වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




FUN MUSIC

FUN MUSIC

මියුසික් වීඩියෝ සංස්කෘතිය මේ වන විට තාරුණ්‍ය අතරෙහි පැතිරෙමින් පවතියි. දිනෙන් දින එළිදැක්වෙන මියුසික් වීඩියෝ ප්‍රමාණය ද මෙතෙක් යැයි කිව නොහැකි තරම්ය. ඒ පිළිබඳ කතාබහ කිරීමට අපි අලුත් විශේෂාංගයක් අද පටන් මෙලෙස ආරම්භ කළෙමු.

 

ගිතය - දිගු හීනයේ

ගායනය - ගයාන් අරෝෂ (සුපර් ස්ටාර්)

පද රචනය සහ සංගීතය - ලහිරු මෙන්ඩිස්

මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කළේ - කුමුදු අබේධීර

රූගත කරනු ලැබුවේ - පානදුර අවට ප්‍රදේශයන්හි

වෙනත් - ගයාන් සුපිරි තරුව ලෙස කිරුළු පැළැඳුවායින් පසු නිර්මාණ කළ හත්වැනි ගීතය වන්නේ මෙයයි. රුසියානු බැලට් සංගීත නාද රටාවන්ට අනුව මෙම ගීතය නිර්මාණය කොට තිබීම විශේෂත්වයකි.


 

ගීතයේ නම - ළං වෙලා ඉමු කිව්වත් ලොවට හොරෙන්

ගායනය - කමනි ලසන්තිකා

පද රචනය - නාගිත ස්වාමින් වහන්සේ

සංගීතය - කපිල පූගලආරච්චි

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂණය - හර්ෂ උඩකන්ද

කැමරාකරණය - මහේෂ් කරුණාරත්න

ඉදිරිපත් කිරීම - ජේ. කේ. ෆිල්ම්ස්

මියුසික් වීඩියීවේ නළු නිළියන් - නාලක දළුවත්ත, සමාධි පෙරේරා සමඟ කමනි ලසන්තිකා

වෙනත් - දෙරණ ඩ්‍රිම්ස්ටාර් පළමු අදියරේ හත් වැනි තැනට පත් කමනිගේ පළමු වීඩියෝව වන්නේ මෙයයි. එය විරහ ගීතයකි. කොළඹ පැලවත්ත ප්‍රදේශයේ රූ ගැන් වූ මෙම වීඩියෝවට යූ ටියුබ් හරහා ද නැරැඹිය හැකියි.


ගීතය - ආසයි මං

ගායනය - අවන්ති නේරංජනා

පද රචනය - අනුරාධ විතාරණ

සංගීතය - අජිත් පෙරේරා (ගැලැක්සීස්)

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂණය - රුසිරු පන්නිලගේ

කැමරා අධ්‍යක්ෂණය - කුමාර කත්‍රි

ඉදිරිපත් කිරීම - ක්වීන් ප්‍රඩක්ෂන්

මියුසික් වීඩියෝවේ නළු නිළියන් - සුරේෂ් ගමගේ, අවන්ති නේරංජනා සමඟ හෂිනි පෙරේරා ප්‍රමුඛ නර්ථන කණ්ඩායම

වෙනත් - වේග රිද්ම ගායන ශිල්පිනියක් ලෙසින් වේදිකාවේ නමක් දිනාගත් අවන්තිගේ දෙවැනි මියුසික් වීඩියෝව වන්නේ මෙයයි. මෙම ගීතය ද වේග රිද්මයේ ආදර ගීතයකි. සුප්‍රසිද්ධ කාටුනයක් වන ඒඛ්ර්ඡ් ඇසුරෙන් නිර්මාණය වූ මෙම වීඩියෝව මීගමුව පුරවරයේ රූගත කොට ඇත.


ගීතයේ නම - මේ තරමට

ගායනය - අමිල දිසානායක

පද රචනය - අමිල දිසානායක

සංගීතය - නිරෝෂන් ඩ්‍රීම්ස් (ෆ්ලෑෂ්බෑක්)

මියුසික් වීඩියෝව නිර්මාණය - රෙඩ් ක්‍රියේෂන් ටීම්

කැමරාකරණය - මහේෂ් කරුණාරත්න

මියුසික් වීඩියීවේ නළු නිළියන් - රුවන් පෙරේරා, රුක්ෂානා දිසානායක, ලලිත් නවරත්න, සුරංග

සංස්කරණය - තිවංක අමරසිරි

වෙනත් - අලුත්ගම පදිංචි අමිල දෙවැනි මියුසික් වීඩියෝව ලෙස මෙය එළි දක්වා තිබේ. කොට්ටාව සහ මත්තෙගොඩ ප්‍රදේශයන්හි රූගැන් වූ මෙය විරහ ගීතයකි.