වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




2015 - මොකද වුණේ

2015 - මොකද වුණේ

පැවැත් වූ සිනමා උලෙළ හා සම්මාන උත්සව

1. දකුණු ආසියානු රටවල සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ යටතේ සාක් චිත්‍රපට උලෙළ මැයි 26 - 31 දිනවල ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් යුවළ මෙහි ප්‍රධාන ආරාධිතයෝ වූහ.

2. රයිගම් ටෙලි සම්මාන උලෙළ

3. සුමති ටෙලි සම්මාන උලෙළ

4. කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ. ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය සංවිධානයෙන් නොවැම්බර් 6 වැනිදා ඇරඹිණ, ඊට සමගාමීව සිනමා මේලාව ද නොවැම්බර් 7 වැනිදා ආරම්භ විය.

5. 38 වැනි සිග්නිස් සම්මාන උලෙළ

6. දෙරණ සිනමා සම්මාන උලෙළ

7. රාජ්‍ය සංගීත සම්මාන උලෙළ

8. රාජ්‍ය ටෙලි සම්මාන උලෙළ

අප ලැබූ අන්තර් ජාතික සම්මාන

1. සාක් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය සමීර රංගන නාඔටුන්නගේ ‘මෝටර් බයිසිකල්’

2. සාක් සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂ - රබීන් චන්ද්‍රසිරි (පටිභාන)

3. ලංකාවේ පමණක් නොව ලෝකයේ වාර්තා පිහිටුවමින් චෙක් ජනරජයේ ස්ලින් නගරයේ පැවති 55 වැනි අන්තර් ජාතික ළමා හා යොවුන් සිනමා උලෙළේ සිටි ඔෆ් ස්ලින් සම්මානය ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයට හිමි විය. මෙහි ළමා චරිත රඟපෑ 18 දෙනාටම හා අධ්‍යක්ෂවරයාට සම්මාන පිරනැමිණ.

4. ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටය ජර්මනියේ ලුකා ළමා චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානනීය විය.

5. විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ ගිනි’ අරන්’ චිත්‍රපටයට 16 වැනි ටෝකියෝ ෆිල්මෙත්කස් අන්තර් ජාතික උලෙළේ ජූරියේ විශේෂ සඳහන ලැබිණ.

6. ඉන්දියාවේ දිල්ලි චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස දේවින්ද කෝන්ගහගේ ගේ ‘භවතරණ’ චිත්‍රපටය සම්මානනීය විය.

සිනමා සාහිත්‍ය කෘති

1. VYJAYANTHIMALAE - A GREAT LIFE OF AN ACTRESS - විශාරද ප්‍රසත් ධනුෂ්ක
2. දේශීය සිනමා වංශය - ගාමිණී වේරගම
3. අහසින් පොළොවට - තිර රචනය - ආචාර්ය තිස්ස අබේසේකර
4. සිනහව අතරින් - තිිර රචනය - සනත් ගුණතිලක
5. දේශීය චිත්‍රපට නාමාවලිය - රූපසේන සිල්වා
6. හඳගම සොයා යෑම - සංස්කරණය - ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර
7. අයිරාංගණී : කුමාර් ද සිල්වාට පැවසූ පරිදි - පරිවර්තනය - අතුල සමරකෝන්
8. සිකුරාදා හැන්දෑව - සුනිල් මිහිඳුකුල
9. සිරිලක සැඟවුණු සිනමා වත - මහින්ද දළුගොඩආරච්චි
10. අසිරිමත් ප්‍රේමය - ධම්මිකා අක්මීමන
11. කසගස්යාය - ජයන්ත කළුපහන
12. දුක දිනූ දිවියක අමරණීය සැමරුම් කලං - සුජිත් ලක්මාල් වීරසේකර
13. සරත් දසනායක සංගීත මෙහෙවර - සංස්කරණය - පියසේන වික්‍රමගේ
14. සුනිල් සාන්ත අධ්‍යයනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
15. ජයවිලාල් - ජයලත් සිනමා විචාර විමසීමක් - ගුණසිරි සිල්වා
16. අමරදේව : මහා ගාන්ධර්ව විබුධයාණෝ - ආචාර්ය නුවන් නයනජිත් කුමාර
17. ලාංකේය සිනමාවේ සුසමාදර්ශ මාරුව ප්‍රසන්න විතානගේ හා අශෝක හඳගම - ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
18. ඔබ නැතුව ඔබ එක්ක - ප්‍රසන්න විතානගේ

වියෝ වූ කලාකරුවන්

ටී. භවානන්දන් (චිත්‍රපට සංස්කාරක, අධ්‍යක්ෂ)
චන්ද්‍රා ශ්‍රී පෙරේරා (මාධ්‍යවේදී, නාට්‍යවේදී, ලේඛක)
ඇලෝයි ගුණවර්ධන (ගීත රචක)
වික්ටර් වික්‍රමගේ (රංගන ශිල්පී)
සිසිර සේනාරත්න (ගායක, සංගීතඥ)
ජී. එස්. පෙරේරා (දිනමිණ හිටපු කර්තෘ)
හර්බට් කහවිට (රංගන ශිල්පි)
ප්‍රේමරත්න පලිහවඩන (ගීත රචක)
පසන් කොඩිකාර (පරිවර්තන, නාට්‍යවේදී)
තිලක් ගුණවර්ධන (ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ)

වෛද්‍ය බුද්ධදාස බෝධිනායක (විද්‍යා ලේඛක)
කමලිනී සෙල්වරාජන් (නිවේදිකා)
ජයතිස්ස හෙට්ටිආරච්චි (සංගීතවේදී)
නිමල් මෙන්ඩිස් (සංගීත අධ්‍යක්ෂ)
සී. එල්. ෆොන්සේකා (ගායක)
හරූන් ලන්ත්‍රා (ගායක)
ඩී. එෆ්. කාරියකරවන (මාධ්‍යවේදී, ලේඛක)
දයා අල්විස් (රංගන ශිල්පී)
බැසිල් ද සේරම් (රංගන ශිල්පී)
කුමාර් අබේසිංහ (චිත්‍රපට සංස්ථා සභාපති)
සෝමලතා සුබසිංහ (රංගන ශිල්පිනී, නාට්‍යවේදිනී)
විලී බ්ලේක් (සිනමා කැමරා ශිල්පී)
ඩී. එම්. චන්ද්‍රසේන (චිත්‍රපට නිෂ්පාදක)
නොයෙල් රණසිංහ (සංගීතවේදී)
ටෝනි රණසිංහ (රංගන ශිල්පී, ලේඛක)
ගාමිණී අබේවික්‍රම (රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදක)
චන්ද්‍රා කබ්රාල් (ගායිකා)
ඉන්දික රත්නායක (රංගන ශිල්පී)
වාග් දේවී ප්‍රනාන්දු (නිෂ්පාදිකා)
සෝමා ද සොයිසා (රංගන ශිල්පිනී)
විල්බට් ඇන්තනි (ගායක)
දයා රාජපක්ෂ (චිත්‍ර ශිල්පී, කථා රචක)
රාජ් පෙරේරා (නිෂ්පාදන කළමනාකරු)
කුසුමා ද මෙල් (ලේඛිකා)
ඇන්ඩර්සන් අල්ගම (අධ්‍යක්ෂ)
මාරියෝ ජයතුංග (චිත්‍රපට අධ්‍යක්ෂ)
ඊලියන් ද සිල්වා (භාෂාවේදී)
හැරල්ඩ් විජේසිංහ (නිෂ්පාදක)
මර්සලින් එස්. පෙරේරා (කැමරා ශිල්පි, අධ්‍යක්ෂ)
සිසිර කොතලාවල (රූපවාහිනී හිටපු සභාපති)
අශෝක කොළඹගේ (කෙටි කතා රචක)
ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා (රංගන ශිල්පී)
නිමල් වෙල්ගම (සංගීත, නර්තන ශිල්පී)
ඇසිලින් බාලසූරිය (නිළි)
කිර්ති ශ්‍රී කරුණාරත්න (ඇඳුම් මෝස්තර ශිල්පී)
ප්‍රේමදාස අතුකෝරාල (සංගීතඥ)
ආචාර්ය සෝමා එදිරිසිංහ (චිත්‍රපට නිෂ්පාදිකා)
සංජය ගුණවර්ධන (ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ)
පුෂ්ප කුමාර බණ්ඩාරගම (වේෂ නිරූපණ ශිල්පී)
ඒ. ජී. පියදාස (මාධ්‍යවේදී, ලේඛක)
විජිත් කණුගල (සංස්කෘතික අධ්‍යක්ෂ)
දමිතා සළුවඩන (රංගන ශිල්පිනී)
ක්‍රිෂ්ටි මහේෂ් සිල්වා (මාධ්‍යවේදී, ලේඛක)
සුනිල් හෙට්ටිආරච්චි (රංගන ශිල්පී)
ධම්මික සිරිවර්ධන (නිෂ්පාදක, අධ්‍යක්ෂ)
ගුණපාල ජයලත් (චිත්‍ර කතා ශිල්පී)

2015 වසරේ තිරගත වූ චිත්‍රපට

1. බෝනික්කා - ජනවාරි 16 - ලුවී වැන්ඩස්ට්‍රාටන්
2. මගේ යාළු මාළු - ජනවාරි 22 - ශ්‍රී ලාල් ප්‍රියදේව
3. මහරජ ගැමුණු - ජනවාරි 23 - ජයන්ත චන්ද්‍රසිරි
4. බොරදිය පොකුණ - පෙබ. 14 - සත්‍යජිත් මාඉටිපේ
5. සංජානා - මාර්තු 13 - හේමසිරි සෙල්ලප්පෙරුම
6. ස්පන්දන - මාර්තු 20 - සුනෙත් මාලිංග ලොකුහේවා
7. ගින්දරී - අප්‍රේල් 20 - උදයකාන්ත වර්ණසූරිය
8. සිනහව අතරින් - අප්‍රේල් 30 - සනත් ගුණතිලක
9. මංගල ගමන - මැයි 4 - නන්දන හේවාපන්න
10. ප්‍රවේගය - ජූනි 12 - ඩොනල්ඩ් ජයන්ත - පී සරොට්
11. ඉර සේවය - ජූනි 19 - රොඩ්නි විදානපතිරණ
12. නෝනෙ මගෙ සුදු මෝනෝ - එරංග සේනාරත්න - ජූලි 17
13. මේ වගේ ආදරයක් - චන්ද්‍රන් රත්නම් - ජූලි 24
14. අනාථ දූපත - අගෝ. 5 -
සෝමරත්න මාලිම්බඩ හා නන්දන උදය කුමාර
15. මහ රජ අජාසත් - අගෝ. 21 - සනත් අබේසේකර
16. ආත්ම වර්ෂා - අගෝ. 28 - කුසුම් චන්ද්‍ර ගමගේ
17. ඔබ නැතුව ඔබ එක්ක - සැප්. 6 - ප්‍රසන්න විතානගේ
18. ලැන්ටිං සිංඤෝ - සැප්. 25 - අරුණ මහේන්ද්‍ර
19. සුහද කොකා - සැප්. 22 - ගිරිරාජ් කොෟශල්‍යය
20. ඇඩ්ඩ්‍රස් නෑ - ජැක්සන් ඇන්තනි’ - සැප්. 23
21. මයි නේම් ඊස් බන්දු - සුරංග ද අල්විස් - නොවැ. 6
22. හෝ ගානා පොකුණ - ඉන්දික ෆර්ඩිනැන්ඩු - දෙසැ. 11
23. සිංග මචං චාලි - ලාල් වීරසිංහ - දෙසැ. 30