|
‘මධුර චාරිකා’ට ඇම්ස්ටර්ඩැම් සම්මානඋදයකාන්ත වර්ණසූරියගේ නවතම චිත්‍රපටය වූ ‘මධුර චාරිකා’ සඳහා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩැම් චිත්‍රපට උලෙළේ ජූරියේ විශේෂ සම්මානය හිමි වී තිබේ. රටවල් 20ක් මෙවර මෙම චිත්‍රපට උලෙළට තරග වැදිණි.
ලකී - ශ්‍රියන්ත මුල්වරට එකට
ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් එකවර චිත්‍රපටක් සහ ටෙලි නාට්‍යයක් තිළිණ කිරීමට සූදානමෙන් සිටියි. ලකී ඩයස් අධ්‍යක්ෂණය කරන ‘බ්‍රේකින් නිව්ස්’ චිත්‍රපටය හාස්‍ය ගෙන එන චිත්‍රපටයක් වන අතර ‘සීතල ගිනි දැල්’ ටෙලි නාට්‍යයෙන් පාතාල ලෝකයෙන් මීදි සාර්ථක වූ ව්‍යාපාරිකයෙකු පසුපස හඹා එන තවත් පාතාල සාමාජිකයෙකු අතර ඇති වන ගැටුමක් ගෙන එයි. ‘බ්‍රේකින් නිව්ස්’ චිත්‍රපටයේ ලකී ඩයස් සමඟින් විජය නන්දසිරි, මහේන්ද්‍ර පෙරේරා, රෙක්ස් කෙඩිප්පිලි, ගයේෂා පෙරේරා, හිමාලි සිරිවර්ධන, ශිරෝමිකා ප්‍රනාන්දු, ලසන්ත උඩුකුඹුර, විශ්ව ලංකා, කපිල සමරකෝන් රගනයෙන් දායක වෙති. සංගීතය - දර්ශන රුවන් දිසානායක, කැමරාකරණය - උද්දික මංගල, සහය අධ්‍යක්ෂණය – ප්‍රියන්ත පතිරණ, ආනන්ද කපුගේ, බුවනෙක රණවක, කලා අධ්‍යක්ෂණය - කොට්ටාරමුල්ලේ චමිල, සංස්කරණය – අනුර බණ්ඩාර විසිනි. වසර ගණනක් රංගන ක්ෂේත්රයේ කටයුතු කළත් ලකී ඩයස් සහ ශ්‍රියන්ත මෙන්ඩිස් ප්‍රථමවරට හමු වෙන්නේ ‘සීතල ගිනි දැල්’ ටෙලි නිර්මාණය සමගිනි. ‘සීතල ගිනි දැල්’හි ලකී - ශ්‍රියන්ත සමඟින්, කාවිංග පෙරේරා, ශාලිකා එදිරිසිංහ, ඉෂාරා සඳමිණි, රුවන්ති මංගලා, ආනන්ද සමරනායක, සජීව මල්මාලආරච්චි, ශිරෝමිකා ප්‍රනාන්දු, කුමාර රණපුර, කපිල සිගේරා,කපිල සමරකෝන්, ධනංජි තාරුකා, නීතා සමරනායක ඇතුළු පිරිසක් රංගන දායකත්වය ලබා දෙති. ‘සීතල ගිනි දැල්’ ජූනි 01 වැනිදා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය කිරීමට නියමිතය.
ලේක්හවුස් බැති ගී අසන්න 21-22 දා ඔබත් එන්නඑළැඹෙන වෙසක් පෝදින ලේක්හවුස් ආයතනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘අමා දහර බැති ගී සරණය’ මෙම මස 21 සහ 22 යන දිනයන් හි රාත්‍රී 7 ට ලේක්හවුස් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය. ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමඟ ලේක් හවුස් කණ්ඩායම ගායනයෙන් දායකත්වය දක්වන මෙහි සංගීත අධ්‍යක්ෂණය රෝහණ ධර්මකීර්තිගෙනි. අමා දහර කලාකරුවන් සම්බන්ධිකරණය සරසවිය පුවත්පතේ උපකර්තෘ අසංක දේවමිත්ර පෙරේරාගෙනි.
ඇගේ ඇස අගට On line booking
අශෝක හදගමගේ ඇගේ ඇස අග සිනමාපටය මේ වනවිට ඉතා විශාල පේ්රක්ෂකයන් ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා ආසන වෙන්කරගන්නා බව වාර්තාවෙයි. අයහපත් කාලගුණය ගැන නොතකා ද සිනමා ලෝලීන් ඇගේ ඇස අග නැරැඹීම සඳහා මෙවන් වූ උනන්දුවක් දැක්වීම මෙරට සිනමා ගැන සුබවාදී බලාපොරොත්තු ඇති වන්නකි. ස්වර්ණා මල්ලවාරච්චිගේ දෙවැනි සිනමා ආගමනය ලෙස සැලකෙන ඇගේ ඇස අග සම්මානීය බෙංගාල සිනමා නළු ද්රිතිමන් චැටර්ජි, රිතිකා කොඩිතුවක්කු සඳලි ඈෂ් ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි. විත්රාල් සෝමපාලගේ සංගීත අධ්‍යක්ෂණයකි. ඔහු විසින් තේමා ගීතය ගයනු ලබයි. රවීන්ද්‍ර ගුරුසිංගේ සංස්කරණයකි. චන්න දේශපි‍්‍රය සංස්කරණයෙන් ද දිනිදු ජාගොඩ වර්ණ සංයෝජනයෙන් ද උපුල් චමිල කලා අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා එක්විය. පුර්ණිමා මුහන්දිරම්ගේ ඇඳුම් නිර්මාණයෙකි. සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ඉතා සීමිත දින ගණනකට ඇගේ ඇස අග තිරගත වනු ඇත. මෙය සිළුමිණ ෆිල්මිස් වෙනුවෙන් ආචාර්ය ජගත් විජේනායකගේ නිෂ්පාදනයකි.
ජාතික රූපවාහිනියෙන් ටෙලි තොරණක්ජාතික රූපවාහිනියේ ත්‍රිමාන සහ ද්විමාන සජීවිකරණ මාධ්‍යයන් ඔස්සේ නවතම ටෙලි තොරන් අත්දැකීමක් ශ්‍රී ලාංකේය ටෙලි ඉතිහාසයේ ප්‍රථම වරට පේ්රක්ෂකයන්ට ලබාදීමට කටයුතු යොදා ඇත. සිනමා හා හඬ කැවීම් ඒකකයේ අධ්යක්ෂ අතුල රන්සිරිලාල්ගේ රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ "පංච රූප කතා වස්තුව" නම් ද්විමාන ටෙලි සජීවිකරණ තොරන් අත්දැකීම මැයි 22 වැනි දින ප.ව 1.00 ට විකාශනය වීමට නියමිතය. මෙහි සංගීතය ජයන්ත රත්නායකගෙනි. සජීවීකරණයට අනිල් සූසන්, සංජය ගුණරත්න, චරිත රණසිංහ, අයේෂ් වාද්දුවගේ, රුවන් පෙරේරා දායක වී තිබේ. හඬ රංගනයෙන් සඳුන් විජේසිරි, නිස්සංක දිද්දෙණිය, රසාදරී පීරිස්, වික්‍රම සෙනෙවිරත්න, නිමල් ජයසිංහ ආදී ප්‍රවීණයන් පිරිසක් දායක වූහ.
ආදරණීය කතාවක් 10 දා තිරයට - දමිළ උප සිරැසි පිටපත් යාපනයට
පි‍්‍රයන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය ආදරණීය කතාවක් එළඹෙන ජුනි මස 10 වැනිදා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීමට නියමිතය. කොළඹ එම්. සී, එම්පයර් ආකේඩ් සිනමා ශාලාවේ සහ යාපනය මැජෙස්ටික් යන සිනමා ශාලාවන් හි දමිල උපසිරැසි සමඟ මෙය පේ්රක්ෂකයන්ට දැකගත හැකිවීම විශේෂත්වයකි. හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසුරිය, බිමල් ජයකොඩි සමඟ අරුණි රාජපක්ෂ ප්‍රධාන චරිතය මවන මෙහි සෙසු චරිතයන් මොරීන් වාරුනි, වෙලේගෙදර රණසිංහ, අංජලී ලියනගේ සුරංගා රණවක ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි. චමින්ද ගමගේ සහ පි‍්‍රයන්ත කොළඹගේ නිෂ්පාදනය කරනු ලැබූ ආදරණීය කතාවක් හි කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තාගෙනි. මංජුල අයගම කලා අධ්‍යක්ෂණයකි, නලීන් පේ‍්‍රමතිලකගේ අංග රචනයකි. උදාර සමරවීර සංගීත අධ්‍යක්ෂවරයාය. කතාව දෙබස් තිර රචනය උවනි චාමිකා, වජිර කස්තුරි සමඟ පි‍්‍රයන්ත කොළඹගේ විසිනි. අමල් පෙරේරා, කසුන් කල්හාර, අමිල පෙරේරා, චිත්‍රාල් සෝමපාල, උරේෂා රවිහාරි, කුෂානි සඳරේඛා ගීත ගැයුමෙන් එක් විය. ආදරණීය කතාවක් පි‍්‍රයන්ත කොළඹගේ ගේ සිව්වැනි සිනමා පටය වේ. ඔහු මීට ප්‍රථම දැහැන, විමුක්ති, අරුමෝසම් වැනි චිත්‍රපට නිර්මාණය කරන ලදී.
ජන කරළියේ නව නිර්මාණය 24 දා එළි දකීජනකරළිය සංස්කෘතික පදනමේ නව නාට්‍ය නිෂ්පාදනයක් වන, රාසයියා ලෝගනාදන් සහ සුමුදු මල්ලවආරච්චි අධ්‍යක්ෂණය කළ ‘වටළුවෝ සහ උලෝළුවෝ’ නාට්‍යයේ දර්ශනයක් මේ මස 24 වැනිදා කොළඹ 07, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදී වේදිකාගත කෙරේ. ජර්මන් නාට්‍යකරු බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ‘රවුන්ඩ් හෙඩ්ස් ඇන්ඩ් පොයින්ටඩ් හෙඩ්ස්’ නාට්‍ය ඇසුරින් ‘වටළුවෝ සහ උලෝළුවෝ’ නිර්මාණයකර තිබේ. පරිවර්තනය හසිනි හපුතන්ත්‍රී විසිනි. නිශාන්ත කුලරත්න, සුමුදු මල්ලවආරච්චි, රාසයියා ලෝගනාදන්, රුවිනි ඩිලන්ති, රොනිකා චාමලී, විමුක්ති කිරිඇල්ල, කෙනත් රෝහණ,සරත් බානගල ඇතුළු ජනකරළිය ශිල්පීහු මෙහි රංගනයෙන් දායක වෙති. අංග රචනය පාලිත අබේලාල් සහ සෙල්වරාජා ලලාවති විසිනි. රංගාලෝකය අජන්තන් ශාන්තිකුමාර්ගේ වන අතර සංගීත නිර්මාණය සුමුදු මල්ලවආරච්චිගෙනි.
ශේක්ස්පියර් චිත්‍රපටය අද
මහා ගත්කරු විලියම් ශේක්ස්පියර්ගේ 400 වැනි සංවත්සරය වෙනුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය හා ශ්‍රී ලංකා පදනම මඟින් ශේක්ස්පියර් සිනමා උළෙලක් සංවිධානය කොට ඇත. එහි දෙවැන්න ලෙස අද (මැයි 19) පස්වරු 5.00 ට ඒඵ රධභ තඪඬඥ ඪබ චිත්‍රපටය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී තිරගත කිරීමට කටයුතු යොදා ඇත. චිත්‍රපටය අවසානයේ දී ඒ පිළිබඳ විවෘත සාකච්ඡාවක් ද පැවැත්වෙනු ඇත.
සරත් රූපසිංහ සය වැනි ගුණානුස්මරණ
අභාවප්‍රාප්ත චිත්‍රපට නිෂ්පාදක අධ්යක්ෂ සරත් රූපසිංහයන්ගේ හයවැනි ගුණාඅනුස්මරණය නිමිති කරගනිමින් මෙම මස 20 වැනිදා සවස කෙරවලපිටිය ශාන්ති ආරාමයේ දී දානමය පුණ්‍ය කටයුක්තක් සිදු කිරීමට නියමිතය. 21 වැනිදා ඔහුගේ නිවෙසේ දී වියලි ආහාර බෙදා දීමක් ද සිදු කෙරේ. මේ සඳහා සහභාගීවන්නට යැයි සරත් රූපසිංහගේ බිරිය විවෘත ආරාධනාවක් කරයි. |