වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




2015 ඉහළම ආදායම්...

2015 ඉහළම ආදායම්...

ගෙවීගිය 2015 වසරේ හොලිවුඩයේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට (දෙසැම්බර් 23 දා වන විට)

1. ජුරාසික් වර්ල්ඩ් - ඇ.ඩො. මිලියන 652

2. ඇවේන්ජර්ස් : ඒජ් ඔෆ් අල්ට්ර න් - ඇ.ඩො. මිලියන 459

3. ස්ටාර් වෝර්ස් : ද ෆෝර්ස් අවේකන්ස් - ඇ.ඩො. මිලියන 363

4. ඉන්සයිඩ් අවුට් - ඇ.ඩො. මිලියන 356

5. ෆියුරියස් 7 - ඇ.ඩො. මිලියන 350

6. මිනියන්ස් - ඇ.ඩො. මිලියන 336

7. ද හන්ගර් ගේම්ස් : මොකින් ජේ 2 කොටස - ඇ.ඩො. මිලියන 258

8. ද මාර්ටියන් - ඇ.ඩො. මිලියන 224

9. සින්ඩරැල්ලා - ඇ.ඩො. මිලියන 201

10. ස්පෙක්ට්‍ර (ජේම්ස් බොන්ඩ්) - ඇ.ඩො. මිලියන 195

- උපුටා ගැනීම Internet Movie Data Base

පවුලේ අවුල පැතුම් පතට

පසුගිය දිනවල කිම් කාදශියන් විසින් පළකර තිබූ නත්තල් සුබපැතුම් පතක් හොලිවුඩයේ කතා බහට ලක් වුනා. මේ කාඩ්පතෙහි සිටියේ කිම්ගේ දරුවන් දෙදෙනාගෙන් එක අයෙක් සහ ඇයගේ සොහොයුරිය වන කර්ට්නිගේ දරුවන් තිදෙනායි. පෙර වසර වල පරිදිම මෙවරත් ඇය සිය මුළු පවුලම සිටින ඡායාරූපයක් සුබ පැතුම් පතෙහි දක්වාවි යයි බොහෝ රසිකයින් සිතුවත් එය එසේ වූයේ නැහැ.

කිම් ගේ පවුලේ වූ අභ්‍යයන්තර ආරවුලක් මීට හේතු වන්නට ඇති බොහෝ අය කල්පනා කරනවා. මේ අතර තවත් අය සිතන්නේ කිම් සිය දරු ප්‍රසූතියෙන් පසු ඡායාරූප වලට පෙනී සිටීමට අකමැති වූ නිසා මෙය මෙසේ වන්නට ඇති බවයි.

අපරාදේ සල්ලි අපතේ

හොලිවුඩයේ බොහෝ දේ ශ්‍රේණිගත (Ranking)  වනවා. වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට, වැඩිම මුදලක් අය කරන නළුවා / නිළිය, වඩාත්ම පාඩු ලැබූ චිත්‍රපටය, මෙකී නොකී ශ්‍රේණිගත කිරීම් හොලිවුඩයේ සුලබයි. 'ෆෝබ්ස්' සඟරාවේ ශ්‍රේණිගත කිරීම් මේ අතරින් ප්‍රසිද්ධයි. ගෙවීගිය වසරේ මෙසේ කල එක ශ්‍රේණිගත කිරීමක් වන්නේ "හොලිවුඩයේ වැඩියෙන්ම ඕනෑවට වඩා මුදල් ගෙවූ නළුවන්" (Hollywood's Most Overpaid Actors) යන්නයි. මෙහිදී සලකා බලා ඇත්තේ කිසියම් නළුවකු 2015 වසරේදී චිත්‍රපට වලින් ලත් ආදායමත් එම චිත්‍රපට වලට ඔහු නිසා ලැබුණු ආදායමත් අතර අනුපාතයයි.

මේ අනුව 2015 වසරේ "වැඩියෙන්ම ඕනෑවට වඩා ගෙවූ නළුවා" ලෙස සටහන් වී ඇත්තේ ජොනී ඩෙප්. ඔහුට ගෙවන ඩොලරයක් සඳහා උපයා ඇති ආදායම ඩොලර් 1.2ක් තරම් කුඩා බවයි මෙම ශ්‍රේණිගත කිරීමේ සඳහන් වන්නේ. ජොනී ඩෙප් ප්‍රධාන චරිතය නිරූපණය කල පයිරෙට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපට මාලාව ලොව ඉහලම ආදායම් ලැබූ චිත්‍රපට මාලාවන් ගෙන් එකක්. එසේ නමුත් ඔහු පසුගිය කාලයේ චරිත නිරූපණය කළ ලෝන් රේන්ජර්, මොර්ට්ඩේකායි සහ ට්‍රාන්සෙන්ඩන්ස් බලාපොරොත්තු වූ ආදායම් වාර්තා කලේ නැහැ.

මේ ලයිස්තුවේ දෙවෙනි තැන සිටින්නේ ඩෙන්සිල් වොෂිංටන් (ඩොලරයකට ඩොලර් 6.5 යි) බවයි ෆෝබ්ස් වෙබ් අඩවිය පවසන්නේ. මෙම ලයිස්තුවේ මුල් පස් දෙනාට එක් වන ඉතිරි අය වන්නේ, විල් ෆෙරල්, ලියම් නීසන් සහ විල් ස්මිත්.

එක්ව තැනූ හිම මිනිසා

ජනපි‍්‍රය ගායක යුවලක් වන ටේලර් ස්විෆ්ට් සහ කැල්වින් හැරිස් මේ නත්තල සමරන්න තවත් යහළුවෙක්ට ආරාධනා කරලා. ඒ ඔවුන් තනන ලද විශාල හිම මිනිසායි. කැල්වින් සහ ටේලර් මේ හිම මිනිසා තනා ඇත්තේ ටේලර් ගේ සොහොයුරා වන ඔස්ටින් ස්විෆ්ට්ගේ ද සහයෝගය ඇතිවයි. ටේලර් සහ කැල්වින් එක්ව ගත කරන පළමු නත්තල මෙය වන අතර "හිම මිනිසා තැනීමේදී දැක්වූ කණ්ඩායම් හැංගීම ගැන අපට අප ගැනම ආඩම්බරයි" යනුවෙන් ටේලර් මෙම පින්තූරය එක කල ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කර තිබුනා.