|
නිහතමානී නන්දා මාලනිය
විශාරද නන්දා මාලනිය නොසිතු මොහොතක අප නිවෙස ආසන්නයේදී මුණ ගැසී අප සමඟ සතුටින් කතා
කිරීම අපට මහත් සැනසීමක්. ඔබේ නිහතමානී ගතිගුණයට තුති. ඔබ සංගීත ලොව තව තවත්
වැජඹේවා. සුපුන් මුදලිගේ කෝට්ටේ
අගනා දේ අතරේ වැරදි පූර්වාදර්ශයක්
විකසිත වූ ප්‍රේමය සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටය පුරාම දිවයයි. එසේම මෙහි දිය යට දර්ශනය
බටහිර සිනමා නිර්මාණයක මෙන් ඉතාම ලස්සනයි. එසේම රංගන, ගීත ගායනය, කැමරාකරණය ඉතා
හොඳය. නදීක ගුරුගේ ගේ සංගීතයද අගනේය. නමුත් මෙහි එන ඉසංකා දික්කසාද වූ කාන්තාවක
වීමෙන් ගෙන එන්නේ වැරදි පූර්වාදර්ශයකි. ඩඩ්ලි ගෝමස් කටුබැද්ද මොරටුව
රසික ප්‍රසාදය සැමදා ඔබටයි
රංගන ශිල්පිනි නෙතලි නානායක්කාර විවිධ ටෙලි නාට්‍ය තුළින් ගෙන එන රංගනය විශිෂ්ටය.
රසික ප්‍රසාදය සැමදා ඔබට හිමියි. ඔබේ කලා දිවියට සුබ පතමි. එච්. ඉන්ද්‍රපාල සංඝමිත්තා මාවත මුංහේන
රසික සිත් සැනසූ බෙග්
සිංහල සිනමාවේ මෙන්ම මෙරට සංගීත ක්ෂේත්රයේ නොමැකෙන නමක් සනිටුහන් කරමින් 1947 වසරේ
අශෝකමාලා චිත්‍රපටයෙන් පසුබිම් ගායනයට පිවිසි මොහිදින් බෙග් පරම්පරා කිහිපයක රසික
සිත් සැනසූ ප්‍රවීන ගායන ශිල්පියෙකි. ඔහු බෞද්ධ ගී ගැයුවේ බෞද්ධයන් තුළ බුද්ධාලම්භන
ප්‍රීතිය ඇති කරවමිනි. ඔහු ගැයූ බොදු බැති ගී ප්‍රමාණයද විශාලය. ඔහුගේ ගීත වෙසක්
පොසොන් පොහොය දිකට පමණක් ඇසීම කනගාටුදායකය. සුනිල් ශාන්ත දිසානායක ඉහළවීරකොඩියාන
අමරණීය සේවය අගයමු
සිංහල සිනමාවට අමරණීය සේවයක් ඉටුකළ ආචාර්ය සෝමා එදිරිසිංහ ජීවත් වූ සුලෙයිමාන්
ටෙරසය ආචාර්ය සෝමා එදිරිසිංහ මාවත ලෙස නම් කරන ලෙස ජනපතිතුමන් සහ අගමැතිතුමන්ගෙන්
ඉල්ලමි. එච්. ඒ ජයසේන රනාල
ළමුන් නැරඹිය යුතු ‘හෝ ගානා පොකුණ’
අසූව දශකයේ රිදීතිරයට පැමිණි 'හඳයා' චිත්‍රපටයෙන් පසුව ළමුන් වෙනුවෙන් තිරයට පැමිණි
'හෝ ගානා පොකුණ' චිත්‍රපටය පාසැල් ළමුන්ට නැරඹීමට නිර්දේශ කිරීමට අදාළ බලධාරින්ගේ
අවධානය යොමු කරන්නේ නම් මැනවි. පී. ඩී. එස් පීරිස් අළුබෝමුල්ල පානදුර
ආදර්ශවත් නාලිකාවක්
රූපවාහිනි නාලිකාවල විකාශය කෙරෙන ටෙලි නාට්‍ය හා ප්රවෘත්ති අතර වැඩි කාලයක් වෙළෙඳ
දැන්විම් සඳහා වෙන්කිරීම ප්‍රේක්ෂකයන් පීඩාවට පත් කරනවා. මේ අතරේ එක් නාලිකාවක්
පමණක් පැරණි චිත්‍රපට හා ටෙලි නාට්‍ය පෙන්වීමට උනන්දු වෙනවා. එය අන් නාලිකාවලට
ආදාර්ශයක්. කේ. ඩී කරුණාරත්න නැදිමාල දෙහිවල
විහිළු නැති විකට ටෙලි
මේ දිනවල විකාශය කෙරෙන ඇතැම් විකට ටෙලි නාට්‍යවල පසුබිමෙන් සිනහ හඬ පටයක්
ක්‍රියාත්මක කරන්නේ එහි ඇති විහිළුවලට හිනා නොයන නිසා වෙන්න ඇති. සුනිල් චන්ද්‍රසේකර යාගොඩමුල්ල කොටුගොඩ
අජන්තා ඔබට නිවන් සුව
අජන්තා රණසිංහ නම් වූ පත්රකලාවේදී ගීත රචකයාණෙනි ඔබ නැති පාඩුව පිරවීමට කිසිම
කෙනෙක් නොමැත. ඔබට නිවන් සුව පතමි. දයානන්ද ද සිල්වා සීනිගම හික්කඩුව
වොල්ගාට හොඳ අනාගතයක්
වොල්ගා කල්පනී ඔබ දියණියෝ ටෙලි නාට්‍යයේ ගොඩක් හොඳට රඟපෑවා. ඉදිරියටත් ඔබේ රංගනය
සාර්ථකව කරගෙන යාමට ශක්තිය ලැබේවා. ඔබට හොඳ අනාගයක් හිමි වේවායි සුබ පතමි. සාගර වීරසිංහ අනුරාධපුර
අජන්තාවෙනි
කැටපත් පවුරේ නිහාල් ගුණවර්ධන අලුත්පාර නුගේගොඩ
වේලාව සේම ප්රවෘත්ති
වර්තමානයේ දේශපාලකයන් ගැන මොනවා හරි පැය භාගයක් කියවලා ප්රවෘත්ති නිමා කරනවා. ඒ
වුනත් අපේ රටේ එදිනෙදා සිදුවන දේවල් විදෙස් රටවල විකාශය කරනවා. ඒත් අපේ රටේ චැනල්වල
ඒවා නැහැ. රසබර වැඩසටහනක් ගියක් එය නවතා වේලාව ඉදිරිපත් කරනවා මෙන් ප්රවෘත්ති
මඟින්ද ප්‍රේක්ෂකයා නිසි ලෙස දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි. කේ. කේ චම්මින්ද කුමාර පුවක්වත්ත ඉහලගම දෙනියාය
හිරුට තුති
සිනමා රසික රසිකාවන් ලෙසින් අප දැඩි ආසාවෙන් නැරඹූ 'දඩයම' යළිත් හිරු නාලිකාවෙන්
විකාශය කළාට හිරුට තුති. හිරුට ජයෙන් ජය. දිනේවා. සරත් සේනාධීර කළඑළිය ජා-ඇල
සිංහල සිනමාවේ බලාපොරොත්තුව
රුක්මණී දේවි, මාලනි ෆොන්සේකා, සන්ධ්‍යා කුමාරි වැනි නිළියන්ගෙන් පසු සිංහල සිනමාවේ
අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි එකම නිළිය පූජා උමා ශංකර් පමණයි. ඇය සිංහල
සිනමාවේ සැමදා දිළෙන තරුවක් වේවා. නිලූකා අවිස්සාවේල්ල
යුතුකම සේම වගකීමක්
‘අද ජය ගත යුතු අභියෝගය ආකර්ශනීය චිත්‍රපට තැනීමයි’ යනුවෙන් චිත්‍රපට අධ්යක්ෂ
උදයකාන්ත වර්ණසූරිය චිත්‍රපට අධ්යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ ලිපි පෙළට පිළිතුරු සපයා
තිබුණි. ඔබ දක්වා තිබූ අදහස් නම් සැබෑවත්මය. බිඳ වැටෙමින් පවතින සිනමාව ගොඩගැනීම ඔබ
දෙපළගේම යුතුකමක් සේම වගකීමක් කොට සළක එයට උරදෙන මෙන් ඉල්ලා සිටිමි. කල්‍යාණ ජයනෙත්ති මැටරඹ උණවටුන
ඔබෙ හඬ අමරණීයයි විශ්වයේ නිතිකල්ම
අප හැර ගියත් කාගෙත් මතකයේ රැඳිලා
අදටත් රැඳෙයි නෙත් මානයෙ ඔබගේ රුව නීටා මාසලින් කැලණිය වරාගොඩ
කන්දොස්කිරියාව එෆ්.එම් සේවා
බිම්මල් වගේ පිපෙයි හරයක් නැති එෆ් එම් සේවා ජයන්ත අමරතුංග වන්දන පොකුණ පොළොන්නරුව
0719538072 ප්‍රතිචාර සඳහා නවතම අංකයක්
|