|
|
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්මානවී මා ගැන මොකද හිතන්නේ
සුජිත් ඇසුවේ ගේ ඇතුළින් ඉදිරියට පැමිණ අසල පුටුවක වාඩි වූ මානවීගෙනි. අත්තම්මා එතැනින් එහා පුටුවක වාඩි වී උන්නාය. මානවී නැතැයි කියන්න හිස වැනුවාය. උන් තැනින් නැගිට ගත් සුජිත් අතැති ජංගම දුරකතනය ඇඟිලිවලින් එහා මෙහා කොට මානවීට පෙන් වූවාය. 'මේ බලන්න ඒ ක්ලිප් එක' මානවී දුරකථනය අල්ලා ගත්තේ මහත් හැඟීමකිනි. ඇයගේ ඇස් දිලිසෙන්නට විය. රූප රාමුවක් ජීවිතයට මේ තරම් හැඟීමක් ඇති කරනු ඇතැයි ඇය නොසිතුවාය. පාසල් වේදිකාවේ රඟපෑ දවසේ අත්පොළසන් ලැබූ හැටි මානවීට සිහි විය. එක වතාවක් දෙවතාවක් නොවේ. එහෙත් ඒ සියල්ලම සුළඟේ ගියා බඳු විය. අද එයට වෙනස්ය. ඇය කැමරාව ඉදිරියේ සිටි අයුරු ඇයට සිහිපත් විය. ඇය සුජිත්ගේ දුරකතනය අත්තම්මාට පෙන්වීමට සැරැසුණාය. සුජිත් යළිත් ඇඟිල්ලෙන් සිය දුරකථනයෙන් රූප රාමුව එළියට ගත්තේය. 'මේ තියෙන්නේ නංගිගේ සීන් එක'
'අප්පච්චියේ මේක මට එදා වැවේදීත් සමහරු කිව්වා. අපි දැක්කේ නෑනේ' ඈ පැවසුවේ වරදක් නිවැරැදි කරගන්න මෙන් ස්වරයෙනි. 'ඒ කියන්නේ අපේ ටෙලි නාට්‍ය මුළු ගමම දන්නවානේ' සුජිත්ගේ හඬෙහි උදාරම් බවක් පළ විය. අත්තා ගෙදරට ආවේ ඒ අතරතුරය. ඔහු හැන්දෑවේ කුඹුරට ගොසිනි. 'අපේ දුව හිටපු නාට්‍ය කෑල්ල පෙන්නනවා' අත්තා හි'ස බැඳි සුම්බරය ගලවා ගසා දමමින් මානවී ළඟට පැමිණියේය. සුජිත් යළිත් රූප රාමුව පෙන්වා දුන්නේය. එය මිනිත්තුවක් ඇතුළත නොපෙනී යන්නේය. 'මේ ළමයා කොහේ ඉඳන්ද?' සුජිත් ආගිය පුවත් පැවසුවේය. මේ පළාතේ ටෙලි නාට්‍ය රූ ගන්වන්නේ ඔහු නිසාය. 'මම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්' සහකාර අධ්‍යක්ෂ, අත්තා තමන් දන්නා සිංහලට එය පරිවර්තනය කර ගත්තේ හිතෙන්මය. මේ ඉලන්දාරියා ලොකු මහත්තයෙක් ලෙස ඔහුට හැඟිණ. 'මහත්තයා තේ එකක්වත් බිව්වාද? මං හැන්දෑවෙ වෙලට ගිහින් එන ගමන්' 'මං ඇවිත් ටිකක් වෙලා. මං මෙ පැත්තට එන ගමන් සුමිත් අයියාගෙන් විස්තර අහගෙන තමයි පෙන්වන්න ආවේ' ඔහු හෙල්මටය අතට ගත්තේ ආපසු යන්නටය. අත්තම්මත් මානවීත් ඔහු පසුපසින් ගමන් කළේය. 'මං යන්නං' ඔහු මෝටර් සයිකලයට නැඟී රූං ගාගෙන යන්නට ගියේ ඊළඟ තත්පර කිහිපයේය. කවදාවත් නැති කෙනෙකුට මුහුණ දි කතා කරන්නට හැකිවිණැයි මානවිට සිතිණ. දවසින් දවස ජීවිතය ගෙවී ගියේ එපරිද්දෙනි. උදෑසනින්ම සුජිත් කතා කළේය. 'මම ආව එක ගැන මොකක්ද ඇහුවේ' 'මුකුත් නෑ' 'ඇත්තටම ඇට් කරන්න චාන්ස් එකක් ලැබුණොත්' 'අපෝ බෑ අයියේ' සාප්පුවේ සෙනඟ අඩුවෙන වෙලාවටම සුනීතා ගෙදර යන්නීය. සාප්පුවේ සහායට තවත් කෙනෙකු ගනිමු යැයි යෝජනාවක් ද ඇත්තේය. එහෙත් හරියට කිසිවකු නැත. මානවී උන්නේ පොතක් කියවමිනි. ගුවන් විදුලියේ ගීයක් වැයිණ, සුමිත් සාප්පුවට ගොඩ වුණේය. 'කෝ අක්කා ගියාද?' මානවී හිස සලා ඔව් යැයි පැවසුවාය. සුමිත් සාමාන්‍යයෙන් මේ වෙලාවට සාප්පුවට එන්නේ නැත. එහෙත් පසුගිය දවස් දෙකෙහිම ඔහු සාප්පුවට පැමිණ ගියේය. ඔහු සාප්පුවේ ලාච්චුව හැර බලා යළි මානවී ළඟට ආවාය. 'එදා සුජිත් ගෙදර ආවා නේද. මොකද කිව්වේ?' 'මුකුත් නෑ. අර ටෙලි නාට්‍ය කෑල්ල පෙන්නුවා' සුමිත් දිගු කතාවකට අර අඳින පාටය. 'මටත් දන් මේක ඇති වෙලා මානවී. සුනීතා දන්නේ වියදම් කරන්න විතරයි' 'ඇයි අක්කා කොච්චර මහන්සි වෙනද?' 'මහන්සි වෙනවා තමයි. ඒගොල්ලො හිතන් ඉන්නෙ සල්ලි ගස්වලින් කඩනවා කියලා. මම උගුර ලේ රහ වෙනකල් පන්ති තියලා තමයි ඊළඟට මේ සාප්පුව දාගත්තේ' මානවී කිසිත් පැවසුවේ නැත. සාප්පුව ඇතුළේ ඉන්නේ තමාත් සුමිත් පමණකි. සාප්පුවට එන කෙනෙකුට ඔවුන් දෙදෙනා පහසුවෙන් පෙනෙන්නේ නැත. කිසිවකු පැමිණෙනු දුටු සුමිත් කවුන්ටරය ළඟට ගියේය. ගනුදෙනුකරු ඉක්මනින් පිටත්ව ගියේය. 'සුනීතාගේ හැටි ඕගොල්ලන්ට පේන්නේ නෑ මානවී' සුමිත්ගේ කතාව අනතුරුව දුක් ගැනවිල්ලක ස්වරූපයක් ගත්තේය. මානවී මුලින් කතාව අසා සිටියේ උනන්දුවෙන් නොවේ. සුමිත් දිගින් දිගටම කතා කළේ විවාහ ජීවිතය සිදු වූ අන්දමය. සුනීතා දකුණු පළාතේය. ඒ දවස්වල සුමිත් ඉගෙන ගත්තේ ද ඒ පැත්තේය. දිළිඳු යුවතිය කෙරෙහි සිත බැඳුණු සුමිත් එක් දිනක් ඇය කැඳවාගෙන ආවේය. එහෙත් ආදරය යනු ජීවිතය නොවේ. 'එයා කවදාවත් මා ගැන තේරුම් ගන්නේ නෑ මානවි' ඒ කතාව සුමිත් පැවසුවේ දවස් දෙකකට පසුවය. එකට ඉන්න විට කිසිම වෙනසක් නොපෙන්වන මේ යුවළ අතර කිසිදු අඬ දබරයක් ඇතැයි මානවීට පෙනුණේ නැත. මානවී නිවසට වී කල්පනා කළාය. සුමිත් අයියා කෙතරම් කාරුණිකද? ඔහු පන්තියේ උගන්වන විට බෙහෝ දෙනා වසඟ වී බලා සිටියහ. සුමිත් සර්ගේ පන්තිවලට ළමයි බොහෝ දෙනා ඇදී ආවේ ඒ හින්දාමය. බොහෝ යුවතියෝ ඔහුගේ දෙසුම්වලට දැපනේ වැටී උන්නාහ. 'අම්මෝ බං මට සර්ව ගෙදර එක්කන් යන්න හිතෙනවා' දවසක්දා යෙහෙළියක හඬ නඟා පැවසූ අයුරු මානවීට සිහිපත්ව තනිවම සිනා ගියාය. සුමිත් අයියා ගැන සුනීතා සමඟ කතා කළ යුතු නැත. කොහොමටත් සුනීතා අක්කා පිටගම්කාරියකි. දවසින් දවස සුජිත් ඇයට කතා කරන්නේය. අත්තම්මා දැන් ඒ ගැන සොයන්නේ නැත. සුජිත් මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයක වැඩ යැයි පැවසුවේය. ඒ හම්බන්තොටය. පුංචි කාලයේ කතරගම ගියා විනා මානවී කිසි කලක ඒ පළාත කළු ද සුදුදැයි දන්නේ නැත. දවසක කතරගම වන්දනාවේ යන්නට වුවමනා බව අත්තම්මා ද පැවසුවාය. 'මානවී මා ගැන මොකද හිතන්නේ?' තවත් එක් දවසක සුමිත් ඇසුවේ රහසින් වාගේමය. සුනීතා දවසින් දවස ගෙදරට කොටු වුණාය. දරුවන් දෙදෙනාගේ වැඩත් සමඟ සාප්පුවට එන්නට වෙලාවක් නැත. මානවී තිගැස්සුණාය. 'ඇයි සුමිත් අයියේ' සුමිත් ඇයට වඩාත් ළං වී සිටියාය. මානවී උන්නේ සාප්පුවේ එක් පසෙක කෙළවරය. දවල්ට කෑම කන්නට, තේ එකක් සාදා ගන්නට මේ තැන අපූරුය. කඩයට එන ගනුදෙනු කරුවන්ට පේන්නේ ද නැත. සුමිත් සාප්පුවේ බොහෝ වෙලා රැඳී උන්නේය. ඔහු තේ එකක් ඉල්ලුවේ ඒ අතරතුරය. මානවී එතැනට ගියේ ඒ අතරතුරය. මේ දවස්වල සුමිත් සමඟ මානවී බොහෝ දේ කතා කළාය. කවුරුත් සමඟ හෝ කතා කරන්නට නැති බොහෝ දේ මානවී සුමිත්ට පැවසුවාය. මානවී තේ කොප්පය සාදා සුමිත්ට දිගු කළාය. එතැනින් මෑත් වන්නට ඇයගේ සිත පැවසුව ද සුමිත් මඟ අවුරා සිටි බැවින් එයින් මෑත් වන්නට ඇයට නොහැකිය. සුමිත් තේ කෝප්පය ගිල දැමුවේය. අනතුරුව හිස් කොටස පසුපස දොරින් මිදුලට විසි කොට දොර වසා දැමුවේය. 'ඊයේ වැව ඉසමත්තේ අලි හිටියාලු. රෑ වෙන්න කලින් යං. මම මානවීව ඇරලවන්නං' 'ඕන් නෑ. මට තනියම යන්න ඇහැකි' අද සාප්පුවට බොහේ ගනුදෙනුකාරයන් පැමිණියහ. සුනිතා ද නැති බැවින් මානවිට වැඩ අධිකය. වෙනදා නම් ඉර ගල වැටී එන විට ඈ නිවසට යන්නීය. 'රෑ වුණාට කමක් නෑ මං ඇරලන්නං' මානවී හිස සැලුවාය. සුමිත් සිය මෝටර් සයිකලය පණ ගන්වා ගත්තේය. මානවී එහි පිටුපසින් නැංගාය. වංගුව ගනිද්දී සුමිත්ගේ උරමඬලෙහි තම මුහුණ වැදෙනු වළකාලන්නට මානවීට නොහැකි විය. උඳුවප් සීතල දෙගුණ තෙගුණ කරමින් වැව් තාවුල්ල පිස ආ සුළඟ ඇගේ ගත වෙලා ගති. වැව් බැම්මේ කෙළවරට ආ සයිකලය එකවරම නතර විණ. 'අලියා' සුමිත් හීන්සීරුවේ කෙඳුරුවේය. |



'එදා ඇට් කරපු සීන් එක දැක්කද?'
අත්තම්ම මානවී දෙස බැලුවේ පුදුමයෙන් මෙනි.