|
|
එන්න සිහින දකින්නට හෝ ගානා පොකුණට...
ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටය පුරා වහනය වූ අපූරු සිනමාත්මක ගුණය
අපට එක් දෙයක් කියා පෑවේය. ඒ ඉන්දිකගේ අධ්‍යක්‍ෂණයයි. ඔහු සිය අධ්‍යක්‍ෂණ කාර්යය
මනාව ඉටුකොට ඇත. අනසුයා සුබසිංහත් කුඩා දරුවන් පිරිසත් ඔහුගේ විශිෂ්ට තෝරා ගැනීම්ය.
ළමුන් සමඟ චිත්‍රපට කිරීම අතිශය අසීරු කාර්යයකි. ඉන්දික එයද අති සාර්ථක ලෙස ජයගෙන
තිබේ. දරුවන්ගේ රංග කුසලතාවද විශිෂ්ටය. ජාත්‍යන්තර සම්මානයකින් මේ අය පිදුම් ලැබුවේ
එබැවිනි. වැඩිහිටියන් වෙනුවෙන් චිත්‍රපට කරන්නට ඕනෑ තරම් දක්‍ෂ අධ්‍යක්‍ෂවරු අපට
සිටිති. එහෙත් ළමා චිත්‍රපටයක් එන්නේ කලාතුරකිනි. ඒ ආවද ඒවාට ළමා චිත්‍රපට යැයි කීම
ද ගැටලු සහගතය. ඒ අතින් ඉන්දික විප්ලවීය ගමනකට මුලපුරා ඇත. අලුත් සිනමාව අලුත්
තැනකින් පටන් ගත යුතුය. අලුත් තැන නම් ළමා සිනමාවයි. මලිඳු කාවින්ද කුමාරසිංහ
වතුවත්ත, දුම්මලසූරිය ධර්මදාස නාමය සදා අමරණීයයි...
සිය මධුර මනෝහර හඬින් රටක් නැළවූ ප්‍රවීණ ගායන ශිල්පී ධර්මදාස වල්පොල දිවි ගමනින්
සමුගෙන දෙසැම්බර් 25 වැනි දිනට වසර 32 ක් සපිරිණි. ඔහු ගැයූ “හොඳ හොඳම වේය ලොව,
කොවුලන් හඩයි, සිරිනි සරු සර වීලා, පෙම් රැල්ල නැගී, ලංකාරෙන් මලක් පිපී” වැනි
සුමියුරු ගීත එදා මෙන්ම අදත් රසික සිත් තුළ නිධන් ගතව ඇත. ධර්මදාස වල්පොල නාමය සදා
අමරණීයයි. බදුල්ල, කන්දෙගෙදර, කිත්සිරි ගුණසේන
කොළොන්නාවේ, විජේසිරි කලකට පසු හොඳ ළමා චිත්‍රපටයක්...
කාලයකට පසු සරල ළමා චිත්‍රපටයක් නැරඹීමට ඉඩ ලබා දුන් ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ
අධ්‍යක්‍ෂවරයාට ස්තුතියි. අව්‍යාජ සිතුම්, පැතුම්, ආශාවන් ඉදිරිපත් කරන ළමුන් සමඟ
අපත් පැය දෙකක් ගත කළා සේ දැනුනා චිත්‍රපටය නැරඹීමේදී. ඒ තරමට අපට සමීප
චිත්‍රපටයක්. අන්තර් ජාතික සම්මාන එයට ලැබීම යුක්ති සහගතයි. චිත්‍රපටය අවසානයේ
මුහුදු වෙරළේදී ළමුන්ගේ සතුට දෙස බලා ටීචර් සතුටු කඳුළු හෙළීම හරිම සංවේදීයි.
චිත්‍රපටයටම උචිත හෝ ගානා පොකුණ ගීතය දෙවරක්ම ගායනා කිරීම හරිම රසවත්. ඩඩ්ලි ගෝමස් මොරටුව, කටුබැද්ද විජය නිසා ඉල ඇදෙයි...
බලන්න, බලන්න ආසා හිතෙන, දර්ශනයෙන් දර්ශනයට ඉල ඇදෙන දෙබස්වලින් සමන්විත කපටි
දේශපාලනඥයකුගේ චරිතයක් මැනවින් ඉදිරිපත් කරන විජය නන්දසිරි නිසා ‘සුහද කොකා’ නරඹා
ඉමහත් වින්දනයක් ලැබුවෙමු. විජය ඔබ නියමයි. තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල
තටාකය පාර, කෑගල්ල දැකීම සතුටුයි. පෙනුමට දුකයි...
ආත්ම වර්ෂා චිත්‍රපටයෙන් චන්දි රසිකා යළිත් අප අතරට ඒම ගැන අපට හරි සතුටුයි. ඒත්
ඔබේ රසිකයෙක් හැටියට ඔබ එහි මහලු චරිතයක් රඟපාන එකට මට නම් හරිම දුකයි. ඔබ හැමදාම
තරුණ පෙනුමෙන් සිටිනවා නම් මම සතුටුයි. ටී. සගායම් පේරාදෙණිය
ධම්මික සිරිවර්ධනට නිවන් සුව....
‘ආලංකුලම’ ෆිල්ම්ස් නිර්මාතෘ ධම්මික සිරිවර්ධන කලකරුවාණෙනි, ඔබ ඉතාම නිහඬ ජීවිතයක්
ගත කරමින් ව්‍යාපාරවල නියැළෙමින් රසික හදවත් මන බන්ධනය කරමින් ‘ආසයි මං පියාඹන්න,
කිං හන්තර්, පායා එන්න හිරුසේ’ ආදී චිත්‍රපට රසික අපට තිළිණ කළෙමු. ඔබට නිවන් සුව.
ඊ. දයානන්ද ද සිල්වා සීනිගම, හික්කඩුව
වලස් මාමාට අපේ ප්‍රණාම...
සතියේ සෑම දිනකම උදෑසන 7.00 ට ළමා අප වෙනුවෙන් වලස් මාමා කාටුන් පෙළ විකාශය කිරීම
පිළිබඳ ජාතික රූපවාහිනියට ස්තුතියි. පැරැණි ආදර්ශමත් ගීතයක් ඉදිරිපත් කිරීම ගැනත්
සතුටු වෙමි. හෂිනි ජයසිංහ අකුරැස්ස
වරදත්ත නැවත එන්න...
වරදත්ත අරවින්ද අයියේ, ඔබ ගායනා කළ ‘මට ආරාධනාවක් කළාදෝ’ ගීතය තවමත් අප සිත් තුළ
තැන්පත්ව ඇත. එම ගීතයේ නව සංගීතයට අනුව ගායනා කළ එකත් හරිම ලස්සනයි. ඔබ නිහඬව
සිටියා ඇති. නැවතත් හොඳ සුන්දර ගීතයක් ගායනා කර අප අතරට එන්න. විරාජ් දුෂ්මන්ත ප්‍රනාන්දු ආරච්චි කට්ටුව, හලාවත
කොරියන් නාට්‍ය අනර්ඝයි...
සවස 6.30 ට ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය කරන, කොරියන් ටෙලි නාට්‍ය ඉතා හරවත් මෙන්ම
විචිත්‍රවත් බවයි මගේ හැඟීම. විශාල පිරිවැයක් දරා ඉතා උසස් මට්ටමින්, සමාජයට යම්
පණිවුඩයක් දෙන මෙවන් නාට්‍ය ඉතා අගනා වේ. තව තවත් මෙවන් ටෙලි නිර්මාණ අපට දැක
ගැනීමට ලැබේවා. ස්වර්ණා අරංගල්ල කඳුකර උයන, කොටුගොඩ
‘සදාදර ජෝති’ කෝ?ජෝතිපාලයන් ගේ ජීවිත කතාව ඇසුරින් පද්මසිරි කොඩිකාර අධ්‍යක්‍ෂණය කළ ‘සදාදර ජෝති’ චිත්‍රපටය අපට දැකගත හැකි වන්නේ කවදාද? එය සරසවිය පත්‍රයෙන් දැනගන්න සලස්වන්න. බී. පී. එස්. බෙලිගම්මන
බෙලිගස් පාර, කෑගල්ල දමිත් නැවතත් එන්න සිනමාවට...
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගේ පුත් දමිත් ෆොන්සේකා දිගු නිහඬතාවකට පසු රඟපෑ ‘කේ
සෙරා’ චිත්‍රපටයේ හොඳම දුෂ්ට චරිතයට හිමි සම්මානය දිනා ගැනීම (දෙරණ සම්මාන) ඔබගේ
සිනමා දිවියේ විශාල ජයග්‍රහණයකි. අප ඔබෙන් ඉල්ලා සිටින්නේ නැවතත් සිනමා රංගනයට
පිවිසෙන ලෙසටයි. ඔබ වටා විශාල රසික පිරිසක් සිටින බව අමතක නොකරන්න. ඔබට අපගේ සුබ
පැතුම්. ආනන්ද වික්‍රමආරච්චි ඉහළ තල්දූව
සුනිල් ඔබට අජරාමර නිවන් සුව...
සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවාගේ නිසල දේහයට වත්මන් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන
මහතා අවසන් ගෞරව දක්වන අවස්ථාව පසුගිය පුවත්පතක ඡායාරූපයක් සහිතව පළ වී තිබුණි.
ඔබගේ රඟපෑම් පි‍්‍රය කරන, ඔබ රඟපෑ චිත්‍රපට නැරඹූ, තවදුරටත් එම චිත්‍රපට නැරඹීමට
පි‍්‍රය කරන ඔබගේ පි‍්‍රයතම සිනමා රසිකයකු වශයෙන් එම ඡායාරූපය දුටු විගස මම ද
බෙහෙවින් සංවේගයට පත් වුණෙමි. ඔබ රඟපෑ චිත්‍රපට සංඛ්‍යාත්මකව අඩු වුවද එම චරිත
තුළින් හාස්‍ය රසය උපරිමයෙන් ගෙන දීමට ඔබ සමත් විය. ඔබ රඟපෑ චිත්‍රපට නැරඹීමට වැඩි
රුචිකත්වයක් දක්වන්නේද හාස්‍යය මුසු වූ උපහාසය එම චරිතවල තිබූ නිසයි. ඔබට අජරාමර
නිවන් සුව අත්වේවා. සුනිල් ශාන්ත දිසානායක වීරකොඩියාන
යක්‍ෂයන්ටත් වමනය යන ගීත...
හැට, හැත්තෑව, අසූව දශකයේ ගුවනින් ඇසුන, පබැඳුමෙන් උසස් මියුරු ගැයුමෙන් යුත් ගීත
දෙවියන් පවා ශ්‍රවණය කළ බවට සැකයක් නැත. එහෙත් දැන් නිර්මාණය වන බාල, බොළඳ ගී අසෙන
විට යක්‍ෂයින් පවා වමනය කරනවා නොඅනුමානය. සුනිල් චන්ද්‍රසේකර යාගොඩමුල්ල, කොටුගොඩ
ජීවත්ව සිටය දීම සම්මාන...
පසුගිය දා පැවැති ජාතික සංගීත සම්මාන උලෙළේ දී නැවතත් සම්මානයෙන් ඇගයීමට ලක් කළ
ගායක ගායිකාවන්ට ප්‍රථමයෙන් මාගේ සුබ පැතුම් පිරි නමමි. ජීවිතයෙන් සමුගත්තාට පසුව
කරන ඇගයීමට වඩා ජීවිත කාලයේදී ලැබෙන එම සම්මාන, පුද සත්කාර ඔවුනට මහා සතුටක් වනු
ඇත. අයිලීන් සෝවිස් වැලිසර, රාගම
S.M.S.
ඇඩ්‍රස් නෑ චිත්‍රපටයට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ තේමා ගීතය සමහරුන්ගේ
විවේචනයට ලක් වුණි. එහෙත් ‘රන්වන් කරල්’ චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවයන් ‘ආලෙ බැන්ද
මාගෙ පණේ සෝමාවතී’ නමින් ගීයක් ගායනා කළ බවත්, මහාචාර්ය සිරි ගුණසිංහයන් එය රචනා කළ
බවත් මේ විවේචකයන්ට අමතකව ගොස් ඇත. ඉන්ද්‍රජිත් දෙවිනුවර
ජනහිතකාමී රැජන කතාව හරිම ලස්සනයි. පොඩි ළමයින්ට පමණක් නෙමෙයි ලොකු අයටත් ගොඩාක්
හොඳයි. බලය ලබා ගැනීමට මිනිස්සු හැසිරෙන ආකාරය, තණ්හාව, ඉරිසියාව නිසා මිනිස්සුන්ගෙ
මනස විනාශ වෙන ආකාරය සහ සැබෑ සෙනෙහස අපි දැක්කෙ ඒ කතාවෙන්ම පමණයි. මිනිසුන්ගෙ විවිධ
පැතිකඩ කියාදෙන නිර්මාණශීලී ටෙලි නාට්‍යයක්. සෙහාරා ලක්මාලි නුගේගොඩ
ස්වර්ණවාහිනියේ විකාශය කළ ‘දම්සාරි, ඕලු, සෙනෙහසට ආදරෙයි’ ටෙලි නාට්‍ය නැවත විකාශය
කරන්න. උදාරි මහරගම
සුරාජ් සහ ස්වප්නා පුංචි තිරයේ ආදරණීයම පෙම් යුවළයි. නිලූකා අවිස්සාවේල්ල
සිටි එෆ්. එම්. හි මල් සමනල්ලු නියමයි. දිස්නිගෙ ඉදිරිපත් කිරීම පට්ට. පසිඳු රඹුක්කන
ලොකු සම්මානයක් ලබාගෙන කීර්තියක් ගෙන දුන් අනුජ් රණසිංහගේ ඉදිරි ගමන මල් මාවතක්ම
වේවා. සෝමා එච්. පතිරණ කහවත්ත
0773124377 ප්‍රතිචාර සඳහා නවතම අංකයක් |


