මහඇදුරු සනත්ගෙන් ගයන්න, වයන්න ඉගෙන ගනිමු
මහඇදුරු සනත්ගෙන්
ගයන්න, වයන්න ඉගෙන ගනිමු
-npr.jpg)
වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයේ සිටින නව පරපුරේ වැඩි දෙනෙකු සංගීතය ගැන හසල දැනුමක්
නැහැ. මේ දිනවල නිතර ඇසෙන සින්දු (මම නම් ඒවාට කියන්නේ විලාප අඳෙීනා කියලා) ඇහෙද්දි
අලුත් අයගේ සංගීත ඥානය ගැන හිතාගන්නට පුළුවන්. අපේ ප්‍රවීණයෝ නව පරපුරේ අයව සුමඟට
ගන්නට නිරන්තරයෙන් ඔවදන් දෙනවා. ඒ අනාගතයේ සංගීත ක්ෂේත්‍රය බාර ගන්න ඉන්නේ ඔවුන්
නිසා. මහාචාර්ය සනත් නන්දසිරිත් නිරන්තරයෙන් හිතන්නේ ඒ විදිහට. ඔහු ගාන්ධාරි නමින්
සංගීත ආයතනයක් ආරම්භ කළේ ද ඒ හින්දා. එමඟින් සංගීත ක්ෂේත්‍රයට එකතු වන්නට සිටින අයට
මෙන්ම දැනට සංගීත ක්ෂේත්‍රයේ සිටින අයට විධිමත් ලෙස සංගීතය උගන්වනු ලබනවා. ඔන්න
ගාන්ධාරි සංගීත ආශ්‍රමයට අලුතෙන් පිරිස බඳවා ගන්නවාලු. හෙට තමයි ඒ වැඩ කටයුත්ත
සිද්ධ වෙන්නේ. අංක 10/බී, පරණ කොට්ටාව පළමු පටුමග, ඇඹල්දෙණිය පිහිටි ගාන්ධාරි
ආයතනයට ගිහින් එයට එකතු වන්නට නවක ඔබට හැකියි. භාත්කණ්ඩේ සංගීත විද්‍යා පීඨය මඟින්
වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රථමා සිට විශාරද දක්වා වන පරික්ෂණයන් සඳහා ගායනය සහ තබ්ලා
වාදනය ප්‍රගුණ කිරීමට මෙහිදී අවකාශය සැලසෙනවා. ඒ වගේම හය සිට එකොළහ වසර දක්වා පාසල්
විෂය නිර්දේශයන් සඳහා ද සංගීත පාඨමාලාවන් මෙහි පැවැත්වෙනු ඇති.
|