|
පොල් තෙල් බීපු නිවේදකයාඅශෝක මධුර කුමාර
අශෝක මධුර කුමාර හිරු නාළිකාවේ වෘත්තීය කැමරා අධ්යක්ෂවරයෙකි. එහෙත් ඔහු වඩාත් ජනප්රිය නිවේදන ශිල්පියකු වශයෙනි. මේ වන විට ප්රසංග වේදිකාවේ කාර්යබහුලම චරිතයක් වන අශෝක තමන් ගැන විස්තර කතාබහ කිරීමට සරසවිය හා මෙසේ එක් විය. මගේ ගම අනුරාධපුර. ඉගෙන ගත්තේ අනුරාධපුර නිවත්තක චේතිය මහ විදුහලෙන්. අද වෙද්දී මං කලාව තුළ වෙනමම වෘත්තියක හිටියට පොඩි කාලේ ඉඳලා පෙම් බැන්දේ නිවේදන කලාවට. මං මුලින්ම සම්බන්ධ වන්නේ රජරට සේවයට. මේ වෙලාවේ ගමේ පිපෙන කුසුම් ළමා සමාජයත් මතක් කරන්න ඕනෑ. මං රජරට සේවයේ ක්රිඩා පිටිය, තුරු සෙවන, සෙල්ලම් මිදුල ආදී වැඩ සටහන් කළා. අනතුරුව ස්වදේශීය සේවයට එකතු වුණා. ඔය කාලයේදි තමයි මං ප්රසංග වේදිකාවට එකතු වන්නේ. පහළ තලාවේ පැවැත් වූ සංගීත ප්රසංගයකදී මං හා හා පුරා කිියලා ප්රසංග වේදිකාවට ගොඩ වෙනවා. පසුකාලිනව මට ගොඩක් ආරාධනා ලැබුණා ප්රසංග වේදිකාව සඳහා. වර්තමානයේදී මං ජොබ් එකට අමතරව ප්රසංග වේදිකාවේදී කාර්යබහුල වුණා. ප්රසංග වේදිකාවේදී නොයෙක් සිදුවීම් සිදු වෙනවා. කෙටියෙන්ම කිව්වොත් අත්දැකීම් තෝතැන්නක්. ඒ අතරින් මට වෙච්ච අමතකම නොවන අත්දැකීම මං කියන්නම්. එදා ප්ලේ කළේ සෙනිත් සංගීත කණ්ඩායම. නිවේදන කටයුතු කරගෙන යද්දී මට වතුර තිබහක් ආවා. වටපිට බලද්දී පැත්තක ප්ලාස්ටික් බෝතලයක් තිබුණා. මං හිතුවා වතුර කියලා. අරගෙන බිව්වා. ඊට පස්සේ තමයි මට තරු පෙනුණේ. ඒ වතුර නෙවෙයි පොල්තෙල්. එතැන් පටන් පොල් තෙල් බීපු මං කොහොම හරි ඉදිරියට වැඩේ ගෙන ගියා. ලැජ්ජාවට කාටවත් කිව්වේ නැහැ. මගේ මේ ගමනට ශක්තියක් වුණු ඉන්දික වීරකෝන්, නන්දන ලියනගේ, තෙන්නකෝන් ඉහළගම, චන්ද්රරත්න පෙරුම්බඩගේ, ආර්. එම්. ටිකිරි බණ්ඩාර යන අයව මතක් කළ යුතුමයි. 0775930888 මේ අශෝකගේ දුරකතන අංකයයි.
|