වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




බඩබිල්ඩිං

බඩබිල්ඩිං

ගිහාන් ප්‍රනාන්දුගෙ බඩ තමයි බඩ. බොහෝ නළුවො තමන්ගෙ ඇඟ හදාගන්න බොඩිබිල්ඩ්ං කරනවා. ඒත් මෙයා බඩ තමයි බිල්ඩිං කරන්නෙ. එන්න එන්න මේ බඩ වැඩි වෙන අන්දමක් තමයි අපිටනම් පේන්න තියෙන්නෙ. හරියට බැලුවොත් ඩෙල්ෆ් දුපතට වඩා ගිහාන්ගේ බඩ පොඩ්ඩයි පොඩි. අනේ මන්දා ඉතින්. ගිහාන් තමන්ගේ බණ්ඩිය කවදා අඩු කරගනියිද කියලා. මේ දවස්වල ගිහාන්ට බඩ හින්දා සැහෙන්න ප්‍රශ්න වැඩි දෙනෙක් කියනවලු ගිහාන්ගේ මේ බඩ බොරු එකක් කියලා. සමහරුන්ට නම් විශ්වාසම නැතිලු. ගිහාන්ටත් මේක ආරංචි වෙලා. ඉතින් දැන් ගිහාන් ප්‍රසිද්ධ වේදිකාවට නැග්ගාම මුලින්ම කරන්නෙ තමන්ගෙ බඩ ඇත්ත එකක්ද බොරු එකක්ද කියන කාරණය විසඳලා ඉතිරි කටයුතු කරගෙන යන එක. සාමාන්‍යයෙන් ගිහාන් ගායනයටත් අතිදක්ෂයෙක්. එහෙයින් ප්‍රසංග වේදිකාව සඳහා ලැබෙන ඇරැයුම් ප්‍රමාණයත් වැඩියි. එහෙම ගියාම තමයි ගිහාන් බඩ ගැන අර විදිහට කතා කරන්නෙ.