|
X Men යළිත් සතුරු කටට
Apocalipse X Men - Apocalipse X Men - Apocalipse X Men - Apocalipse X Men - Apocalipse X Men - Apocalipse X Men - Apocalipse X Men - Apocalipse X Men
ශිෂ්ටාචාරය ආරම්භ වූ කාලයේ පටන්ම දෙවියකු ලෙස ඇදහුණු, අමරණීය “ඇපොකලිප්ස්” (ලෝක විනාශය යන අරුත් දෙයි) පළමු වන සහ බලගතුම මියුටන්ට් (Mutant : විකෘතයා, විශේෂිතයා) වෙයි. වසර දහස් ගණනකට පසුව අවදි වන මොහු තවත් කෲර විශේෂිතයින් සමඟ එක වන්නේ ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ප්‍රති නිර්මාණය කිරීමටයි. ලෝකය මෙවන් අවදානමක ඇති අවධියට ඊට මැදිහත්වී ක්‍රියා කරන්නේ මහාචාර්ය ඔ, රේවන් සහ තරුණ X Men කණ්ඩායමයි. ඔවුන්ට මේ අතිශය බලගතු සතුරා පරාජය කල හැකි වේද? බ්‍රයන් සිංගර් අධ්‍යක්ෂණය කළ, මාවල් එන්ටර්ටේන්මන්ට් විසින් නිපදවන ලද, ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් විසින් බෙදා හැරෙන, Men චිත්‍රපට මාලාවේ නව වන දිග හැරුම : X Men - Apocalipse,, මෙවන් කතා වස්තුවකින් සමන්විත වේ. ලොරන් ෂලර්, සිමොන් කින්බර්ග් ඇතුළු සතර දෙනෙකුගේ නිෂ්පාදනයක් වන මෙය, බ්‍රයන් සිංගර්, මයිකල් දගර්ටි ඇතුළු සතර දෙනෙකුගේ තිර රචනයකි. X - Men (2000), ඔ2 (2003), X - Men : The Last Stand (2006), X - Men Origins : Wolverine (2009), X - Men : First Class (2011), The Wolverine (2013), X - Men : Days of Future Past (2014) සහ Deadpool (2016) මෙම චිත්‍රපට මාලාවේ පසුගිය චිත්‍රපට වන අතර, X Men - Apocalipse, 1963 වසරේ පළමු වරට ප්‍රකාශයට පත් ස්ටෑන් ලී සහ ජැක් කර්බි විසින් නිර්මිත X - Men චිත්රකතාවන්හි චරිත පාදක කොටගෙන තැනූවකි. ජෙනිෆර් ලෝරන්ස් ‘මිස්ටීක්’, සොෆී ටර්නර් ‘ජීන්’, ජේම්ස් මකවොයි ‘මහාචාර්ය ඔ’, මයිකල් ෆස්බෙන්ඩර් ‘මග්නේටෝ’ ටත්, ඔස්කාර් අයිසැක් ‘ඇපොකලිප්ස්’ ගේ චරිතවලට පණ පොවන අතර, නිකලස් හෝල්ට්, රෝස් බ්රයින්, ටයි ෂෙරීඩන්, ඔලිවියා මන්, සහ ලූකස් ටිල් සෙසු නළු නිළියන් අතර වෙති. පසුගිය 9 වනදා සිට ලබන ජූනි 3 වනදා දක්වා කාලය ඇතුලත ලොව පුරා රටවල් 77 ක තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය මෙම මස 27 වනදා සිට ශ්‍රී ලාංකීය චිත්‍රපට රසිකයින් වෙතටද පැමිණෙනු ඇත. විනාඩි 144 ක් පුරා 3D, 2D සහ IMAX 3D තාක්ෂණයන්ගෙන් තිරගත දිගහැරෙන මෙම චිත්‍රපටය ඇ.ඩොලර් 234 ක පිරිවැයක් යොදා තැනූවකි. IMDB දර්ශකයේ 8.3 / 10 ක්, රෝටන් ටෝමාටෝස් හි 59% ක්, සහ මෙටාක්‍රිටික් හි 51% ක් ලෙස ලකුණු සටහන් කරන X Men - Apocalipse, මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලත් චිත්‍රපටයකි. “වීර” ක්‍රියාදාමයන්ගෙන් යුතු වන අතර, එතරම් ආකර්ශනීය නොවන සතුරකු විසින් චිත්‍රපටයේ දක්ෂ රංගන නිපුණත්වය සහ හරය සොරාගෙන ඇති බවට සැකයි. ශ්‍රේෂ්ඨ සුපිරිවීර කතා මාලාවක පහළ මට්ටමක පිහිටන චිත්‍රපටයක්” ලෙස රෝටන් ටෝමාටෝස් හි ප්රමුඛ විචාරය අදහස් දක්වා ඇත.
|