මාළබේ කියූ කිසිවකු මාළබේ නෑනේ
මාළබේ කියූ කිසිවකු මාළබේ නෑනේ
 
කුමාර තිරිමාදුර සහ ගිරිරාජ් කෞශල්‍ය අලුත් සිංදුවක් කියනවා ඇහුණා. හැබැයි පරණ
තාලෙකට තවම මේක ඔවුන් පටිගත කරලානම් නැහැ. රුපවාහිනියේ ලයිව් වැඩසටහන්වලදි තමයි මේ
දෙන්නා මේ ගීතය ගයන්නෙ.
මාළබේ කියූ කිසිවෙකු මාළබේ නැතේ.
අන්න එහෙමයි ගීතය පටන් ගන්නෙ. ප්‍රියා සූරියසේන මහත්මයාගේ 'ආදරේ කියූ කිසිවකු ආදරේ
නැතේ" ගීතය තමයි මේ ඩබල කනපිට හරවලා තියෙන්නෙ. කොහොමහරි ජොලියට වාගේ මේ ඩබල කරපු
වැඩේ හිතුවටත් වඩා නැගලම ගිහිල්ලා. ඒ වුණාට මේ හරහා පබ්ලිසිටියක් ලබාගන්න කුමාරයි
ගිරයි කැමැති නැහැලු. හැබැයි දැන් වෙලා තියෙන්නෙ යූ ටියුබ් හරහා නිරායාසයෙන්ම
දෙන්නට පබ්ලිසිටිය ලැබීමයි.
|