ස්පීල්බර්ග් නවකතා ලියා තිබෙනවාද?
ස්පීල්බර්ග් නවකතා ලියා තිබෙනවාද?
*
පිළියන්දල චාමර වීරසිංහ
ප්‍රශ්නය - චිත්‍රපට නිෂ්පාදනය සඳහා ණය ආධාර ලැබූ ප්‍රථම සිංහල චිත්‍රපටය කුමක්ද?
පිළිතුර - 'මේ දෑස් කුමටද?'
* යක්කඩුව දෙදියවල ගාමිණී ගුණතිලක
ප්‍රශ්නය - ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් නවකතා ලියා තිබෙනවාද?
පිළිතුර - ඔව්. දෙකක් ලියා තිබෙනවා. එකක් තමාගේ 'ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ්
තර්ඩ් තයින්ඩ් චිත්‍රපටය ඇසුරෙන්. අනික ඒ.ධ්: ඒඅඊධ්ජ්ධ්ඛ්ධ්ඒඹ්
ධ්ව්ඊඡ්ඹ්ඹ්ධ්ට්ඡ්ව්ඛ්ඡ් චිත්‍රපටය ඇසුරෙන්.
* කඩවත පහළ බියන්වල භද්‍රා බියංකා මධු
ප්‍රශ්නය - එච්. ආර්. ජෝතිපාලට වඩාත්ම සමීප කටහඬ ඇති ගායකයා කවුද?
පිළිතුර - අනුර එදිරිසිංහ. ඒත් අවාසනාවකට ඔහු මතු වුණේ නැහැ.
* මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - අපේ රටේ අලුත් කලාවක් නැත්තේ ඇයි?
පිළිතුර - මොකද නැත්තේ? ඔය තියෙන්නේ ඒකනේ ෆ්‍රෙඩී සිල්වා කියන්නේ 'අලුත්
කලාවක් හොයා ගත්තා මං' කියලා.
*
ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි
ප්‍රශ්නය - ඩොමී ජයවර්ධන දකුණු ඉන්දීය චිත්‍රපට නිළියක සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති
කරගෙන සිටියේ යැයි කියන්නේ ඇත්තතද? එම නිළිය කවුද?
පිළිතුර- ඔව්. ඇය වරලක්ෂ්මී.
* අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - ප්‍රකට හොලිවුඩ් නිළි විවියන් ලේ ලංකාවට පැමිණ තිබේද?
පිළිතුර - ඔව්. මෙරට රූපගත කළ 'එලිපන්ට් වෝක් චිත්‍රපටයේ රඟපෑම් සඳහා ලංකාවට
ආවා.
* මිගමුවේ මහ හුණුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා
ප්‍රශ්නය - සිනමා රංගනයට පිවිසි රූප සුන්දරියන් කවුද?
පිළිතුර - කාන්ති ගුණතුංග, නිල්මිණි ද සිල්වා, රෝසි සේනානායක, රමණී
බර්තොලමියුස්.
* මෝදර එම්. රුෆිනස් ඩයස්
ප්‍රශ්නය - අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල වේදිකා නාට්‍යවලට ගී ගයා තිබේද?
පිළිතුර - ඔව්. 'මරු වැල' නාට්‍යයට චන්ද්‍රා ද සිල්වා සමඟත් 'අන්තිම පැය'
නාට්‍යයට ජී. එස් බී. රාණි පෙරේරා සමඟත් ගී ගයා තිබෙනවා.
* කුලියාපිටිය කිත්සිරි කරුණානායක
ප්‍රශ්නය - ලංකාවේද තිරගත 'ප්‍යාර් කා මෝසම්' චිත්‍රපටය ගැන යමක් කියන්න?
පිළිතුර - නසීර් හුසේන් අධ්‍යක්ෂණය කළ මෙහි ශෂි කපූර්, ආශා පරේක්, නිරූපා
රෝයි, භාරත් භූෂන්, රාජේන්ද්‍ර කුමාර්, මදන් පූරී, අසිත් සෙන්, ඉෆ්ටිකාර් ප්‍රධාන
චරිත රඟපෑවා. සංගීතවත් කළේ ආර්. ඩී. බර්මන්.
* මාතර අජිත් කනක්කහේවා
ප්‍රශ්නය - 'ද මැන්චූරියන් කැන්ඩිඩේට්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ නළුවා කවුද?
පිළිතුර - ෆ්‍රෑන්ක් සිනත්‍රා.
*
කළුඅග්ගල සමන්තිකා ජයසිංහ
ප්‍රශ්නය - 'වීරවර්ණ' චිත්‍රපටයේ මුල් කතා සංකල්පය කපිල කුමාර කාලිංගගේ යැයි
කියැවෙනවා. මෙය ඇත්තක්ද?
පිළිතුර - ඔව්. කපිල එසේ සඳහන් කරනවා. ඒත් තිරගත වූ චිත්‍රපටය ඒ සංකල්ප
සම්පූර්ණයෙන්ම විකෘත කරන ලද්දා වූ එකක්.
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.
|