|
|
රාණි දැන් අම්මා කෙනෙක්
ජනප්‍රිය නිළි රාණි මුඛර්ජී සහ ඇගේ සැමියා වන 'යශ් රාජ් ෆිල්ම්ස්' හිමිකරු ආදිත්‍ය චොප්රා පසුගිය 9 වැනිදා සිඟිති දියණියක ගේ දෙමාපියන් වූවා. දියණිය උපත ලැබුවේ මුම්බායි හි 'බ්රීච් කැන්ඩි' රෝහලේදී. රාණි සහ ආදිත්‍ය දියණියව "ආදිරා" (ආදිත්‍ය+ රාණි) ලෙස නම් කර තිබෙනවා. ආදිත්‍යගේ සොහොයුරා වන උදය චොප්රා මේ බව ට්විටර් හි ප්‍රසිද්ධ කර තිබෙනවා. මව සහ සිඟිත්තිය සුවෙන් සිටින බවයි ආරංචියි. මේ වනවිට වයස 37ක් වන රාණි අවසාන වරට රඟපෑවේ "මර්දානි" චිත්‍රපටයේයි. චිත්‍රපට අධ්‍යක්ෂක කරන ජොහාරුත් තමන් මාම කෙනෙක් වූ බව ට්විටර් කරලා. ඍෂි කපූර්, පරිනීති චොප්රා, ශංඌ ශර්මා, සහ අයුෂ්මන් කුරානා ට්විටර් හරහා ආදිත්‍යට සුබපැතුම් එවලා. "අද මට ජීවිතයේ වටිනාම තෑග්ග, ආදිරා දෙවියන් විසින් දී තිබෙනවා. මගේ රසිකයින්ගෙත් මිතුරන්ගේත් ආශිර්වාද සහ සුබ පැතුම් වලට බෙහෙවින් ස්තූතියි! අපි අපේ ජීවිතයේ මේ අලුත් පරිච්ඡේදය බොහොම සතුටින් අරඹනවා" රාණි කියනවා. |



.jpg)