වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඇයත් පිරිමියෙක්...

ඇයත් පිරිමියෙක්...

පසුගියදා නිමාව දුටු දෙරණ සිනමා සම්මාන උලෙළේදී සම්මාන ප්‍රදානයක් සඳහා සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ව වේදිකාවට කැඳෙව්වා. ඔහුගෙන් ඒ අවස්ථාව නිවේදනයෙන් මෙහෙය වූ සාරංග දිසාසේකර පැනයක් ඇසුවා. ඒ සිංහල සිනමාවේ පිරිමි චරිත රඟපෑ නිළියන් කවුද යන්නයි. මාලිනී ෆොන්සේකා, විජිත මල්ලිකා, ෂ්‍යාමා අල්ගම ආදී නිළියන්ගේ නම් දිනේෂ් විසින් පැවසුවා. නමුත් ඔහුට එක්තරා නිළියක්ව අමතක වුණා. ඇය තමයි අනෝමා ජනාදරී. ඇය තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ අඩකටත් වඩා පෙනී සිටියේ පිරිමි චරිතයකින්. ඇයව ඒ මොහොතේ දිනේෂ්ට අමතක වුණේ ඇයිද මන්දා.