වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




රූපවාහිනී රාජ්‍ය සම්මාන දිනුවෝ

රූපවාහිනී රාජ්‍ය සම්මාන දිනුවෝ

රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ 2016 පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්විණ. මේ එහි ප්‍රතිඵල සටහනයි.

යාවජීව සම්මාන ප්‍රදානය - ශාන් වික්‍රමසිංහ මහතා

හොඳම ප්‍රාසාංගික නාට්‍යය නිෂ්පාදනය - ගිරිකුළ - ෆිහීම් මවුජුඩ්සිහිම් මවුජුඩ්

හොඳම අධ්‍යක්ෂණය - ගිරිකුළ - සුදත් රෝහණ

හොඳම නළුවා - චෙස් - විශ්වජිත් ගුණසේකර

හොඳම නිළිය - ගිරිකුළ - කාංචනා මෙන්ඩිස්

හොඳම සංස්කරණය - උඩු සුළඟ - වීරංග කැටිපෙආරච්චි

හොඳම කැමරා අධ්‍යක්ෂණය - පුරකලණි - නිශාන්ත ප්‍රදීප්

හොඳම කලා අධ්‍යක්ෂණය - ගිරිකුළ - ක්‍රිශාන්ත රත්නසිරි

හොඳම තිර රචනය - චෙස් - අරුණ ප්‍රේමචන්ද්‍ර

හොඳම සහාය නළුවා - ගිරිකුළ - නිරෝෂන් විජේසිංහ

හොඳම සහාය නිළිය - ගිරිකුළ - නිල්මිණි තෙන්නකෝන්

හොඳම ගායනය - රණා - දුමාල් වර්ණකුලසූරිය / උරේෂා රවිහාරි

හොඳම තනු නිර්මාණය - හඳපානාගල - ගයාන් ගනකධාර

හොඳම ගේය පද රචනය - හඳපානාගල - රත්න ශ්‍රී විිජේසිංහ

හොඳම සංගීත අධ්‍යක්ෂණය - බණ්ඩාර දෙයියො - සමන්ත පෙරේරා

හොඳම ශබ්ද පටිගතකරණය - උඩු සුළඟ - ඉන්දික පුෂ්පකුමාර

හොඳම අංග රචනය - උඩු සුළඟ - බුවනෙක රණවක

හොඳම ග්‍රැෆික් සජීවීකරණ නිර්මාණය (සිංහල)

සිසිල් රත්නායක හා ඕෂධ මධුමාල් වීරවර්ධන අධ්‍යක්ෂණය කළ ගෝනි රේස් ග්‍රැෆික් නිර්මාණය

හොඳම පූරණ පටය (සිංහල)

අතුල රන්සිරිලාල් අධ්‍යක්ෂණය සියාතු සීයා පූරණ පටය

හොඳම පූරණ පටය (දෙමළ)

නිසලින් අරුමයි - වසන්තම් ටී. වී. - කේ. ජෙයකාන්ත්

ප්‍රචාරක දැන්වීම් (කුසලතා) (සිංහල)

අතුල රන්සිරිලාල් අධ්‍යක්ෂණය කළ ආපදා කළමනාකරණය යටතේ 'අකුණුවලින් ආරක්ෂා වීම' පිළිබඳ නිර්මාණය වූ ප්‍රචාරණ දැන්වීමටයි

හොඳම පූර්ව ප්‍රචාර පටය (සිංහල)

සමිත් බස්නායක රචනා කළ, සිරස ලක්ෂපති පූර්ව ප්‍රචාරක පටයයි.

හොඳම පූර්ව ප්‍රචාරක පටය (දෙමළ)

මුගමූඩි - වසන්තම් ටී. වී - ඒ. එල්. ඉර්ෆාන්

හොඳම පසුතල නිර්මාණය (සිංහල)

කසුන් මාධව ගුණතිලක අධ්‍යක්ෂණය කළ ලිට්ල් ස්ටාර් සීසන් - 6 පසුතල නිර්මාණය

හොඳම බහු කැමරා නිෂ්පාදනය අධ්‍යක්ෂණය (සිංහල)

සරත් සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් - 5 බහු කැමරා

හොඳම බහු කැමරා නිෂ්පාදනය අධ්‍යක්ෂණය (දෙමළ)

ජූනියර් සුපර් ස්ටාර් - ශක්ති ටී. වී - එම්. එෆ්. සියා උර් හසන්

ජූරියේ විශේෂ ඇගයිම් (ළමා වැඩසටහන්) අධ්‍යක්ෂණය

අතුල රන්සිරිලාල් අධ්‍යක්ෂණය කළ කුමර ගී ළමා වැඩ සටහන

හොඳම ප්‍රාසංගික ළමා වැඩසටහන (සිංහල)

අතුල රන්සිරිලාල් අධ්‍යක්ෂණය කළ කදා වළලු

හොඳම ළමා වැඩසටහන (දෙමළ)

චිත්‍රා පඩ්ඩරයි - වර්නම් ටී. වී - ඒ. ප්‍රියදර්ශනී

රූපවාහිනී මාධ්‍යය පිළිබඳ ලියවුණු හොඳම සාහිත්‍ය කෘතිය

ස්ටැන්ලි සෙනෙවිරත්න

හොඳම සම්ප්‍රවේශක (සිංහල)

ජාතික රූපවාහිනිියේ සිතුවිලි සිතාරා

හොඳම සම්ප්‍රවේශක (දෙමළ) සුහේල් ඉස්ටයිල් - ශක්ති ටී. වී

හොඳම ප්‍රවෘත්ති නිවේදක (සිංහල)

ජාතික රූපවාහිනියේ නිෂාදි රුවන්මලී බණ්ඩාරනායක

හොඳම ප්‍රවෘත්ති නිවේදක (දෙමළ)

කේ. පුන්නියමූර්ති - වසන්තම් ප්‍රවෘත්ති

ප්‍රවෘත්ති නිවේදක (ඉංග්‍රීසි) - කුසලතා

නිර්දේශ නම් - නැත

කුසලතා සම්මානය හිමි කර ගන්නේ ජාතික රූපවාහිනියේ ෂැරෙන් මැෂ්කරහස්

හොඳම කතිකාමය වැඩසටහන (සිංහල)

එම්. ටී. වී. නාළිකාවේ විකාශය වූ ඉන්දීවරී අමුවත්ත අධ්‍යක්ෂණය කළ 'වීක්එන්ඩ් ඩයලොග් ඔන් බිස් රවුන්ඩ් අප්

හොඳම කතිකාමය වැඩසටහන (දෙමළ)

පල්ලිත්තුඩම් - වසන්තම් ටී. වී - එස්. එම්. එම්. මුසාරෆ්

හොඳම ක්‍රීඩා වැඩසටහන (සිංහල)

සම්මාන පිරිනොනැමේ

හොඳම ක්‍රීඩා වැඩසටහන (දෙමළ)

ආඩුකලම් - වසන්තම් ටී. වී - එම්. එස්. ඉර්ෆන් මොහොමඩ්

හොඳම ආගමික වැඩසටහන (සිංහල)

ටී. වී. නාළිකාවේ විකාශය වූ සඳරුවන් තිලකරත්න අධ්‍යක්ෂණය කළ සෝම නුවර මහ දාගැබ වැඩසටහන

හොඳම ආගමික වැඩසටන (දෙමළ)

මුක්ති තරුම් විනයාගර් චතුර්ති - වර්නම් ටී. වී. - ඒ. ප්‍රියදර්ශනී

හොඳම සඟරාමය වැඩසටහන (සිංහල)

ජාතික රූපවාහිනී නාළිකාවේ විකාශය වූ සන්ධ්‍යා විතානවසම් අධ්‍යක්ෂණය කළ ආයුබෝ වේවා වැඩසටහන

හොඳම සඟරාමය වැඩසටහන (දෙමළ)

යාතිරයි - නේත්‍රා ටී වී - එම්. එම්. මුබාරක්

අධ්‍යාපන හා සංස්කෘති වැඩසටහන - ජූරියේ විශේෂ ඇගයීම්

ජාතික රූපවාහිනියේ විකාශය වූ පාසැල් පද්ධතියේ ඵලදායිතාව වර්ධනය කිරිම ඉලක්ක කරගත් මාලතී වීරසිංහ අධ්‍යක්ෂණය කළ මේ අපේ ඉස්කෝලේ නම් වාර්තා වැඩසටහනයි

හොඳම අධ්‍යාපන හා සංස්කෘතික වැඩසටහන (සිංහල)

ජාතික රූපවාහිනී නාළිකාවේ විකාශය වූ නාමල් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ පුරාවිද්‍යා රසවතා වැඩසටහන

හොඳම අධ්‍යාපන හා සංස්කෘතික වැඩසටහන (දෙමළ)

කාමන් කාතු - ශක්ති ටී. වී - රජේන්ද්‍රන් කෝගුල්නාත්

කෙටි චිත්‍රපට - ලෝකඩ

සම්මානය හිමි කරගනු ලබන්නේ දුලීකා ලොකු බාලසූරිය අධ්‍යක්ෂණය කළ හෘද සාක්ෂිය නම් කෙටි චිත්‍රපටයයි

කෙටි චිත්‍රපට - රජත

සම්මානය හිමි කරගනු ලබන්නේ නුවන්තිකා ගමගේ අධ්‍යක්ෂණය කළ දළඹුවකුගේ අවසන් රාත්‍රිය නම් කෙටි චිත්‍රපටයයි

කෙටි චිත්‍රපට - ස්වර්ණ

සම්මානය හිමි කරගනු ලබන්නේ අජන්තා වීරවර්ධන අධ්‍යක්ෂණය කළ බීනිත් ටු එන්ඩ්ස් නම් කෙටි චිත්‍රපටයයි

ඒකාංගික නාට්‍යය (දෙමළ) කුසලතා සම්මාන - අධ්‍යක්ෂණය

ඉද්ද - නේත්‍රා ටී. වී. - එම්. එම්. එස්. මෆාහිප් මවුලානා

ප්‍රාසාංගික නාට්‍ය (දෙමළ) ජූරියේ විශේෂ සම්මාන - අධ්‍යක්ෂණය

කාවේරි - නේත්‍රා ටී. වී - එස්. කෝනේස්වරන්

හොඳම ගීත දෘශ්‍යකරණය (සිංහල) සම්මාන 2 පිරිනැමේ

ජාතික රූපවාහිනියේ විකාශය වූ දේවිකා තරංගනී හා විමෝජා කිරිවන්දෙනිය අධක්ෂණය කළ 'අලියාට ලිපියක්'

හොඳම ගීත දෘශ්‍යකරණය (දෙමළ)

සත්තෙන්රු මාරුතුකඩයි නිලයි - වර්නම් ටී. වී - සී. අරුල්සෙල්වම්

සිරස රූපවාහිනියේ නාළිකාවේ විකාශය වූ කාංචනා අමරරත්න අධ්‍යක්ෂණය කළ 'ලයිෆ් ඔෆ් පයි'

(දෙමළ මාධ්‍ය සඳහා සම්මාන පිරිනොනැමේ)

හොඳම සංගීත වැඩසටහන (සිංහල) සම්මාන 2 පිරිනැමේ

දෙරණ නාළිකාවේ විකාශය වූ චින්තන ගම්ලත් හා සුබෝධනී කරුණානායක අධ්‍යක්ෂණය කළ ඩෙල් ස්ටුඩියෝ සංගීතමය වැඩසටහන

හොඳම සංගීත වැඩසටහන (දෙමළ)

ශක්ති සීනියර් සුපර් ස්ටාර් සීසන් 5 - ශක්ති ටී. වී. - එම්. එෆ්. සියා වුල් හසන්

හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණය (දෙමළ)

ඉරනමඩු සහ යාපනය ජල ප්‍රශ්නය - ශක්ති ටී. වී - එම්. එච්. එම්. රියාස්

වාර්තා වැඩසටහන් - ජූරියේ විශේෂ ඇගයීම (සිංහල) කැමරාකරණය

ජාතික රූපවාහිනියේ විකාශය වූ තවත් අම්මා කෙනෙක් වාර්තා වැඩසටහන අපූර්ව වූද, අසීරු වූ ද කැමරාකරණය වෙනුවෙන් ජූරියේ විශේෂ අගැයුමට පාත්‍ර වන්නේ සිසිර දීප්ති

හොඳම වාර්තා වැඩසටහන (සිංහල)

රූපවාහිනී නාළිකාවේ විකාශය වූ නාමල් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ බිසෝවරුන්ගේ ජනපදය වාර්තා වැඩසටහන

හොඳම වාර්තා වැඩසටහන (දෙමළ)

කට්චනිවු එක්ස්පෝස් - ශක්ති ටී. වී - ආර්. අරුන් ප්‍රසාද්

නිර්මාණශීලී තිර රචනය (ටෙලි චිත්‍රපට)

සාක්ෂිය ටෙලි චිත්‍රපටයේ තිර රචනය උදෙසා රසික සුරවීරආරච්චි

නිර්මාණශීලී ආලෝකකරණ - (ටෙලි චිත්‍රපට)

සිකුරාදා හවස එන්න ටෙලි චිත්‍රපටයේ ආලෝකකරණය උදෙසා නන්දසේන රාජපක්ෂ

නිර්මාණශීලී සංස්කරණය (ටෙලි චිත්‍රපට)

සිකුරාදා හවස එන්න ටෙලි චිත්‍රපටයේ සංස්කරණය උදෙසා දිමුතු කුරුප්පු

නිර්මාණශීලී කැමරාකරණය (ටෙලි චිත්‍රපට)

සිකුරාදා හවස එන්න ටෙලි චිත්‍රපටයේ කැමරාකරණය උදෙසා අශෝක ජයසේකර

නිර්මාණශීලී අධ්‍යක්ෂණය (ටෙලි චිත්‍රපට)

සාක්ෂිය ටෙලි චිත්‍රපටයේ නිර්මාණශීලී අධ්‍යක්ෂණය උදෙසා සන්තුස ලියනගේ

(ප්‍රාසංගික නාට්‍ය සඳහා කුසලතා සම්මාන ප්‍රදානය)

රංගන කුසලතා (ළමා) - ප්‍රාසංගික නාට්‍ය

වරාමලී නාට්‍යයේ ගුරුළුගේ චරිතය නිරූපණය කළ නෙස්ටා මානෙත්

රංගන කුසලතා - ප්‍රාසංගික නාට්‍ය

ගිරිකුළ නාට්‍යයේ හීං බණ්ඩාගේ චරිතය නිරූපණය කළ සමන් හේමරත්න

රංගන කුසලතා - ප්‍රාසංගික නාට්‍ය

වාසුලි කන්ද නාට්‍යයේ වික්‍රම චරිතය නිරූපණය කළ මහේන්ද්‍ර වීරරත්න

රංගන කුසලතා - ප්‍රාසංගික නාට්‍ය

රණා නාට්‍යයේ ස්වේතාගේ චරිතය නිරූපණය කළ ආශා එදිරිසිංහ

කැමරා අධ්‍යක්ෂණය කුසලතා - ප්‍රාසංගික නාට්‍ය

අධ්‍යක්ෂණය සඳහා රණා නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂණය බ්‍රයන් ගමගේ

ජූරියේ විශේෂ සම්මානය (නාළිකාවක් සඳහා පිරිනැමේ)

භාවතීර්ථ ටෙලි චිත්‍රපට මාලාවේ නිෂ්පාදනය කරමින් ප්‍රේක්ෂකයාට තිළිණ කළ ජාතික රූපවාහිනිය

හොඳම වාර්තා නාට්‍යය

දමිත් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ තෙවැනි ඇස - 1 වන වැඩ සටහන (හිරු ටි. වී)