වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




වීරවර්ණ 18 වැනිදා එයි

වීරවර්ණ 18 වැනිදා එයි

ෂාහිරු රණසිංහගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වූ වීරවර්ණ සිනමාපටය මෙම මස 18 වැනිදා සිට රීගල් අතුළු රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ඇරැඹේ. මෙහි රවීන්ද්‍ර රන්දෙනිය, සිරිල් වික්‍රමගේ, ඩබ්ලිව්. ජයසිරි, වීණා ජයකොඩි, ඩග්ලස් රණසිංහ, ටෙඩී විද්‍යාංලකාර, ගාමිණී ජයලත්, සුසන්තා චන්ද්‍රමාලි, රංජිත් රූබසිංහ සමඟ තිරයට හඳුන්වා දෙන නේෂාන් නෙල්ලිගහවත්ත, සංකල්ප රණසිංහ, මල්ෂි මද්දුමගේ ඇතුළු ප්‍රමිත රන්දිය, හිමල්කා ගුණවර්ධන සහ ටෙහන්සා මන්දිනී යන ළමා නළු නිළියන් රංගනයේ යෙදෙති. අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද ෂාහිරු විසින් නිම කොට ඇත. කැමරා අධ්‍යක්ෂණය අනුර බණ්ඩාරගෙනි. උපාලි කන්නංගර සංගීත අධ්‍යක්ෂවරයාය. හේමන්ත ගමගේ ගේ අංග රචනයකි. ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂණයෙන් එකතු විය. වීරවර්ණ අජිත් නිශාන්ත සහ නිලන්ත ගුණවර්ධනගේ නිෂ්පාදනයකි. -ප්‍රසාද්


දේශීය සිනමා ඉතිහාසයේ වාර්තාවක්

ජාත්‍යන්තර සම්මාන දිනූ  හෝ ගානා පොකුණ දින 100යි

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අසමසම වාර්තාවක් තබමින් ජාත්‍යන්තර උලෙළක සම්මානයට පාත්‍ර වූ දේශීය චිත්‍රපටයක් තිරගත වී දින සියයක් සම්පූර්ණ කොට ඇත. එම සිනමාපටය වනුයේ ඉන්දික ෆර්ඩිනැන්ඩු අධ්‍යක්ෂණය කළ හෝගානා පොකුණයි. හෙට දින දින සියයක් සපිරෙන හෝගානා පොකුණ සිනමාපටයෙහි එම විශේෂ උත්සවය මෙම මස 21 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැවෝයි සිනමාහලේදී පැවැත්වෙනු ඇත. එහිදී සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරේ. මෙහි ලූෂන් බුලත්සිංහල, අනසුයා සුබසිංහ, ජයලත් මනෝරත්න, ජයනි සේනානායක, දයාදේව එදිරිසිංහ, හයිසින්ත් විජේරත්න, සැනෙට් දික්කුඹුර, ගීතා කාන්ති ජයකොඩි, අමා විජේසේකර ආදීහු රංගනයෙන් දායක වෙති.

හෝගානා පොකුණ නිෂ්පාදනය කුසුම්සිරි ලියනාරච්චි, යසෝධරා සරච්චන්ද්‍ර සහ සුනිල් ටී ප්‍රනාන්දුගෙනි.


නටන් නැතුව දින්නා තිරයට පැන්නා

කල්‍යාණ චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමාපටය නටන් නැතුව දින්නා සිනමා පටය පසුගිය 11දා සිට රිද්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ඇරඹිණ.

ක්ලීටස් මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, රොඩ්නි වර්ණකුල, බින්දු බෝතලේගම, මාධි පණ්ඩිතරත්න, දේවින්ද මාර්කස්, දයාසිරි හෙට්ටිආරච්චි, මිලින්ද පෙරේරා, ආරියසේන ගමගේ, හැරී විමලසේන, රූපා ගෝමස්, ආචාර්ය ධනවර්ධන ගුරුගේ, කීර්ති රංජිත් පීරිස්, භාතිය මදනායක, තුලිත වෛද්‍යකීර්ති, ජගත් ඇපලදෙණිය, මෝමන් පළිහවඩන, ගාමිණි කොස්තා, රුවන් අමරසේකර, මංජුල බණ්ඩාර, මාධි මිරාල් මෙහි චරිත මවති.

අමිත් සුරංගගේ කැමරා අධ්‍යක්ෂණයකි. සරත් වික්‍රම සංගීත අධ්‍යක්ෂවරයාය. චන්ද්‍රදාස ප්‍රනාන්දු, ලක්ෂ්මන් මල්ලවාරච්චි, ගීපද රචනයෙන් දායක වූහ. රොඩ්නි වර්ණකුල, රොනී ලීච් සමඟ ජින්ජර් වයිට් ගීත ගැයූහ. ලලින්ද බී. ප්‍රනාන්දු සහාය අධ්‍යක්ෂණයෙන්ද, ගුණවර්ධන එදිරිසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන්ද, දේවින්ද මාර්ක්ස් සටන් අධ්‍යක්ෂණයෙන්ද ගාමිණී කොස්තා අංග රචනයෙන්ද, රුවන් චාමර සංස්කරණයෙන්ද, ශෂික රුවන් ශබ්ද සැලසුමේද මේ සඳහා එකතුවූහ.

නටන්නැතුව දින්නා ඒ. පාරිස්ටර්ගේ නිෂ්පාදනයකි.


ග්ලූමි බෝයිට ජගත් සම්මානයක්

ප්‍රංශයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයකු වන රෙෂාන් ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂනය කරනු ලද "Gloomy Boy" නැමති කෙටි චිත්‍රපටය ජනවාරි මස පකිස්තානයේ පැවති අන්තර් ජාතික කෙටි චිත්‍රපට තරගයේ හොදම චිත්‍රපටය සදහා වන සම්මානය දිනාගෙන ඇත. රටවල් 110 කින් ලැබූ චිත්‍රඅපට 1058 ක් අතුරින් චිත්‍රපට 5 ක් ජයග්‍රහණය කළ අතර එයින් හොඳම චිත්‍රපටය ලෙස "Gloomy Boy"  සම්මානයෙන් පිදුම් ලැබීය. අයර්ලන්තයේ Ireland) - ‘Oven Glove’ , ඇමරිකාවේ (United States) - ‘CHASM’ හා ‘How to rob the house’, ස්පාඤ්ඤයේ (Spain) -‘ Sector Zero 4’ ජයග්‍රාහී අනෙක් චිත්‍රපට වේ. කරච්චි අගනුවර Pak American Cultural Centre (PACC) හීදී සම්මාන උලෙළ පැවති අතර එය iSmart Films සමාගෙමේ සංවිධානයක්. එමෙන්ම මෙය ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ හි පැවැත්වීමට නියමිත The Kids Festival 2016 සදහා හොදම අධ්‍යක්ෂණය හා හොඳම රංගනයටද නාමයෝජනා වී ඇත. යුරෝපයේ බෙහෙවින් දක්නට ලැබෙන මව හා පියා විරසක වීමේ ඛේදවාචකයට ලක්වූ පවුලක හුදකලා වන කුඩා පිරිමි ළමයකු වටා ගෙතුණු කතා වස්තුවක් "ග්ලූමි බෝයි" හෙවත් ඛේදජනක පිරිමි ළමයා නිර්මාණයට පදනම් වී ඇත. නිර්මාණය මුලුමනින්ම රූගත කර ඇත්තේ iPhone 5s ජංගම දුරකතනයකිනි. ලොව නවතම සංගීත පෙරළියක් වන Dubstep  ක්‍රමයට මෙහි සංගීතය නිමවා ඇති අතර සංගීතයට පමණක් උචිත තිර කතාව ඔස්සෙ මෙය නිර්මාණය කර ඇත. එමෙන්ම මෙය පසුගිය වසරේ, මාර්තු මස ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ (Hollywood) හොලිවුඩයේ (Beverly Hills)බිවර්ලි හිල්ස් හීදී පැවති 5 වන iPhone Film Festival  සදහා Music Video අංශයෙන් තරග වැදීමට තේරී වූයේය. ප්‍රංශයෙන්ම ඒ සඳහා නිර්මාණ දෙකක් පමනක් තේරී පත්වීම සුවිශේෂත්වයකි. එසේම පසුගිය වසරේ තවත් ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ හි Cinephone Film Festivalහා ඇමෙරිකාවේ සැන්ඩියේගෝ හි Mobile Film Festival වැනි සිනමා උලෙළවල් කීපයකටම අන්තර් ජාතික වශයෙන් තරග වැදීමට තේරී පත්වූයේය. 2009 වසරේදී, "මැයි 20" නැමති ඔහුගේ සිව්වැනි කෙටි චිත්‍රපටයද මෙලෙස Hollywood) හොලිවුඩයේ ධ්ඉජ්ජ් 2009 අන්තර්ජාතික කෙටි චිත්ර පට උලෙළට තේරී පත්වූයේ (Beverly Hills) බිවර්ලි හිල්ස් හී everly Garland's Theaterහීදී ප්‍රදර්ශනයද කරමින්. "Gloomy Boy"හි සියලු වැඩ කටයුතු ප්‍රංශයේ පැරිස් නගරයේ සිදු කර ඇත. සංගීත නිර්මාණය FloidBeats  වන අතර මෙහි කතාව, සංස්කරණය සහ නිෂ්පාදනයද Silent Entertainment  වෙනුවෙන් රෙෂාන් ප්‍රනාන්දු සතුවේ.