|
සියලු සිනමා ප්‍රදර්ශක සමාගම් සිනමාව සුරැකීමේ සියලු සිනමා සංගම් සහ බලමණ්ඩල ඇතුළු සියලුම සිනමාකරුවන් වෙතටයි
සිංහල සිනමාහලට ඇමරිකන් සිංහල චිත‍්‍රපටචිත්‍රපට අධ්යක්ෂ දිනේෂ් ප්‍රියසාද් විසිනි මෙම ලිපි මාලාව සංවාදයට විවෘතයි
අවසාන ලිපිය
සිනමාවක අවසානය 'මිනි සිනමා හලයි' සිනමා රසය විඳ ගත යුත්තේ සුවිශාල ප්‍රේක්ෂකාගාරයක් තුළ නන්නාඳුනන විසල් රසික ජනතාවක් අතර හිඳ - දැවැන්ත තිරයක පතිත වන සිනමා කෘතියක් තුළින්ය. 'මිනි සිනමා හලෙන්' දැවැන්ත තිරය - අහෝසි වී යනු ඇත. ආසන සංඛ්‍යාව සුළුතරයකට සීමාවනු ඇත. සරිවට ශබ්ද ප්‍රයෝගයේ - තත්වාකාරය වියැකී යනු ඇත. දේශීය සිනමාව - නුදුුරු අනාගතයේදී එනම් - 2017 සිට හොලිවුඩ් චිත්‍රපට ද - බොලිවුඩ් සහ දකුණු ඉන්දීය කොලිවුඩ් චිත්‍රපට ද, සිංහල චිත්‍රපට වෙනුවට - සිංහල දෙබස් කවා සිංහල චිත්‍රපට ලෙසින්, සිංහල මිනිසුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට එළඹෙනු ඇත. එසේ නොවන්නට - දැනට ක්‍රියාකාරීව පවතින සිනමාහල් සහ 1ම් සහ 2ම් ප්‍රභේදයට නවීකරණය වූ සිනමාහල් තවදුරටත් පවත්වාගෙන යෑම උගහට වන්නේය. හොලිවුුඩ් - බොලිවුඩ් සහ කොලිවුඩ් ශ්‍රී ලංකා දේශය තුළ වසංගතයක් වනු නියතය. ඒ අදාළ භාෂාවන් නොව සිංහලයෙනි. විදෙස් භාෂාවක චිත්‍රපටයක් දින 5 ක් ප්‍රදර්ශනය කළත්, ප්‍රේක්ෂකයින් දහ පහළොස් දෙනෙකු පමණක් නැරඹුවත්, ඉන් ලැබෙන ආදායමෙන් ප්‍රතිශතයක් පමණක් විදෙස් ගත කොට, චිත්‍රපටය ගලවා දමා, වෙනත් විදෙස් චිත්‍රපටයක් සිනමාහල් හිමියාට ප්‍රදර්ශනය කළ හැකි වන්නේ කිසිවෙකුගේ හෝ විරෝධයක් රහිතවය. එබැවින් එම ක්‍රමවේදය සිංහල චිත්‍රපට නිෂ්පාදකයාට මරු පහරක් ද වන්නේ - ඒ වන විට නිෂ්පාදකයා සිංහල චිත්‍රපට හැදුවොත් පමණි. ඒ ඔස්්සේ, නව ඊනියා වෙළඳපොළක් බිහි කරවමින් නිපදවෙන විදෙස් සිංහල චිත්‍රපට අරබයා සිංහල දෙබස් පරිවර්තකයින්ට සහ සිංහල දෙබස් කවන්නන්ට හොඳ ඉල්ලුමක් මෙන්ම, හොඳ ඉල්ලමක් ද වන බව දිවුරා කිව හැකිය. අප නළු නිළියන් හට ද හොඳ කලක් උදා කර ගැනීමට නම් රංගන කාර්යය පසෙකට දමා විදෙස් නළු නිළියන් සහ සජීවිකරණ සතුන්ට සිංහලෙන් දෙබස් කැවීමට දැන් දැන්ම පුරුදු පුහුණු වන ලෙස මා මෙයින් ඉල්ලා සිටින්නේ සිංහල සිනමාවට නුදුරේ ඇති වන අඳුරේ - අවධානම පිළිබඳ අනතුරු ද හඟවමිනි. මේ වන විටත් - ටෙලිවිෂනයේ සිංහල දෙබස් කැවූ විදෙස් නාට්‍ය, චිත්‍රපට පෙන්වනවා නම් 'දෙබස් කැවූ - සිනමාහල් චිත්‍රපටයට' එරෙහිව දමා ඇති බැරියරය ඉවත් කර ගැනීම අපහසු නොවන්නේය. ඩොලර් කෝටි ගණනක වියදමක් දරමින් නිපදවෙන හොලිවුඩ් චිත්‍රපටයක්, රුපියල් ලක්ෂ 05 කින් සිංහලට පරිවර්තනය කර ච්ඛ්ර්‍ථ පිටපත් 20 ක ප්‍රදර්ශනයෙන් ලැබෙන දල ආදායම අවමය රුපියල් ලක්ෂ 700 ක් නම් ආනයනකරුට ශ්‍රී ලංකාව තුළදී ලක්ෂ 310 කට වැඩි ලාභයක් හිමි කර ගත හැකි වනු ඇත. මෙම ක්‍රමවේදය තුළ සිංහල නිෂ්පාදකවරු සිංහල චිත්‍රපට අතැර දමා විදෙස් ආනයනකරුවන් වෙනුවෙන් මුදල් යොදවනු ඇත. සුද්දන් සහ බලු බල්ලන් සිංහලෙන් කතා කරන එම චිත්‍රපට අප නිර්ධන පන්තියට සහ මධ්‍යම පාන්තිකයාට දැක ගත හැකි වන්නේ ච්ඍච් පිටපත් මඟිනි. ච්ඍච් සහ රූපවාහිනී වෙළෙන්දාට ද හොඳ කලක් උදාවන්නේ, මිනි සිනමාහල්වල පන්තීන් වෙන් කිරීමට තරම් ආසන සංඛ්‍යාවක් ද නොමැති බැවිනි. රූපවාහිනිය ශ්‍රී ලංකාවට සැපත් වන විට පෙළක් සිනමාකරුවන්ගේ හැඳින්වීම වූයේ '- රූපවාහිනිය සිනමාවට වෙස්වලාගත් ආශිර්වාදයක්' යනුවෙන් ප්‍රකාශ කිරීමෙනි. එහි සත්‍යයක් ද නැතුවා නෙවෙයි. දැන් බැටළු හම පොරවා - වෙස් වලාගත් ආශිර්වාදයක් ලෙසින් හුවා දක්වමින් 'මිනි සිනමා' නමින් අප සිනමාව කා දැමීමට එන ව්‍යාඝ්‍රයා ගෙන් ද - දැන් අප ජාතික සිනමාව බේරාගත යුතුව ඇත. චිත්‍රපටයක් එළිදැක්වීමේදී - එය ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට මෙන්ම - විශේෂ අවස්ථාවක චිත්‍රපට ප්‍රදර්ශනයකට මිනි සිනමාහල සුදුසු නොවන බව, වටහා ගන්නේ නම් මැනවි. අනාගතයේදී ඇති වන සිංහල සිනමාවේ මහා ඛේදවාචකය අබියස අප සිනමාකරුවන් හා ප්‍රේක්ෂක ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වනු නියතය. 'මිනි සිනමා' හෙවත් හුන්ඩු සිනමා කාමරවලට විරුද්ධව හඬ නැඟිය යුතු කාලය දැනටමත් ඉඟිළී ගොසින්ය. 'මිනි පෙට්ටියෙන්' පටන් ගෙන 'මිනි සිනමා'හලෙන් - සිංහල සිනමාව අහවර වන්නේ නම්, එය මොනතරම් අභාග්‍යයක්ද? එක් දහස් නවසිය හතලිස් හතේ ජනවාරි විසි එක් වෙනි දින රුක්මණී දේවිය තම පියාගේ නිසල දේහය බදා හඬා වැළපෙන සමාරම්භක 'මිනී පෙට්ටි' දර්ශනයෙන් ඇරඹි සිංහල කතා නාද සිනමාව 'මිනි සිනමා' හලේ මිහිදන් කිරීමට තරම් යථාර්ථය නොදැන වෙර දරන කිසියම් හෝ මිනි සිනමාහල් ව්‍යාපාරිකයෙකු වේ නම් - ඔහු දැනුම්වත් කොට, ඔහු ලවාම, අඩු තරමින් 'පන්ති තුනකට' බෙදෙන ලද ආසන 400 කින් සමන්විත දැවැන්ත තිරයක් සහිත සිනමාහලක් ගොඩ නැංවීම උදෙසා අනුබල දී සිනමාහල් ව්‍යාපාරිකයාව යහමඟට යොමු කරවන්නේ නම්, එය අප විද්වත් සිනමා උපදේශක මහතුන්ගේ යුතුකම සහ වගකීම ද වන්නේ . . . සිංහල සිනමාවේ නාමය ඉදිරියේ බව සඳහන් කිරීමට කැමැත්තෙන්ය සිංහල සිනමාවට විනා - මිනි සිනමා ව්‍යාඝ්‍රයාට කිසි සිනක අගතියක් නොවන්නේ ඌ සියලු සිංහල චිත්රපටකරුවන්ව කා දමන බැවිනි. අප ප්‍රධාන මාතෘකාව වශයෙන් සිංහල සිනමාහලේ 01 - 02 සහ 03 යන පන්ති පද්ධතිය නැවත ස්ථාපිත කර ටිකට් මිල පහත දැමීම කඩිිනම් කරන ලෙස මා නැවත - නැවතත් ඉල්ලා සිටින්නේ - සිංහල සිනමාව නිත්‍ය වශයෙන්ම අක්‍රීය වන තැනට කටයුතු සිදු වී ඇති බව දැන දැනත්, මා සිනමාව වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන පරමාර්ථියෙනි. දශක 03 කට ආසන්න කාලයක් මුළුල්ලේ නොතිබූ - සිනමාහල් පංති පද්ධතිය නැවත එක රැයින් ස්ථාපිත කිරීම නම් කිසි ජගතෙකුට බැරි බැව් මා හොඳාකාරව දනිමි. එහෙත් සියලු ජනමාධ්‍යයන් හරහා, මහජනතාව දැනුවත් කොට, නිවැරදි සැලැස්මක් මත - පන්ති පද්ධතිය ස්ථාපිත කිිරීමට සියලු සිනමා සමාගම් සහ ජාතික චිත්‍රපට සංස්ථාව සෘජුව මැදිහත් වන්නේ නම්, සයමසක් ඇතුළත එහි විශිෂ්ට ප්‍රතිඵලය භුක්ති විඳීමට සිනමාහල් හිිමියන්ටත්, සිනමාකරුවන්ටත්, ප්‍රේක්ෂක ජනතාවටත් හැකි වන බව මගේ විශ්වාසයයි. සිනමාහලේ පන්ති පද්ධතිය ආනුභාවයෙන් වැඩි ප්‍රේක්ෂක ජනතාවකට සිංහල චිත්‍රපට නැරඹීමට අවකාශය සැලසෙනු නියතය. සිංහල සිනමාව පිළිබඳ මා කළ අනතුරු හැඟවීම සහ විවරණය තුළ මා විසින් ප්‍රකාශිත ඛේදවාචකය වළක්වා එය සාවද්‍ය කරුණක් බවට පත් කරවමින්, කවුරු හෝ මා පරාජය කිරීමට ඉදිරිපත් වන්නේ නම් - හැකි ඉක්මනින් ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටින්නේ ද - සිංහල සිනමාවේ ගෞරව නාමයෙනි.
|