|
දෙරණ සිනමා සම්මානජැක්සන් හොඳම නළුවා - කෞශල්‍යා හොඳම නිළිය හෝගානා පොකුණ හොඳම සහ ජනප්‍රිය චිත්‍රපටය ස්වර්ණාට යාවජීව සම්මානය
සිව් වැනි සිනමා සම්මාන උලෙළ පසුගිය නිමාවට පත් වූයේ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ හෝ ගානා පොකුණ හොඳම සිනමාපටය ලෙස අභිෂේක ලබමිනි. එහිදී හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය ප්‍රසන්න විතානගේ හිමි කර ගන්නා ලදී. ඒ ඔබ නැතුව ඔබ එක්ක සිනමාපටයේ අධ්‍යක්ෂණය වෙනුවනි. ඇඩ්රස් නෑ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජැක්සන් ඇන්තනි හොඳම නළුවා ලෙසද බොරදිය පොකුණ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කෞශල්‍යා ප්‍රනාන්දු හොඳම නිළිය ලෙසින්ද සම්මානයට පාත්‍ර විය. එහි සෙසු සම්මානයක් මෙසේය. හොඳම තිර රචනය - සත්‍යජිත් මාඉටිපේ - බොරදිය පොකුණ හොඳම සහාය නළුවා - ජයලත් මමෝරත්න - හෝගානා පොකුණ හොඳම සහාය නිළිය - සබීතා පෙරේරා - ඇඩ්රස් නෑ හොඳම කැමරා අධ්යක්ෂ - චන්න දේශප්‍රිය - ඇඩ්රස් නෑ හොඳම සංස්කරණය - අජිත් රාමනායක - ප්‍රවේගය හොඳම සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් සුබසිංහ - හෝගානා පොකුණ හොඳම ඇඳුම් නිර්මාණය - නිමල් සෝමරත්න - ඇඩ්රස් නෑ හොඳම අංග රචනය - හර්ෂ මංජුල - ඇඩ්රස් නෑ හොඳම කලා අධ්‍යක්ෂණය - රොහාන් සමරදිවාකර - මහරජ ගැමුණු හොඳම දුෂ්ට චරිත රංගනය - කමල් අද්දරආරච්චි - ඇඩ්රස් නෑ හොඳම විකට රංගනය - මහේන්ද්‍ර පෙරේරා - ගින්දරී ජනප්‍රියම නළුවා - හේමාල් රණසිංහ ජනප්‍රියම නිළිය - ඩිනක්ෂි ප්‍රියසාද් අනාගත බලාපොරොත්තු තැබිය හැකි සිනමාපටය - සරත් ධර්මසිරි - සූවිසි විවරණ අනාගත බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරුවා - මලිත් හෑගොඩ - දැකලා පුරුදු කෙනෙක් ජූරියේ විශේෂ සම්මාන සත්‍යජිත් මාඉටිපේ - බොරදිය පොකුණ - අධ්‍යක්ෂණය වෙනුවෙන් හොඳම චිත්‍රපට ගීතය - සිරවී තිබුණා හදපතුලේ - සිනහව අතරන් දෙරණ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේ ස්වර්ණා මල්ලවාරච්චි |