වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අනෝතත්ත විලට බසින අමිතාවෝ . . .

අනෝතත්ත විලට බසින අමිතාවෝ . . .

සෙංකඩගල පුර දළදා බුදුරැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන් හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්ගේ'

මේ ගීතය ඇහෙද්දී අපේ ඇඟේ හිරිගඩු පිපෙනවා. එතරම්ම හොඳින් අපගේ හදවතට දැනෙන්න අමිතා වැදිසිංහ මේ ගීතය ගයා තිබෙනවා. මෙය පමණක් නොව අමිතා තවත් රසාලිප්ත ගීත ගොන්නක හිමිකාරියක්. අනෝතත්ත විල (අමරදේවයන් සමඟ), කන්ද උඩින් හඳපායන ලීලා, රන් දොරින් එන්න ආදරේ, එක මොහොතක් ඔබ සෙවෙණේ (මර්වින් පෙරේරා සමඟ) යන අයුරින් අමිතාගේ ගීත රැස පෙළගස්සවන්න පුළුවන්. මේ දිනවල ඇය එක්තරා කටයුත්තක් සඳහා වෙහෙස වෙනවා කියලයි ආරංචිය. ඒ ඇගේ තෙවැනි ඒක පුද්ගල ප්‍රසංගය සඳහා. ජනවාරියේ අග තමයි මෙම ප්‍රසංගය පැවැත්වීමට නියමිත වන්නේ. එය නම් කොට ඇත්තේ අනෝතත්ත විල යනුවෙන්. අමිතාගේ ජනප්‍රිය ගීත 25 ක් පමණ ප්‍රසංගයට ඇතුළත් වෙනවා. ළඟදීම එහි වැඩි විස්තරත් සමඟ සරසවිය හරහා ඔබ හමු වන බව අමිතා පැවසුවා.