වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




දුර රට බලා

දුර රට බලා

නව පරපුරේ රංගන ශිල්පිණී තරුෂි පෙරේරාව කලකට ඉහත නිරන්තරයෙන්ම අප දුටුවා පුංචි තිරයෙන්. නමුත් විවාහයෙන් පසුව ඇයව අප දැක්කේම නැති තරම්. පවුල් ජීවිතයට මුල් තැන දුන් තරුෂි මේ වන විට මව් පදවියත් ලබලා.

කවුරුත් හිතාගෙන හිටියේ තව ටික කලකින් ඇය රංගනයට පිවිසෙයි කියලා. නමුත් එහෙම නැහැලු. තරුෂි හිතාගෙන ඉන්නවලු විදෙස් ගතවන්නට. ඇගේ සැමියාගේ වැඩ කටයුතු නිසා තමයි තරුෂි මෙහෙම විදෙස් ගතවන්නට හදන්නේ. ඇත්තටම එය තරුෂිට ළැදි කොයි කාටත් ටිකක් දුක්මුසු ආරංචියක් වනු නොඅනුමානයි.