වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සරාගී පි‍්‍රයංකා

සරාගී පි‍්‍රයංකා

එක්සත් රාජධානියේ වසරක් පාසා පැවැත්වෙන රසික ඡන්දයකදී "ආසියාවේ සරාගීම කාන්තාව" (sexiest Asian Woman)  ලෙස ප්‍රියංකා චොප්රාව දෙවන වරටත් තේරී තිබෙනවා. මේ ඡන්දයට ආසියානු කාන්තාවක් 50 දෙනෙක් නම් වී තිබෙනවා. පසුගිය වසරේත් (2014) ප්‍රියංකා තමයි සරාගීම නිළිය වශයෙන් තේරුනේ.

මෙම තරගයේ ඡන්ද දායකයින් සියල්ලක්ම 'ආසියානු නොවන' අයයි.

මෙම ලයිස්තුවේ 10 වන ස්ථානය වන තෙක්ම සිටින්නේ ඉන්දියානු නිළියන්. ඒ, සනායා ඉරානී දෙවෙන ස්ථානය, ද්‍රස්ති ධමි තෙවන ස්ථානය, දීපිකා පදුකොනේ සිවු වන ස්ථානය, කත්‍රිනා කයිෆ් පස් වන ස්ථානය, නියා ශර්මා සය වන ස්ථානය, කරීනා කපූර් සත් වන ස්ථානය, ගෞහර් ඛාන් අට වන ස්ථානය, සෝනම් කපූර් නව වන ස්ථානය සහ මහීරා ඛාන් දස වන ස්ථානය ලෙසින්.