වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




මට ඕනෑ විදිහට මං අඳිනවා

මට ඕනෑ විදිහට මං අඳිනවා

* නම?

ඉමේෂා දිසානායක.

* ගම?

කටුබැද්ද.

* වෘත්තීය?

කලාව තමයි.

* ඉගෙන ගත්තෙ?

හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසලෙන්.

* ගම කටුබැද්ද නම් හම්බන්තොට පාසල් ගියේ කොහොමද?

මගේ තාත්තා වැඩ කළේ ලංකා ලුණු සමාගමේ කළමනාකරුවකු හැටියට. හම්බන්තොටනෙ ඔෆිස් එක තිබුණෙ. ඒක හින්දා මම ඉගෙන ගත්තේ එහෙ පාසලක.

* ඔබ චිත්‍රපටයක ප්‍රධාන චරිත මැව්වා?

ඔව්. නමුත් ඒක නිකුත් කළේ ඩී. වී. ඩී. මාධ්‍යයෙන්. එහි නම එයා තමයි මෙයා.

* ඒ වුණාට එය නිර්මාණය වුණේ තියෙටර්වලට දාන්නනෙ?

ඒක ඇත්ත. පසුවයි එය ඩී. වී. ඩී. මාකට් එකට දැම්මෙ.

* ඔබේ පළමු නිර්මාණයට එහෙම වෙච්ච එක ගැන මොකද කියන්න තියෙන්නේ?

ටිකක් දුකයි. එයා තමයි මෙයා හි ප්‍රධාන චරිතය මැව්වෙ ටෙනිසන් කුරේ මහත්මයා. මම තමයි ගර්ල්ට හිටියේ. ඒත් සිනමා ශාලාවලට ආවා නම් අද මමත් සිනමා තරුවක්.

* චිත්‍රපටය ඩී. වී. ඩී. මාධ්‍යයෙන් නිකුත් වුණත් එය හොඳින් අළෙවි වුණා?

ටෙනී අයියා හිටපු නිසා හොඳට මාකට් ඒක. මං හිතනවා ශාලාවල සෙනඟ ඇවිත් නැරැඹුවා හා සමාන ප්‍රමාණයක් එය ඩී. වී. ඩී. මාධ්‍යයෙන් නරඹන්න ඇති කියලා. මටත් ඉහළ ජනප්‍රියත්වයකුත් ලැබුණා.

* එයට අමරතව ඔබ දායක වූ නිර්මාණ මොනවද තියෙන්නේ?

මං ගොඩක් කළේ මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම්. නලීන් ජයවර්ධන ඇතුළු නව පරපුරේ ගායක ගායිකාවන් රැසකගේ මියුසික් වීඩියෝවල මං රඟපෑවා. මේ දිනවල මං ඉන්න වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම විකාශය වෙනවා.

* තවත් චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණේ නැතිද?

ලැබුණා. ඒත් මට යන්න බැරි වුණා.

* හේතුව?

මං ජොබ් එකක් කළා. ඒ හින්දයි යන්න බැරි වුණේ. නමුත් දැන් මා නිදහස්.

* ඒ කිව්වේ?

මං ජොබ් එකෙන් අයින් වුණා.

* ගෙදරින් ඒකට කැමැත්ත දුන්නාද?

ඔව්.

* ඔබට දැනෙන විදිහට කලාව ස්ථාවරද?

දැනට නම් අවුලක් නැහැ. මට නිර්මාණ කීපයකටම දායක වන්නට කතා කරලයි තිියෙන්නේ. ඒවා ගැන හිතමිනුයි මේ දවස්වල කාලය ගත කරන්නේ.

* ඔබ වෘත්තීමය කලාකාරිණියක් වේවිද ඉදිරියටත්?

මං බෙහෝ විට ව්‍යාපාරයක් ආරම්භ කරාවි. ඊට පසුව නිෂ්පාදනයට පැමිණෙන්නත් අදහස් කරනවා.

* ඔබට හා හාපුරා කියලා රඟපාන්න ලැබුණේ ටෙනිසන් කුරේ එක්ක. කොහොමද ඒ අත්දැකීම?

හරිම පහසුයි ඔහුත් එක්ක රඟපෑම. මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ වගේම රංගනය වෙනුවෙන් ටෙනි අයියාගේ කැප කිරීම ගැන නම් කතා කළ යුතුමයි. මොකද ඔහුගේ අත පවා බිඳී ගිය අවස්ථාවක එය ගණන් නොගෙන ඔහු රඟපෑවා.

* ඔහුත් සමඟ රඟපාන්න ගිහින් සිනහ පහළ වෙලා රූගත කිරීම් නැවැත් වූ අවස්ථා නැතිද?

අපොයි තියෙනවා. බොහෝ අවස්ථාවල එහෙම වුණා. විශේෂයෙන් ගීතමය ජවනිකාවල.

* ඉමේෂා වඩාත් කැමැති පුංචි තිරයටද, රිදී තිරයටද?

දෙකටම. නමුත් මතක හිටින සිනමාපටයකට සම්බන්ධ වීම මගේ එක් හීනයක්.

* සාමාන්‍යයෙන් ඔබ කොට ඇඳුම් අඳිනවා නේද?

ඔව්.

* ඇතැම් අය එහෙම ඇඳුම් ඇඳපු අය දෙස බලන්නේ වෙනත් කෝණයකින්?

අනේ මන්දා. ඒවායින් මට වැඩක් නැහැ. වෙන කවුරුවත් හිතන විදිහ මට වෙනස් කරන්නත් බැහැනෙ. මට ඕනෑ විදිහට මං අඳිනවා. පළඳිනවා. කොහොමත් මං ඉදිරියේදී මොඩ්ලිං කරන්නත් හිතාගෙන ඉන්නවා. එතකොට කොහොමත් කොටට අඳින්න වෙනවනෙ.

* ඔබ වඩාත් සමීප කෙනා කවුද?

මගේ අම්මා.

* එතකොට ඔබට පෙම්වතෙක් නැද්ද?

ඉස්සර හිටියා. දැන් නැහැ.

* ඇයි ඔබව පෙම්වතා හැර ගියේ?

මාව තේරුම් නොගත්තු නිසා වෙන්න ඇති.

* කලා ලොව තුළින් පෙම්වතකුව සොයා ගන්න අදහසක් නැතිද?

අපෝ නැහැ. ඊට පරිබාහිර ක්ෂේත්‍රයක මාව තේරුම් ගන්න කෙනෙක් මට හිටියොත් ඇති.

* ඉමේෂා ඔබේ රුවට සමාන ජනප්‍රිය නිළියක් ඉන්නවා කියලා කවුරු හරි කියලා තියෙනවාද?

ඔව්. මං ටිකක් සචිනි අයේන්ද්‍රා වගෙයිලු.

* ඔබ කැමැති ද එහෙම කියනවාට?

කියන අය කියනවා. එත් මම මම වගේ නේද?

* ඔබගේ උපන් දිනය අහගන්න බැරි වුණා?

1991 ජූනි 2.

* පවුලේ විස්තර?

අම්මයි, තාත්තයි, නංගියි, මමයි.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න?

අතිශය සරල කෙනෙක්.