|
දෙදහස් දහසය විස්සයි විස්සේ ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ ගීත සඳහා මෙවර Fun Music වෙන් වෙයි.
මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk ඔස්සේ නැරඹිය හැකිය Fun Music
අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු
සැනසෙමු අපි හෙට දිනුම ලබා
වසන්තයක රැඳි සෙනෙහස අරගෙන
සිසිලස ගෙන එන සොඳුරු පවන් ගායනය - මිහිඳු ආරියරත්න පද රචනය - විරාජ් කනිෂ්ක මදනායක සංගිතය - ඉසුරු විජේසේකර තනුව - තිසර ද සිල්වා මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - රජිත රත්නසිරි මියුසික් වීඩියෝවේ රංගනයෙන් දායක වනුයේ - තිවංක ජයසුන්දර ඇතුළු පිරිස මෙම ගීතය ගායනා කරන මිහිඳු වායෝ සංගීත කණ්ඩායමේ රිදම් ගිටර් වාදන ශිල්පියාය. ඔහු ගැයූ ගීත අතර ක්‍රිකට් ක්‍රීඩකයින් දිරිමත් කිරීමට ගැයූ එකම ගීතය මෙයයි. මිහිඳුගේ හිත මිතුරන් වූ කනිෂ්ක, ඉසුරු සහ තිසර එක්ව නිර්මාණය කළ මෙම ගීතය මෑතකදී පටිගත කොට මාධ්‍යයට මුදා හැරිය ද එහි පදනම වැටී ඇත්තේ අදින් වසර කිහිපයකට පෙරය. තවත් අයුරකින් කිවහොත් මිහිඳු පසුගිය 20 - 20 ලෝක කුසලානය පැවැත්වෙන සමයේදීි මෙය නිර්මාණය කිරීමට අපේක්ෂා කරනු ලැබුවේ. දිනයක් පුරා රූගත කිරීම් පැවැත්වුණු මෙහි රූගත කිරීමට අවැසි කෙනෙකු නැතුව මිහිඳු ඇතුළු පිරිසට සෑහෙන වෙලාවක් බලා සිටීමට සිදු වී තිබේ. අවසානයේදී ඔහු සිටින එම දර්ශන කිහිපය රාත්‍රී කාලායේදී රූගත කොට ඇත.
සබකෝලේ නැති බෝලේ
මේ විස්සයි විස්සේ කොයි කවුරුත් ගැස්සේ
සබකෝලේ නැති බෝලේ ඉහට උඩින් යවලා ගායනය - රයිනි චාරුකා, නදිනි ප්‍රේමදාස, ලන්ත්‍රා පෙරේරා, සඳුන් පෙරේරා, ෆන්කි ඩර්ට් සංගීත කණ්ඩායමේ පිරිවර සමඟ මාධව වර්ණපුර, චාමර කපුගෙදර, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, මිලින්ද සිරිවර්ධන, දුෂ්මන්ත චමීර, දසුන් ගමගේ, කිත්රුවන් විතානගේ යන ක්‍රිකට් ක්‍රීඩකයන් සහ යෂාන්. පද රචනය - සඳුන් පෙරේරා සංගීතය සහ සංගීත සංයෝජනය - ශෙනාල් මද්දුමගේ මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ගාමිණී චාමර කැමරා අධ්‍යක්ෂණය - උපුල් චන්දන නව පරපුරේ ගායන ශිල්පී යෂාන්ගේ සංකල්පයකට අනුව නිම වූ මෙම ගීතය ඔහුගේ නිෂ්පාදනයක් වශයෙනුයි ඉදිරිපත් වන්නේ. නුගේගොඩ ලීෆ් ආයතනය තුළ ඉදි කළ දැවැන්ත පසුතලයක් මධ්‍යයේ මෙය රූගත කොට තිබේ. මෙම ගීතයෙහි ශිල්පී සම්බන්ධීකරණය ද යෂාන් විසින් සිදු කොට ඇත. එහිදී මේ සියලු දෙනා එක දිනයක් තුළදී ගෙන්වා ගැනීමට යෂාන්ට අපමණ වෙහෙසක් ගැනීමට සිදුවුණාලු. යෂාන් පවසන පරිදි මෙය ගැයූ ක්‍රීඩකයන් ඉතාම හොඳින් තම රාජකාරිය ඉටු කළාලු. ඒ වගේම පොඩි කාලේ ඉඳලා ක්‍රිකට්වලට ළැදි යෂාන් දිගින් දිගටම ක්‍රිකට් වෙනුවෙන් ගීත ඉදිරිපත් කරනු ලැබුවා. එක් දිනක් තුළදී මෙම ගීිතයෙහි රූගත කිරීම් නිම වී තිබේ.
මේ අපේ කිරුළයි විස්සයි විස්සේ
දිනමු අපි ජය කිරුළ ලෝක මේ
විසි ගුණයක් වේගෙන් දඟ පන්දු යැවෙනවා
ගායනය - නියෝ, කයිසර්, ටෙහානි සමඟ ෂර්මන් විල්ස් පද රචනා - සඳුන් ලක්මාල් සංගීතය - පසන් ලියනගේ මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ප්‍රියංග වීඩියෝවේ නිෂ්පාදනය - ඉරාජ් ප්‍රඩක්ෂන් ඉරාජ් වීරරත්න කාලෙන් කාලෙට එකිනෙකට වෙනස් නිර්මාණ ඉදිරිපත් කරනවා. මෙයත් ඔහු කලානුරූපීව නිර්මාණය කළ ගීතයක්. හැබැයි තමන් නිෂ්පාදනය කරනු ලැබුවට ඔහු මෙයට ගායනයෙන්වත් සංගීත අධ්‍යක්ෂණයෙන්වත් දායක වෙලා නැහැ. මෙය සම්පූර්ණයෙන්ම රූගත කොට ඇත්තේ ජනාකීර්ණ වූ මාර්ග කිහිපයක. අතරමඟදී හමු වූ නළුවන් කිහිප දෙනෙකු ද මෙම වීඩියෝවේ සිටිනවා.
|