ Editing  තමයි මේ දවස්වල යන්නේ. ඒ චිත්‍රපට දෙකම ලස්සනයි අයියා.

පූජා මේ ප්‍රශ්නයට ඔයා ඇත්තම කියනවද?

ඇයි අයියා මම මෙච්චර වෙලා ඔයාට කිව්වේ බොරු නෙවෙයිනේ...

හරි එහෙනම් කවුද ඔයා වඩාත් කැමැති ශ්‍රී ලාංකික නළු, නිළි යුවළ?

අම්මෝ ඒක හරි අමාරු ප්‍රශ්නයක්. එක් කෙනෙක් කියලා කියන්නේ කොහොමද? ඔක්කොමලාගෙන් මම ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එක් කෙනෙක් කියලා තෝරා ගන්න බෑනේ. හැම ආ(ර්)ටිස් කෙනෙක්ගෙන්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඔක්කොමලා මගේ ෆේවරිට්ස්ලා තමයි.

ඔය කිව්වේ බොරුවක්. එක්කෙනෙකුගේ නම කිව්වොත් අනෙක් අය තරහා වෙයි කියලා?

මම කිව්වේ ඇත්ත. මාලිනී අක්කිගෙන් ඉගෙන ගත්ත දේවල් තියෙනවා මම. එතකොට අවන්ති අක්කිගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එතකොට වීණා අක්කි, නීටා අක්කි. අම්මෝ කොහොමද තෝරන්නේ. හරි අමාරුයි අප්පා. බෑ... බෑ... බෑ...

ඒ කියන්නේ අපේ ලංකාවේ නළු නිළියෝ හරි හොඳයි. ඒ අය ගොඩක් දක්ෂයි කියලද ඔයා කියන්නේ?

ය(ර්)ස් ඔෆ්කෝස්. අනිවාර්යයෙන්ම. එයාලා අනිවාර්යයෙන්ම හොඳයි. නෝ ඩවුට්.

ඔයාගේ පෞද්ගලික ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද පූජා?

කෝ අනේ ප(ර්)සනල් ලයිෆ් එකක් තියෙන්න එපායැ. කෝ වෙලාවක්. මගේ ප(ර්)සනල් ලයිෆ් නෑ දැන්. ඔක්කොම ෆිල්ම්ස්. ඒ ප්‍රෝග්‍රෑම්ස්, ඉවෙන්ට්ස් එක්ක තමයි ලයිෆ් එක ගත වෙන්නේ. මට නිදා ගන්න වෙලාවක් තිබ්බොත් ලොකු දෙයක්.

එහෙම කියලා බෑ. ඔයා වගේ රූමත්, යොවුන් නිළියකට ආදරේ කරන්න වෙලාවක් නැති වෙන්න බෑනේ. ඇත්තටම පූජාගේ ආදරය පූජා කරලා තියෙන්නේ කාටද?

දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ ජීවිතයට හොඳ සහකරුවෙක් කෙනෙක් ලැබෙන බව මට විශ්වාසයි.

ඒ කියන්නේ තාම නෑ?

නෑ අයියා එහෙම වුණෙත් මම අයියට කියන්නම්කෝ. ඩ්ඥ ඪඵ ධද බඩඥ ඹචර. තාම එයා මම හිතන්නේ මඟ එනවා.