වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සහන්ගෙන් ජන ගී දන්සලක්

සහන්ගෙන් ජන ගී දන්සලක්

දන්සලක් කිව්ව ගමන් බොහෝ දෙනෙකුට මතක් වන්නෙ කෑම හෝ බීම. මොකද අප රටේ සම්ප්‍රදායට අනුව දන්සලකින් ලැබෙන්නෙ කුසගිනි නිවන දෙයක් නිසා නමුත් එළඹෙන වෙසඟ නිමිත්තෙන් සහන් රන්වල ප්‍රමුඛ, රන්වල බලකාය කෑම බීම නොමැති දන්සලක් සංවිධානය කරලා. ඒක ජන ගී දන්සලක්. අපේකම රැගත් නිර්මාණ එකතුවකින් සමන්විත මෙය පැවැත්වෙන්නෙ ලබන ඉරිදා එනම් 22 දා කොළඹ බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව අසල. රාත්‍රී 7 ට මේ දන්සල ආරම්භවීමට නියමිතයි. ඇත්තටම කිව්වොත් මෙය කුස පිරෙන දන්සලක් නොව ජීවිතයට අලුතින් යමක් හිතන්න දෙයක් ලබා ගත හැකි දන්සලක්.