|
|
සාධනා අවසන් සුසුම් හෙළයි
1941 වසරේ සැප්තැම්බර් 02දා සාධනා උපත ලැබුවේ වර්තමානයේ පකිස්තානයට අයත් කරච්චියේදී. සාධනාට ඒ නම ලැබුණේ තවත් පැරැණි බෙංගාලි නිළියක වුණු සාධනා බෝස් නිසා. එවගේම සාධනාගේ ඥාතී සහෝදරිය වන්නේ කරීනා හා කරිෂ්මා දෙසොහොයුරින්ගේ මැණියන් වන බබිතා. එහෙත් බබිතා ඇය සමඟ කිසිදා සබඳතාවක් පැවැත්වූයේ නැහැ. සාධනා අවසන් කාලයේ ජීවත් වුණේ ආශා බෝස්ලේගේ නිවහනක් කුලියට අරගෙන. 1960 සහ 70 දශකයන්හි සිය චිත්‍රපට දිවියේ ඇති සාර්ථකම අවදිය පසුකල සාධනා මෙරා සායා, කෝ කෝන් තී පරක් සහ වක්ත් යන චිත්‍රපටවල වඩාත් ජනප්‍රිය තරුවක් වුණා. එකල ඈ කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත්, ඇයගේ කොන්ඩා මෝස්තරයත් ‘සාධනා කට්’ නමින් රසිකාවන් භාවිත කළා. 70 දශකයේ මෙරට ජනපි‍්‍රය ලෙස තිරගත වූ ඒක්පූල් දෝමාලි චිත්‍රපටයේ ඇය සංජය ඛාන් සමඟ පෑ රංගන විලාසය පේ‍්‍රක්ෂකයන්ට අමතක නැහැ. දිල්වාලේ ද? බජිරාඕ මස්තානී ද?
විශේෂයෙන්ම ‘බජිරාඕ මස්තානී’ සහ ‘දිල්වාලේ’ බොහෝ දෙනා විමසිල්ලෙන් චිත්‍රපට දෙකක්. මේ චිත්‍රපට දෙකම එකම දිනක (දෙසැම්බර් 18) වනදා කරලියට පැමිණීම මේ විමසිල්ලට විශේෂ හේතුවක්. බොහෝ දෙනා සිතුවේ තරගකාරීත්වය නිසා එකක් (බොහෝ විට බජිරාඕ මස්තානි) අඩු ආදායම් ලබා අනෙක ඉහලින් වැජඹෙනු ඇති බවයි. නමුත් තත්ත්වය එසේ වූයේ නැහැ. මේ දෙකම බොලිවුඩ් ඉතිහාසයට එක් වන්නේ ‘බජිරාඕ මස්තානි’ සිය පළමු දින අට තුල ඉන්දියානු රුපියල් කෝටි 98 කුත්, ‘දිල්වාලේ’ ඉන්දියානු රුපියල් කෝටි 102 කුත් ඉන්දියාව තුලදී ඉපයූ සාර්ථක චිත්‍රපට ලෙසයි. කෙසේ නමුත් ලොව පුරා ලැබූ ආදායම ගැන සලකද්දී මෙය බොහෝ දුරට වෙනස් වී තිබෙනවා. ඉන්දියානු ඉතිහාස වීර කතා පුවතක් රැගත් බජිරාඕ මස්තානි ඉන්.රු. 128ක් වාර්තා කරද්දී නූතන කතා පුවතක් රැගත් දිල්වාලේ පළමු දින අට තුල ලොව පුරා ඉන්.රු.කෝටි 234ක් උපයා ඇති බවයි ආරංචිය.
අමීර් නත්තල් සීයා
කුඩා ළමුන් වටකරගෙන තෑගී බෙදාදෙන මේ නත්තල් සීයා කවුද? මේ අනිකෙක් නොව සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් ය. ඔහු සිය කුඩා පුතු අසාද් ටත් ඔහුගේ මිතුරන්ටත් නත්තල් සීයා ලෙසින් තෑගී බෙදාදෙන මේ පින්තූර අමීර් විසින් සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබුනා. අමීර් ඛාන් මීළඟට රිදී තිරයට ඒමට නියමිත ‘ඩන්ගල්’ චිත්‍රපටයෙනුයි. එය ලබන වසරේ නත්තලට අමීර් විසින් ප්‍රේක්ෂකයින්ට තිලින කරන ත්‍යාගයක් වනු ඇති බවයි බොලිවුඩයේ කතාබහ.
|



ජනප්‍රිය පැරණි බොලිවුඩ් නිළි සාධනා පසුගිය 25 වැනිදා සිය නිවසේදී අවසන් සුසුම්
හෙලුවා. මියයන විට ඈ 74 වන වියේ පසුවූවා. සාධනා විවාහ වුණේ අධ්‍යක්ෂක වන රාම්
ක්‍රිෂ්ණා නයියාර් සමඟ. ඇය හින්දි සිනමාවට එක්වුණේ 1960 වසරේ ‘ලව් ඉන් සිම්ලා’
චිත්‍රපටයෙන්. ඊට පෙර ඕ රාජ් කපූර්ගේ ශ්‍රී 420 චිත්‍රපටයටත් දායක වී තිබුණා.
.jpg)
