|
|
දුර්ගා හා ආත්මා වෙන්න කැමැති කවුරුද?
කාලයක් තිස්සෙ රඟපපා හිටපු සරත් දික්කුඹුරට හිතුණලු දැන් රඟපෑවා ඇති. ඊට එහාගිය
දෙයක් කරන්න ඕන කියලා. එහෙම හිතලා සරත් උන්නැහේ තීරණය කළාලු මෙතෙක් ලද අත්දැකීම්
ඔස්සේ අධ්‍යක්ෂණයට පිවිසෙන්න. ඒකත් හොඳයි ඉතින් නේද.
නව වසරේ ජනවාරියේ තමයි සරත්ගේ මේ අධ්‍යක්ෂණ හීනය සැබෑවෙන්නෙ. හා හා පුරා කියලා සරත් අත ගසන්නට හදන්නෙ ටෙලි නාට්‍යයකට. ඒකෙ නම දුර්ගා ආත්මා. දුර්ගා සහ ආත්මා කියන සහෝදරියන් දෙදෙනකු වටායි කතාව දිවයන්නේ. මෙහි කතාවත් සරත්ගෙ දුර්ගා සහ ආත්මා කියන චරිත යුවළ සඳහා අලුත්ම දෙදෙනකු හඳුන්වා දෙන්නට සරත් අපේක්ෂා කරනවා. සරත්ගේ අංකයට කතා කිරීමෙන් මෙයට එකතු වන්නට පුළුවන්. කොළඹ අවට තමයි දුර්ගා ආත්මා රූ ගැන්වෙන්නෙ. ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස් ඇතුළු ජනපි‍්‍රය නළු නිළියන් රැසක් දුර්ගා ආත්මා රංගනයෙන් හැඩ ගැන්වීමට නියමිතයි. අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ සරත් ඔබ හමුවට එන්නෙ දුර්ගා ආත්මාවත් රැගෙනයි.
|




හැමදාම අනුන් කියන ඇක්ෂන් කට්
තුළම සීමා නොවී තමන්ගේම වැඩක් පටන් ගන්නට සරත්ට හිතුණු එකත් සතුටක්.