වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




සමාජ සත්කාර

සමාජ සත්කාර

සේමිණී ඉද්දමල්ගොඩට සමාජ සත්කාරයක් ගැන කිව්වොත් තියෙන වැඩ දාලා එතනට යනවා. ඇය එතරම්ම කැමැතියි තව කෙනෙක් වෙනුවෙන් උදව් උපකාර කරන්න. සේමිණිටත් ඉන්නේ ඇය වගේම යාළුවො. එහෙම කියන්නේ හේතුවක් ඇතුව. දිලිනි හල්විටිගල කියලා සේමිණීගේ මිතුරියක් ඉන්නවා. ඇයට සංගමයක් තියෙනවා දිලිනි හල්විටිගල ගෘහ අලංකරණ ශිල්පීන්ගේ සංගමය කියලා. එය සහ මහරගම ගෝල්්ඩන් සිටි සිංහ සමාජය හා එක්ව අංගොඩ රෝහලේ ස්ථාපනය කොට තිබෙන මෙරට එකම මාතෘ හා ළමා මානසික රෝගීන්ගේ වාට්ටුව රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැය කොට එය මුළුමනින්ම පිළිසකර කළා. අනතුරුව රෝහල් පරිපාලනයට වාට්ටුව නැවත ලබා දුන්නා. මේ අවස්ථාව සඳහා සේමිණි සහභාගි වුණේ යාළුකම වෙනුවෙන්. ඇය එදින බොහෝ සෙයින් සතුටු වූ වග අපිත් එක්ක කිව්වා.