|
|
මේ දිනවල ලෝකය කලඹන දැවැන්ත චිත්‍රපටය පිළිබඳ ඔබ නොදත් තවත් කතා 2
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
අර්වින් කෙශ්නර්
මේය අධ්‍යක්ෂණය කළේ ජෝර්ජ් ලූකස් නොවෙයි. අර්වින් කෂ්නර් මෙහි තිර රචනයට ලෝරන්ස් කැස්ඩන් සමඟ ලුකස් සහභාගි වුණා. ලූකස් අධ්‍යක්ෂණය නොකළ නිසාදෝ දි එම්පයර් ස්ට්‍රයික් බැක්, ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලවේ විශිෂ්ඨතම චිත්‍රපටය ලෙස රසිකයන්ගේත්, විචාරකයන්ගෙත් පිළිගැනීමට ලක් වුණා. මෙහි සම රචක ලෝරන්ස් කැස්ඩන් ගැන මොහොතකට අවධානය යොමු කරමු. ඔහු හොලිවුඩයේ සිටින ප්‍රතිභාපූර්ණ තිර රචකයෙක්. ස්ටාර් වෝර්ස් 4, 5, 6 පමණක් නොව අතිශය ජනප්‍රිය ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ පළමුවන චිත්‍රපටය රේඩර්ස් ඔෆ් ද ලොස්ට් ආර්ක් රචනා කළේත් ඔහුයි. ඊට අමතරව බොඩි හීට්, බිග් චිල් සහ ද බොඩිගාඩ් වැනි චිත්‍රපට රචනය කරමින්, අධ්‍යක්ෂණයට ද පිවිසුණු නිර්මාණකරුවෙකු වූ කැස්ඩන් ඇකඩමි සම්මාන 4 කට නිර්දේශ වී තිබෙනවා. ලූකස්ගේ තනි මතයට ලියැවුණු ස්ටාර් වෝර්ස් ත්‍රිත්වයේ අසාර්ථකත්වයත් සමඟ මෙවර නිමැවුණු 7 වන චිත්‍රපටය රචනය සඳහා නැවතත් කැස්ඩන් සම්බන්ධ කර ගත්තේ ඉච්ඡා භංගත්වයට පත් වූ රසික කැල නැවත දිනා ගැනීමේ අදිටනකිනුයි. එය නිවැරැදි තීරණයක් බව පෙන්නුම් කරමින් නවතම ස්ටාර් වෝස් අ ෆෝස් අවේකන් චිත්‍රපටය තිරගත කර ප්‍රථම දින 10 තුළ ඇ. ඩො. බිලියනය පසු කර ගියේ වාර්තා පිට වාර්තා බිඳ දමමිනි. ඒ ගැන පසුවට කතා කිරීමට තබා නැවතත් අප එම්පයර් ස්ට්‍රයික් දෙසට හැරෙමු. සෙන්ටර් පැල්පටින්ගේ නායකත්වය යටතේ, ඩාක් වේඩර් හරහා තාරකා මණ්ඩල අධිරාජ්‍යයේ අණසක පතුරා ගෙන සිටින සිත් නැතහොත් අඳුරු පාර්ශවය, තමන්ට අලුතින් එල්ල වී ඇති මේ තර්ජනය මැඬලන්නට පිඹුරුපත් සකස් කරනවා. ලුක් ස්කයිවෝකර්ගේ නායකත්වයෙන් කැරලිකාර කණ්ඩායම, අධිරාජ්‍යයට එරෙහිව සටන් වදින්නේ, අභ්‍යාවකාශයේ භෞමික අඛණ්ඩතාවත්, ස්වෛරී රාජ්‍යයත් සඳහාවත් නොව මන්දාකිණියට 'යහ පාලනයක්' රැගෙන ඒමේ පරමාර්ථයෙනි. මෙහි කතා සාරාංශය නම් මාස්ටර් යෝදා යටතේ ලූක්, ජෙඩයි නයිට්වරයකු වීමට පුහුණුව ලබනවා. මේ අතර ඩාක් වේඩර්, ලූක්ගේ මිතුරන් වන හන් සොලේ, ලේලා කුමරිය ඇතුළු කණ්ඩායම පසුපස හඹා යනවා. ඩාක් වේඩර් අපකීර්තිමත් දඩයක්කාරයෙකු වන බෝබා ෆෙට් ඇතුළු පිරිස ලුහුබැඳීමේ කොන්තරාත්තුව භාර දෙනවා. කෙසේ හෝ මෙම පිරිස තම ග්‍රහණයට ගන්නට අවසානයේ ඩාක් වේඩර් සමත් වූ පසු ඔහු හන් සොලෝව කාබන් අධිශීත කිරීමේ ක්‍රමයෙන් කාබනයිට කුට්ටියකට අධික ශීත කරනවා. ඉන් පසු බොබා ෆෙට් හාන් සොලෝව රැගෙන ගොස් පිටසක්වල වාසියාට දී තෑගි ලබා ගන්නවා.
අති බල සම්පන්න ඩාක් වේඩර් හට ලූක් වැනි ආධුනිකයකුට අලගු තියන්නටවත් බැරි වෙනවා. ඔවුන් දෙදෙනා අතර ද්වන්ධ සටනෙන් ලූක්ට තම අතක් අහිමි වෙනවා. ඩාක් වේඩර් ලූක්ට පවසනවා ඔහු ලූක්ගේ පියා බව. ඉන් පසුව ඔහු ලූක්ට අඳුරු පාර්ශවයට එක්වීමට ඇරයුම් කරනවා. විශ්වයම සහ ත්‍රාසයට පත් වන ලූක් වායු පතලකට ඇද වැටෙනවා. කෙසේ හෝ නැවතත් කැරලිකාර කඳවුරට යන ලූක්ට එහිදී කෘත්‍රිම අතක් බද්ධ කරනවා. ලූක් පාවිච්චි කළ ඊට පෙර ඔහුගේ පියා වූ අනකිංගේ ආලෝක කඩුව සටන මැදදී ලූක් අතින් නැති වෙනවා. මිලේනියම් ෆෝල්කන් යානයෙන් හන් සොලෝගේ මිතුරන් ඔහුව සොයා යද්දී ලූක් තම හිතෛෂී රොබෝවරුන් දෙදෙනා වන R2D2 සහ C-3PO සමඟ කල් මරන්නේ මිලේනියම් ෆෝල්තස්ගේ සගයින්ගෙන් තොරතුරුක් ලැබෙන තුරුයි. එම්පයර් ස්ට්‍රයික්ස් බැක් කතාව අවසන් වන්නේ එසේයි. 1977 ස්ටාර් වෝස් විප්ලවීය ආවර්ජනයක් සිනමා ක්ෂේත්‍රය තුළ ඇති කරමින් මහත් ලාබදායී ව්‍යපෘතියක් වූ බැවින් එම්පයර් ස්ට්‍රයික්ස් බැක් නිර්මාණය කිරීමේදී ලූකස් හොලිවුඩයේ කිසිම නිෂ්පාදකවරයෙකු නොකරන දෙයක් කළා. එනම් චිත්‍රපටයට තමන් සතු මුදල් යෙදවීමයි. ස්ටාර් වෝර්ස් ලාභාංශවලින් සහ තවත් ණයට ගත් මුදලින් ඩොලර් මිලියන 35 ක් එකතු කරගත් ලූකස් තනිවම එහි නිෂ්පාදනයට අත ගැසුවා. එය ඉතා නිර්භීත පියවරක් වූවා සේම එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්ටාර් වෝර්ස් ව්‍යාපාරයේ සම්පූර්ණ පාලනය ද සියතට ගැනීමට ඔහුට හැකි වුණා. නිෂ්පාදන කටයුතු මෙන්ම විශේෂ ප්‍රයෝග සඳහා අයි. එල්. එම්. ආයතනයේ මෙහෙයවීමට තිබූ බැවිනුත් ලූකස් අධ්‍යක්ෂණය කිරීම දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලය (ලොව හොඳම සිනමා පාසල මේ විශ්ව විද්‍යාලයට අයිති වෙයි) හී ඔහුගේ ගුරුවරයෙකු වූ මහාචාර්යවරයකු වන අර්වින් කෙශ්නර්ට පැවරුවා. මීට පෙර දැවැන්ත සිනමා කෘතිවලට අත ගසා නොතිබූ කෙශ්නර් එයට මුලදී මැලිකමක් දැක් වුව ද ලූකස් ගත් ඒ තීරණය අති සාර්ථක බව චිත්‍රපටය ලැබූ අසීමිත රසික සහ විචාරක ප්‍රතිචාරවලින් පිළිබිඹු කළා. මෙම චිත්‍රපටය අඳුරු තේමාවකින් යුක්ත වූයේ අධිරාජ්‍යයේ ක්‍රියාකාරිත්වයට එහි ප්‍රමුඛ තැනක් දී තිබූ බැවිනි. 1977 ස්ටාර් වෝර්ස් මෙන්ම මෙහි ද විශ්ව ආගම් සහ මිථ්‍යා කතාවල මූලද්‍රව්‍යවලින් අඩුවක් වුණේ නැහැ. ආකාසේ පාවෙන නගරය ඊට හොඳම උදාහරණයකි. මාස්ටර් යෝදා ස්ටාර් වෝර්ස් කතා මාලාවේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් වන යෝදා ප්‍රථම චිත්‍රපට ත්‍රිත්වයේදී රූකඩයක් වූ නමුදු, 4, 5, 6 හී ඔහුව දෘශ්‍ය ප්‍රයෝග මඟින් ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. යෝදා රූකඩ නටවන්නාගේ නම FEANK 02 ඔහුව තමයි යෝදාට හඬ කැවුවෙත්. යෝදාගේ එක් විශේෂයක් වන්නේ ඔහු කතා කරන විට උක්ත ආඛ්‍යාත සාමාන්‍ය භාවිතයේ පාවිච්චි නෙකරන අනු පිළිවෙළට සන්නිවේදනය කිරීමයි. එය යෝදාට අවේණික සන්නිවේදන ක්‍රමයයි. යෝදා, ජෙඩායි පරම්පරාවේ සිටින මහා ප්‍රාඥයායි. ඒ වාගේම ශක්තිය අතිනුත් ඔහු ඉතාම ඉහළයි. ස්ටාර් වෝර්ස් හි මේ ශක්තිය ඉතා වැදගත් අංගයක්. ජේඩිවරුන් ප්‍රගුණ කරන මේ ශක්තිය ස්්ටාර් වෝර්ස් දර්ශනයට අනුව සමාන වන්නේ විශ්ව ශක්තියටයි. එම නිසා ඔවුන් නිතරම විශ්වයේ ශක්තිය සමතුලිතව තිබීමේ වැදගත්කම ගැන කතා කරනවා. ඒ වාගේම ජේඩිවරුන්ට ශක්තියේ ආධාරය පෙළහර පාන්නට අවශ්‍ය වෙනවා. ස්ටාර් වෝර්ස් හී ජනප්‍රියම කියවිල්ලක් වන්නේ 'MAY THE FORCE BE WITH YOU' යන්නයි. එම වාක්‍යය ජනප්‍රිය සංස්කෘතියට මහත් බලපෑමක් ඇති කළ වැකිකඩක්. STAR WARS අභ්‍යවකාශ ඔපෙරාවේ 3 වන කණ්ඩය නැතහොත් EPISODE VI - RETURN OF THE JEDI සමඟ ලබන සතියෙත් හමුවෙමු.
|



පසුගිය සතියේ ලිපිය අවසන් වුණේ ස්ටාර් වෝර්ස් අ නිව් හෝප් කතා සාරාංශයත් සමඟයි.
ස්ටාර් වෝර්ස් වීරාඛ්‍යාන අභ්‍යාවකාශ ඔපෙරාව තවත් පරිච්ඡේදයකට පිවිසුණේ 1980 දී
තිරගත වූ එපිසෝඩ් 5 දි එම්පයර් ස්ට්‍රයික්ස් බැක් සමඟයි.
මිස්ර් යුදා යටතේ පුහුණු වෙන ලුක්ට අසුබ නිමිත්තක ලකුණු දැනෙන්නට ගන්නවා. ඔහු තම
සොහොයුරිය සහ මිතුරන් අනතුරේ බව වටහා ගනිමින් යුදාගේ අවවාදය නොසලකා ජෙඩායි
නයිට්වරයකු විමේ පුහුණුව මඟ නවතා, තම මිතුරන් ගලවා ගැනීමට ඩාක් වේඩර් සමඟ සටනට
යනවා.