වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ශාරුක් අලියා සමඟ

ශාරුක් අලියා සමඟ

අලියා භාත් සමඟ ශාරුක් ඛාන් රඟන කරන් ජොහාර් සම නිෂ්පාදනය කරන චිත්‍රපටයේ වැඩ මේ වන විට ඉතා වේගයෙන් සිදුවෙන බවයි ආරංචි. චිත්‍රපටය තවමත් නම් කර නැහැ. එහි රෑපගත කිරීම් ලබන ජනවාරියේ සිට ඇරඹීමට නියමිතයි. කරන් ජොහාර්, Hope Productions සහ ශාරුක් ඛාන් හිමිකාරත්වය දරන Red Chillies Entertainment හා එක්වයි මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ.

හෙට (18 වනදා) නිකුත් වීමට නියමිත ශාරුක් ඛාන් රඟපාන "දිල්වාලේ" චිත්‍රපටයට පසුව ඔහුගේ තවත් චිත්රොපට දෙකක්, රාඊස් සහ Fan  නිකුත් වීමට නියමිතව තිබෙනවා. අලියා භාත් අවසාන වරට රිදී තිරයේ පෙනී සිටියේ ශර්දාර් චිත්‍රපටයෙයි. මීළඟට ඈ "උඩ්තා පන්චාබ්" සහ කපූර් ඇන්ඩ් සන්ස්" කියන චිත්රනපට වල රඟපානවා.