|
මම ‘නටන් නැතිව දින්නා’
චිත්‍රපට අධ්යක්ෂණයට පිවිසෙමින් කල්‍යාණ චන්ද්‍රසේකර කියයි
කවුරු, කවදා, කුමන අරමුණකින් චිත්‍රපටයක් තැනූවද එහි 'ඉරණම' තීන්දු කරනා විනිසුරුවරයා ප්‍රේක්ෂකයාය. නොමඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගන්නා චිත්‍රපට 'සුපර් හිට්' වන්නේ එහෙයිනි. ප්‍රේක්ෂකයා දරුණු ලෙස ප්‍රතික්ෂේප කළ චිත්‍රපට අට(ර්) ෆ්ලොප් නම් වේ. නිෂ්පාදකයාට හෝ අධ්යක්ෂවරයාට සිනමාව පිළිබඳ අසීමිත ප්‍රේමයක් ජනිත කරවන්නට හෝ ඔවුන් කන් කෙටියෙන් අල්ලා සිනමා ලොවින් එළියට ඇද දමන්නට තරම් බලපුළුවන්කාරකමක් ප්‍රේක්ෂකයා සතුව තිබේ. මේ අභියෝගය බාර ගත නොහැකි කිසිවකුත් සිනමාවට එක් විය යුතු නැත. කල්්‍යාණ චන්ද්‍රසේකර සිය ප්‍රථම චිත්‍රපටය ප්‍රේක්ෂකයා වෙත රැගෙන එන්නේ ඒ අභියෝගය පිළිබද යථාවබෝධයක් ඇතුවදැයි, නැතුවදැයි අප නොදනිමු. කෙසේ හෝ ඔහු 'නටන් නැතුව දින්නා' චිත්‍රපටය සමඟින් අධ්යක්ෂණයට පිවිස තිබේ. මේ කල්්‍යාණ ඒ පිළිබඳ අප හා කළ කතාබහකි. * 'නටන් නැතුව දින්නා' චිත්‍රපටය ගැන ඔබේ හැඳින්වීම? මෙය පවුලේ චිත්‍රපටයක්. කාටත් එකට හිඳගෙන හිරිකිතයක් නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක්. අනවශ්‍ය දර්ශන නෑ. අනවශ්‍ය දෙබස් නෑ. රැඟුම් පාලක මණ්ඩලයෙන් 'ෆුල් ඕඩියන්ස්' සහතිකය ලැබුණු චිත්‍රපටයක්. තවදුරටත් කිව්වොත් මම හිතන්නේ 'නටන් නැතුව දින්නා' ආකර්ෂණීය, විනෝදාත්මක චිත්‍රපටයක්. මෙහි දෙබස් හා තිර නාටකයත් මගේමයි. * මෙය හාස්‍ය මුල්කරගත් චිත්‍රපටයක් ද? හාස්‍ය සහ ක්‍රියාදාම දෙකම තියෙන චිත්‍රපටයක්. මේකෙ සටන් තියෙනවා. හාස්‍ය තියෙනවා. සිංදු තියෙනවා. කොටින්ම 'නටන් නැතිව දින්නා' MiX එකක්. මොකද මම විශ්වාස කරන දේ තමයි සිනමාව ආකර්ෂණීය විය යුතුයි කියන එක. අද බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ සම්භාව්‍ය චිත්‍රපට උළුප්පලා, ඒවා හදන අය උඩ දාලා, බහුතර ප්‍රේක්ෂකයෝ සිනමාවෙන් ඈත් කරන්න. ඉන්දියාව වගේ රටක අදටත් මුල් තැන දෙන්නේ වාණිජ සිනමාවට. ඒ කියන්නේ ආකර්ෂණීය සිනමාවට. * ප්‍රධාන වශයෙන්ම සිනමාව ආකර්ෂණීය වෙන්න ඕනෑ කියලයි ඔබ කියන්නේ? සිනමාව ආකර්ෂණීය නැතිනම් වැඩක් නෑ. ආකර්ෂණීය සිනමාවක් ගොඩ නඟලා ඕනෑ සම්භාව්‍ය සිනමාවක් ගැන කතා කරන්න. එවැනි චිත්‍රපට නිර්මාණය කරන්න. ඒ කියන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට එන්න. අපේ අය උත්සාහ කරන්නේ ප්‍රඥාවෙන් ආනන්දයට යන්න. එතකොට මිනිසුන්ට සිනමාව එපා වෙලා ඉවරයි. මට අවශ්‍ය වුණේ මේ පැය එකහමාර තුළ පේ්රක්ෂකයාට වින්දනයක් ලබා දෙන්න විතරයි. නැතුව පණිවිඩ කියන්න නෙවෙයි. * සිනමාව කර්මාන්තයක් විදිහට පවතින්න නම් 'ජනප්‍රිය' නැතිනම් ඔබ ඔය කියන 'ආකර්ෂණීය' සිනමාව අත්‍යාවශ්‍යයි? ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑ. * කවුද මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණේ? රොඩ්නි වර්ණකුල, රොෂාන් පිලපිටිය, රොනී ලීච්, ක්ලීටස් මෙන්ඩිස්, දයාසිරි හෙට්ටිආරච්චි, මිලින්ද පෙරේරා, ආරියසේන ගමගේ, දේවින්ද මාක්ස් වගේ ප්‍රවීණයෝ. ඒ එක්කම බිංදු බෝතලේගම සහ මාධි පණ්ඩිතරත්න නළු නිළි දෙපළගේ ප්‍රථම චිත්‍රපටය තමයි මේ. ඔවුන් තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ. සිංහල සිනමාවේ පැවැත්මට අලුත් නළු නිළියෝ අවශ්‍යයි. හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ මේ අවුරුදු හැට පැනපු නළු නිළියෝ දාලා පෙම්වතාගේ, පෙම්වතියගේ චරිත කරන්න බෑ. අපේ ආකර්ෂණීය සිනමාව ඉදිරියට යන්න අනිවාර්යයෙන්ම තව අලුත් නළු නිළියෝ හතර පස් දෙනෙක්වත් එන්න ඕනෑ. * ඒ සඳහා ගත්ත වෑයමක් මේ? වෑයමක්. මම උත්සාහ කෙරුවා අලුත්ම නළු නිළියෝ කිහිප දෙනෙක් සහ ප්‍රවීණ නළු, නිළියෝ යොදාගෙන මේ චිත්‍රපටය කරන්න. රොෂාන් පිලපිටිය මේ චිත්‍රපටයේ ප්‍රථම වරට 'විලන්' කැරැක්ටර් එකක් කරනවා. * අද බොහෝ විට මේ 'ඩිරෙක්ටර්' කියන ටයිට්ල් එක ගන්නේ සිනමාව ගැන මෙලෝ හසරක් නොදන්න අය. තිබ්බා ගැහුවා. කරන්නන් වාලේ චිත්‍රපට කරනවා. මෙලෝ රහක් නැහැ. දැන් ඔබට විශ්වාසයක් තියෙනවාද අධ්යක්ෂවරයාගේ භූමිකාව ඔබ හරියට කළා කියලා? ඒක මට ඉතිං කියන්න බෑ. ඒක කියන්න ඕනෑ ප්‍රේක්ෂකයෝ. හැබැයි මම සංතෝස වෙනවා චිත්‍රපටයක් කරපු එක ගැන. මම කොයි තරම් කට්ටක් කෑවද මේ චිත්‍රපටය කරන්න, කොපමණ මුදලක් වැය වුණාද කියන එක ප්‍රේක්ෂකයාට වැඩක් නෑ. ඒක බලපාන්නේ මට විතරයි. මමයි දන්නේ කොහොමද මම මේක කළේ, කොයි තරම් මුදලක් ගියාද? මොනවද තිබුණ ප්‍රශ්න කියලා. මම හිතනවා සමස්තයක් හැටියට ඕනෑ කෙනෙකුට චිත්‍රපටය බලලා පොඩි රස වින්දනයක් ගන්න පුළුවන් කියලා. සම්භාව්‍ය චිත්‍රපට නරඹන අයටත් මේක ඇලජික් වෙන එකක් නෑ. * කොපමණ මුදලක් වැය වුණාද මේ චිත්‍රපටයට? ලක්ෂ හතළිස් පහක විතර ම්රදලක් වැය වුණා ෆස්ට් ප්‍රින්ට් එකට එනකොට. සෙසු වියදම් එක්ක බලපුවාම මේ වෙනකොට ලක්ෂ අසූ පහක් විතර වැය වෙලා තියෙනවා. ඒත් මේ වියදම පියවා ගන්න අපි ලක්ෂ එකසිය හැත්තෑවක් හොයන්න ඕනෑ. ඒ කියන්නේ දෙගුණයක මුදලක්. * එතකොට ඔය වගේ ලෝ බජට් එකකින් පුළුවන්ද හොඳ චිත්‍රපටයක් කරන්න? ලො බජට් කියන එක මම පිළිගන්නේ නෑ. නමුත් ලක්ෂ තුන්සීය, හාරසීය වියදම් නොකර මම හොඳ චිත්‍රපටයක් කළා. කේබල් ෂොට්ස් නැතුවට මේකෙ හොඳ ෆයිට් තියෙනවා. ගීතවලට දර්ශණීය පසුතල මම පාවිච්චි කළා. නුවරඑළියේ ඉඳලා තලෙයිමන්නාරමට යනකල් ගියා සිංදු රූගත කරන්න. එතකොට සමහර දර්ශන තලවලට මම දවසකට රුපියල් විසිපන් දාහ, තිස් දාහ දුන්නා. එහෙම මම වියදම් කළා. ලෝ බජට් වෙන්න බෑනේ එතකොට. ඇඳුම්වලට ගොඩක් වියදම් කළා. හැබැයි ඒ මුදල මගේ බජට් එක ඇතුළේ හොඳට ප්ලෑන් කරලා මම මැනේජ් කර ගත්තා. * ලක්ෂ හාර, පන්සීය වියදම් කරලා අද චිත්‍රපට හදනවා ලංකාවේ? ඒ කිසිම ප්‍රොඩියුසර් කෙනෙක් දෙවැනි චිත්‍රපටයක් කරන්නේ නෑ. මොකද පළමුවැනි එකෙන්ම ඒ මිනිහට සිනමාව එපා වෙනවා. ඊට පස්සේ ඒ මිනිහා ආයේ ජීවිතේටවත් හෝල් එකක් දිහා බලන්නේ නෑ. එහෙම පිච්චර් හදලා සම්මාන ගන්නවාට වඩා හොඳයි නිෂ්පාදකගේ මුදල බේරලා දෙන එක. එතකොට එයා සතුටු වෙනවානේ. ඒ. පාරිස්ටර් තමයි මගේ නිෂ්පාදකවරයා. මේ චිත්‍රපටය වගේම මගේ ප්‍රථම චිත්‍රපටය 'මැද පොඩ්ඩක් පැත්තක් නෑ' නිෂ්පාදනය කළේත් ඒ මහත්තයා. * නිෂ්පාදකවරයා ගොඩ දාන්න පුළුවන් වෙයිද? අනිවාර්යයෙන්ම. මම ඒක කරනවා. තවම චිත්‍රපටය ප්‍රදර්ශනයට මුදා හැරියා විතරයි. එය ප්‍රදර්ශනයටත් කලින් මට නිෂ්පාදකතුමා කිව්වා 'අපි තුන්වැනි එකත් කරමු' කියලා. මම ඔහුට කිව්වා මේ වැඩේ ඉවර වෙනකල් ඉම්මු' කියලා. කොහොමත් මැයි මාසේ වෙන කොට මම ඒ වැඩේ පටන් ගන්නවා. මෙයා මාව ආරක්ෂා කරගෙන සියලු දේවල් වගකීමක් ඇතිව හරියට කරනවා කියලා විශ්වාසයක් ඔහුට තියෙනවා. * දැන් ඔහොම ආප්ප බානවා වගේ චිත්‍රපට හදන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? නෑ. එහෙම බැරි හින්දා තමයි මම ඊළඟ චිත්‍රපටය පස්සට දැම්මේ. මම කිව්වා මට මාස දෙකක විතර අඥඵබ එකක් ඕනෑ කියලා. මැයි මාසේ මූලික සැළසුම් දියත් කරලා චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන කොට ජූනි මාසේ විතර වෙයි. * ඔබේ ප්‍රථම චිත්‍රපටය ප්‍රදර්ශනයට ප්‍රථම තමයි මේ දෙවැනි චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ. 'එකට' කලින් 'දෙක'. ඇයි ඒ? 'මැද පොඩ්ඩක් පැත්තක් නෑ' චිත්‍රපටයේ මම තනිකර නවකයෝ එක්ක වැඩ කළේ. එතකොට 'නටන් නැතුව දින්නා' චිත්‍රපටයට මම වැඩිපුරම යොදා ගත්තේ ප්‍රවීණයෝ. මට ඕනෑ වුණා ප්‍රේක්ෂකයන්ට යම් රසයක් දෙන්න. ඒ නිසයි ජනප්‍රිය මුහුණු රාශියක් මම එක් කර ගත්තේ. අනික් එක අද නව පරපුර ගැන කතා කරද්දී හරි කනගාටුයි. එයාලා රඟපාන්න එන්නේ වැඳගෙන. රඟපාලා ඩබිං කරන්න යනකොට එයාලා ඉන්නේ ලොකු තැනක. සමහරුන්ට Call කළාම Phone උස්සන්නේ නෑ. ඒත් ප්‍රවීණයෝ මට කතා කරලා ඇහුවා 'කල්‍යාණ මොනවද අපෙන් කෙරෙන්න ඕනෑ' කියලා. * ලොකු කලකිරීමකින් වගේ? ඇත්තටම කලකිරෙනවානේ. මම පළමුවැනි චිත්‍රපටයට කලින් මේ ෆිල්ම් එක රිලීස් කරන්න තීරණය කළේත් ඒ නිසයි. * ආයේ නවකයන් එක්ක ගනුදෙනුවක් නෑ? මගේ අලුත් චිත්‍රපටයෙනුත් නවකයන්ට අවස්ථාව දෙනවා. හැබැයි හොඳට හොයලා බලලා තමයි එහෙම උදවු කරන්නේ. * චිත්‍රපටයක් සර්ථකව ප්‍රදර්ශනය වෙන්න ප්‍රචාරය අවශ්‍යයිනේ. ඒත් මේ ප්‍රචාරණ කටයුතුවලට චිත්‍රපටයේ රඟපෑ නළු, නිළියන් සහයෝගය දක්වන්නේ නෑ කියලා අද දවසේ චෝදනා නැඟෙනවා? ඒක ඇත්ත. චිත්‍රපටය රූගත කරනකොට තිබුණ හිතවත්කම්, ප්‍රදර්ශනය වෙනකොට නෑ. එතන ඉඳලා මුළු බර අදින්න වෙන්නේ නිෂ්පාදකටයි, අධ්‍යක්ෂකටයි තමයි. විශේෂයෙන්ම නිෂ්පාදකයෝ මේ බර කර ගහනවාමයි. පිළිසරණකට කවුරුත් නෑ. අද ගොඩක් නිෂ්පාදකවරු සිනමාව ඇත්හැර යාමට ඒකත් හේතුවක්. හැබැයි මම මගේ නිෂ්පාදකයා අතරමං කළේ නෑ. ඔහුට සිනමාව ගැන අවබෝධයක් නෑ. මම මැදිහත් වෙලා තමයි ඒ සියලු ප්‍රචාරණ කටයුතු සූදානම් කරන්නේ. චිත්‍රපටය සාර්ථක වුණොත් මටත් හොඳයි. නළු, නිළියන්ටත් හොඳයි. ඒත් සමහරු මේක කල්පනා කරන්නේ නෑ. * මම දන්නා තරමින් අඩු පිටපත් සංඛ්‍යාවක් තමයි ඔබ මේ චිත්‍රපටයට මුදා හැරියේ? චිත්‍රපට සංස්ථාවට අයත් 'රිද්මා' මණ්ඩලයේ තමයි මේ චිත්‍රපටය රිලීස් වුණේ. ඇත්තටම පිටපත් දොළහයි මම දැම්මේ. ඒක මට ප්‍රමාණවත්. මොකද සිනමාවේ ස්වර්ණමය යුගය තිබුණ කාලෙත් උපරිම පිටපත් පහළොවක් වගේ බෙදා හැරියේ. එදා තිබුණ හෝල් ප්‍රමාණයෙන් හතරෙන් එකයි අද තියෙන්නේ. ලංකාව පුරාම සිනමා ශාලා එකසිය විසි ගානයි ප්‍රදර්ශන මණ්ඩලවලට තියෙන්නේ. ඒකත් මණ්ඩල තුනකට බෙදුණාම එක මණ්ඩලයකට තියෙන්නේ හෝල් හතළිස් තුනයි. ඒ අතින් සමහර සිනමා ශාලා තියෙනවා මොන චිත්‍රපටය මාසයක් දිව්වත් ලක්ෂ එකහමාරක් ඛ්ධමඥප කරන්න බැරි. දැන දැන අපි ඒවාට පිච්චර් එක දානවට වඩා හොඳයි අඩු තරමේ ෆස්ට් ප්‍රින්ට් එකේ මුදලවත් ඛ්ධමඥප කරගන්න පුළුවන් හෝල්වලට දාන එක. * පත්තර රස්සාව කරන කාලේ හිතේ තිබුණාද කවදා හරි චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වෙනවා කියලා? ඇත්තටම මම පත්තර රස්සාවට සම්බන්ධ වුණේ පාඨකයෙක් විදිහට. කලාව පැත්තට ආසාවක්, උනන්දුවක් තිබුණාට අපිට හව්හරණෙට කවුරුවත් හිටියේ නෑ. අඳුරන කියන කවුරුවත් හිටියේ නෑ. ඒ. ඩී. රංජිත් කුමාර මහත්මයා තමයි මාව 'සරසවිය' පුවත්පතට සම්බන්ධ කර ගත්තේ. එහි ලේඛකයෙක් සහ ඡායාරූප ශිල්පියෙක් විදිහට කලක් මා කටයුතු කළා. ඒ අවධියේ ක්ෂේත්රයේ බොහෝ ජනප්‍රිය, ප්‍රවීණ කලාකරවන් රැසක් මම හඳුනා ගත්තා. පත්තර රස්සාව කළාට ඒ කාලෙත් මගේ ඔළුවේ තිබුණේ අධ්‍යක්ෂණය. පත්තර රස්සාව මට අත්වැලක් වුණා මේ තැනට එන්න. * 'නටන් නැතුව දින්නා' සමහරු අහනවා මොකක්ද යකෝ මේ නම කියලා? හැමෝම අහනවා මොකක්ද මේකෙ තේරුම කියලා. මේ නම නිසාම චිත්‍රපටය ගැන අවධානය යොමු වෙලා. ඇයි අමුතු නමක්නෙ. 'නටන් නැතුව දින්නා' කියන්නේ 'ගේමක් නැතිව වින් කළා' කියන එකයි. ඇත්තටම අද 'නටන් නැතුව දින්නා' මේ විදිහට පෙන්නන්නේ චිත්‍රපට සංස්ථා සභාපතිතුමාත්, චන්දන රූපසිංහ මහතාත්, අතුල සහ විජේරත්න මහත්වරුන්ගේත් උපරිම සහයෝගය නිසා. ඒ වගේම තිස්ස නාගොඩවිතාන මහත්මයා දුන් සහයෝගයත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ සහයෝගය මත කොහොම හරි මම 'නටන් නැතිව දින්නා'.
|