සෙල්ෆි ඩිලීට්
සෙල්ෆි ඩිලීට්
ජනපි‍්‍රය පුවත්පතක මාධ්‍යවේදියකුට මරු වැඩක් වුණා මිනිහා මේ දිනවල හරිම දුකෙන්
ඉන්නෙ. මෙයා දවසක් ගිහින් අමරදේව මහත්තයා මුණගැහෙන්න. පුවත්පත් ලිපියක් සම්පාදනය
කරන්න යි එහෙම ගිහින් තියෙන්නෙ ඒ අතරතුරදි ඔහුට හිතිලා අමරදේවයාණන් සමඟ සෙල්ෆියක්
ගන්න. ඒත් ඔහුට කියන්න බයයිලු. නමුත් හිතට ශක්තිය අරගෙන අමරදේව මහත්තයට කිව්වලු මට
ඔබ තුමන් එක්ක ඡායාරූපයකට ඉන්න ඕන කියලා. එතුමා ඉතින් නෑ බෑ කියන්නෙ නැහැනෙ. අපේ
මාධ්‍යවේදියා ලද අවස්ථාවෙන් එතුමා එක්ක සෙල්ෆි දෙක තුනක්ම අරන්. පහුවෙනිදා ඔෆිස්
ඇවිත් යාළුවන්ටත් පෙන්වන්න ඕන කියලා හිතාගෙන මහත් වූ උද්දාමයකින් ඔහු එදා ගෙදර
ඇවිත් තියෙන්නෙ. ටික වෙලාවක් ගත වුණාම පෙනිලා ෆෝන් එක ඔහුගෙ පුතා අරගෙන සෙල්ලම්
කරනවා. එහි ෆොටෝ ගැලරියත් පුතා දන්න විදියට ඕපන් කරගෙන. මාධ්‍යවේදියා දැන් පුංචි
වැඩක ඉන්න ගමන් පුතා දිහා අවධානයෙන් හිටියලු. ඔන්න එක පාරටම පෙනිලා ෆෝන් එකේ තිරය
මත Delete all කියන වචනය. මාධ්‍යවේදියා කෑ ගහලා පැනලා ෆෝන් එක අතට ගන්න. ඒ සද්දෙට
පුතා බයවෙලා Ok කියන වචනය එබිලා. ෆොටෝ ටික ඔක්කොම Delete අර සෙල්ෆි ටිකත් ඒ
අතරේ තිබිලා. අනේ අපොයි වෙච්චදේ.
|