|
අර්ජුන්ගෙන් පිළිතුරු
ප්රශ්නය - ලොව හොඳම සිනමා පාසැල කැලිෆෝනියාවේ පිහිටා ඇති බව පසුගිය සරසවියෙන් අප දැනගන්න ලැබුණා. නමුත් අපේ රටේ මෙපමණ කාලයකට සිනමා පාසලක් නැතිවීම ලැජ්ජයි නේද? සරත් රණසිංහ, කපුගොඩ, මාළිඳ අර්ජුන් - මේ ගැන ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. තියෙන්නේ කනගාටුවක් විතරයි. අමෙරිකාවේ එවැනි විශ්වවිද්‍යාලයක් අවශ්‍ය වන්නේ සිනමාව එරට විශාල කර්මාන්තයක් නිසා.
ප්රශ්නය - ‘ද ගෝඩ් කිං’ චිත්‍රපටයේ කාශ්‍යප රජු ලෙස රඟ පෑ නළුවා කවුද? ප්‍රේම් මාරසිංහ, මාතර අර්ජුන් - ලී ලෝසන්. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
ප්රශ්නය - ‘ගිම්හානේ ගී නාදේ’ චිත්‍රපටයේ නැසීගිය ලක්ෂ්මන් ප්‍රනාන්දු රංගනයෙන් දායක වුණාද? එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කාගේද? අයිලීන් සෝවීස්, වැලිසර, රාගම අර්ජුන් - නැත. සංගීතය අධ්‍යක්ෂණය කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස විසින්.
ප්රශ්නය - හින්දි සිනමාවේ. දුෂ්ට චරිත රඟ පෑ නළුවන් හඳුන්වා දෙන්න. සුනිල් චන්ද්‍රසේකර, යාගොජමුල්ල, කොටුගොඩ අර්ජුන් - ප්‍රාන්, ප්‍රේම් චොප්රා, ගුල්ෂාන් ගවර් මේ අතරේ කැපී පෙනෙනවා.
ප්රශ්නය - සිංහල සිනමාව ආරම්භක යුගයේ චිත්‍රපට ප්‍රධාන චරිත සඳහා එවකට අධ්යක්ෂවරුන් විසින් තෝරා ගත්තේ කඩවසම් නළු නිළියන්. එම චිත්‍රපට වැඩි කාලයක් තිරගතවීමටත් ජනප්‍රියවීමටත් එය එක් හේතුවක් වුණා. අද සිනමාවේ එවැන්නක් සිදු නොවන්නේ ඇයි? කේ. කේ. ඩී කරුණාරත්න, නැදිමාල දෙහිවල අර්ජුන් - වර්තමාන සිනමාවේ තරු යුගය අවසන්. අද වැදගත් වෙන්නේ නළු නිළියන්ගේ රංගනය මිස පෙනුම නොවෙයි.
ප්රශ්නය - අපේ රටේ ප්‍රථමයෙන්ම හින්දි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළේ කුමන වසරේදීද? ඒ කුමන සිනමා ශාලාවේදීද? සිරිල් හේවගේ, හිඹුටුවැල්ගොඩ, කැලණිය අර්ජුන් - 1933 වසරේදී. චිත්‍රපටයේ නම බිල්වා මංගල්. කොළඹ එම්පයර් සිනමා ශාලාවේදී එය තිරගත කළා.
ප්රශ්නය - හාර ලක්ෂය චිත්‍රපටයේ රියදුරු ජෝන් ද සිල්වා ලෙස රඟ පෑ නළුවා කවුද? විමල් රණසිංහ, ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14 අර්ජුන් - ඔහු වෘත්තිය නළුවෙකු නොවේ. ඔහු හොරණ ලංගම රියදුරෙකු ලෙස කටයුතු කළ බව අසා තිබෙනවා.
ප්රශ්නය - ‘කරුමක්කාරයෝ’ සිනමාපටය නවකතාවක් ඇසුරින් නිර්මාණය කළ චිත්‍රපටයක්ද? එයට රංගනයෙන් දායක වූ නළු නිළියන් කවුද? එච්. ඉන්ද්‍රපාල, ශ්‍රී සංඝමිත්තා මාවත, මුංහේන අර්ජුන් - ඔව්. එය නිර්මාණය කළේ ගුණදාස අමරසේකරසූරින්ගේ කරුමක්කාරයෝ නවකතාව ඇසුරින්. විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, උපාලි අත්තනායක, සෝමසිරි දෙහිපිටිය කරුමක්කාරයෝ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.
ඔබේ සිනමා පැන විසඳුම් අර්ජුන්ගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 |