වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මට විචාරකයෝ වැඩක් නෑ

මට විචාරකයෝ වැඩක් නෑ

‘මයි නේම් ඊස් බන්දු’ අධ්‍යක්ෂ සුරංග ද අල්විස්

ඔහු සම්ප්‍රදාය වෙනස් කළ පුතෙකි. ජනප්‍රිය සංගීතඥයකු වූ සිය පියාණන්ගේ කීර්තිමත් ප්‍රතිරූපයට මුවා වී ඉන් බැබලෙනවා වෙනුවට මේ පුතණුවන් උත්සුක වූවේ වෙනස් මාවතක් ඔස්සේ යමින් සිය කලා හැකියාවන් රටට පෙන්වීමටය.

මෙරට චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයේ සරත් ද අල්විස් පෑ මියැසි පෙළහර පිළිබඳ නොදන්නා අයෙක් නැත. ඒ පියාණන් ඔහුය. පුතා සුරංග ද අල්විස්ය. අප ඔහු හඳුනන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙසිනි. ප්‍රකට සංගීතඥයකුගේ පුතකු ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකුවීමේ පුවත දැන් ඉතිහාසයට එක් වී හමාරය. එහෙත් වර්තමානයේ අප සුරංග ද අල්විස් නමැති ඒ යොවුන් නිර්මාණකරුවා පිළිබඳ කතා කළ යුතුව තිබේ. ඒ මේ දිනවල සාර්ථකව ප්‍රදර්ශනය වන ‘මයි නේම් ඉස් බන්දු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඔහු වන බැවිනි.

‘මයි නේම් ඉස් බන්දු’ අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත නෙවා. මම හරිද?

ඔබ නිවැරැදියි’. අපි මේ වෙනකොට මිලියන විස්සක ආදායමක් ලබාතිබෙනවා. ඒ පිටපත් විසි දෙකක් පමණක් ප්‍රදර්ශනය කරමින්. අපට හිමි පිටපත් තිහක් තිබුණා. එයින් පිටපත් හතක් අපට හම්බ වුණේ නෑ. ඒක තමයි තියෙන ඛේදවාචකය. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා මේ ධාරා ක්‍රමයක් හැදුවට පස්සේ ඒක නීතියක් නම් ඒකට යටත් වෙන්න එපායැ. ඒත් අවසනාවට වගේ අපට ඹ්. ධ්. ච්. - රත්නපුර, රිට්ස් - බදුල්ල, ස්කයි ලයිට් - මාතර, මහලේකම් - කුලියාපිටිය, ගැමුණු - වත්තල සිනමා ශාලා අහිමි වුණා.

හේතුව?

රත්නපුර සහ මාතර සිනමා ශාලා දෙක සංස්ථාවේ ධාරාවට පිටින් ‘සුහද කොකා’ රිලීස් කරලා තිබ්බා. අපේ චිත්‍රපටය එනකොට ඒගොල්ල ‘සුහද කොකා’ ගැලෙව්වේ නෑ. මොකද ඒ අය හිතුවේ නෑ ‘මයි නේම් ඉස් බන්දු’ දුවයි කියලා. ඒ නිසා ඔවුන් අපට කිව්වා අපි ‘සුහද කොකා’ දුවනවා ‘මයි’ නේම් ඉස් බන්දු’ එපා කියලා. එතනදි සභාපතිතුමා දැඩි තිරණයක් ගත්තා. දවස් අටකට පස්සේ අපට එක ඉඩධඹ එකක් පමණක් දෙන්න ඔවුන් එකඟ වුණා ඊට පස්සේ. ඒ 1.15 දර්ශනය.

නමුත් ඇතැම් දිනවල ඒ දර්ශනයත් අවලංගු වුණා කියලා අපට දැනගන්න ලැබුණා?

අවලංගු වුණා නෙවෙයි. අවලංගු කළා. අපේ ෆිල්ම් එක කැන්සල් කරලා මේගොල්ල ඉඩධඹ එක ගැලෙව්වා. මාතර ස්කයි ලයිට් සිනමා ශාලාවේ පිට පිට ඉඩධඹ හතරක් කැන්සල් වුණා. ඒ කියන්නේ එක ප්‍රේක්ෂකයෙක්වත් නෑ. දෙවැනිදා ඒගොල්ල චිත්‍රපටය ගැලෙව්වා. තුන්වැනිදා අපි මාතර ඉ. ම්. සිනමා ශාලාවට ‘මයි නේම් ඉස් බන්දු’ මුදා හැරියා. දවස් අටට ලක්ෂ තුනහමාරයි. ඒක ඔප්පු කරන්න සාක්කි මම ළඟ තියෙනවා. චිත්‍රපට ශාලා අපට කරපු මේ අසාධාරණය නිසා අපට මුල්‍යමය පාඩුවක් සිදු වුණා. ඒත් ඒකෙන් මම පසු බැස්සේ නෑ. හැබැයි බන්දු සමරසිංහගේ රසිකයන්ට කරපු මේ බලු වැඩේ නම් අනුමත කරන්න බැහැ.

දැන් ඔබ මේ චෝදනාව කරන්නේ සංස්ථා සභාපතිතුමාටද?

චිත්‍රපට සංස්ථාවේ වර්තමාන සභාපතිතුමා හොඳයි. නමුත් එතුමාගේ තීරණ අපේ සමහර සිනමා ශාලා හිමියෝ පිළි ගන්නේ නෑ. එහෙම වෙන්න බෑ. එහෙම වුණොත් මේක දඩාවතේ යන කර්මාන්තයක් වෙනවා. එහෙම නම් අපටත් පුළුවන් වෙන්න එපායැ අපට කැමැති සිනමා ශාලාවක අපේ චිත්‍රපටයත් දාන්න. අපි එහෙම කරන්නේ නෑ.

ඔබත් සිනමා ශාලා හිමියෙක්?

මගේ පිළියන්දල සිනමා ශාලාවේ ‘මහරජ අජාසත්ත’ දුවන කෙට ‘ලැන්ටින් සිංඤෝ’ට අවස්ථාව ආපු වෙලාවේ මම බොහොම සාධාරණව දුවන චිත්‍රපටය ගලවලා ‘ලැන්ටින් සිංඤෝ’ දැම්මා. නමුත් ඒ චිත්‍රපටයෙන් මට පාඩුයි. ලාභ, පාඩු දෙකම මේ ‘කර්මාන්තයට පොදුයි. හැබැයි ලාභ විතරක්ම නම් අපේ මේ සිනමා ශාලා හිමියන්ට වුවමනා ඒගොල්ල වෙන බිස්නස් එකක් කළාට කමක් නෑ, මේක නොකර. ව්‍යපාරිකයෙකු වුණත් ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මහත්මයා මට ලොකු සහයෝගයක් දුන්නා. ඇත්තටම ඔහු සිනමා කර්මාන්තය ගැන සැබෑ කැක්කුමකින් කටයුතු කරන කෙනෙක්. චිත්‍රපට සංස්ථාවේ සභාපතිකමට වුණත් ඔහු සුදුස්සෙක්.

එතකොට ඔබ මුලින් සඳහන් කරපු අනෙක් සිනමා ශාලාවලිනුත් ‘මයි නේම් ඉස් බන්දු’ ට අසාධාරණයක් වුණා?

ඒ ගැනත් කියලම ඉන්නම්. බදුල්ල සිනමා ශාලාව අපට දුන්නේ නෑ . වත්තල සිනමා ශාලාව කඩනවා කිව්වා. ඒක සාධාරණ හේතුවක් කියමුකෝ. එතකොට මහලේකම් කුලියාපිටිය සහ රත්නපුර සිනමා ශාලාවලින් ‘මයි නේම් ඉස් බන්දු’ ට ලොකු අසාධාරණයක් වුණා. මහලේකම් කුලියාපිටිය ‘සුහද කොකා’ ගැලෙව්වේ සභාපතිතුමාගේ දැඩි නියෝගයක් මත. රත්නපුර සිනමා ශාලාවේත් දිගින් දිගටම ‘මයි නේම් ඉස් බන්දු’ කැන්සල් වුණා. ඒ සිනමාහලේ කළමනාකරුවා මගේ චිත්‍රපටය දාන්නෙම නෑ කියලා කිව්වා. අපි අතරේ ඇති වුණ ලොකු සංවාදයකින් පස්සේ මම හිතන්නේ චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාගේ මැදිහත්වීම මත තමයි එය ප්‍රදර්ශනයට ඔහු එකග වුණේ.

ඇතැම් සිනමා ශාලා හිමියෝ ‘මයි නේම් ඉස් බන්දු’ චිත්‍රපටයට අරියාදු කළා කියන චෝදනාව තමයි ඔබ නැඟුවේ?

අඩුම තරමින් සති දෙකක්වත් යනකල් කිසිම කෙනෙකුට තීරණය කරන්න බෑ චිත්‍රපටයක් දුවනවාද නැද්ද කියන කාරණය. ඒත් සුමාන දෙකවත් නොගිහින් ඒගොල්ල මේ දැඩි තීරණය ගත්තා. මට දැඩි චෝදනාවක් එල්ල වුණා මම ඇටෑක් එකට චිත්‍රපටයක් දැම්මා කියා. ‘ඇඩ්‍රස් නෑ’ ‘සුහද කොකා’ දුවද්දී මම නිකං ගේමකට මේක දැම්මා කියලා. මගේ එහෙම ගේමක් නෑ.

කවුද එහෙම කිව්වේ?

සිනමා ශාලා හිමියන්ම තමයි. ඇත්තටම ඇටෑක් එකකට මම ‘මයි නේම් ඉස් බන්දු’ දැම්මා නෙවෙයි. ධාරා තුන හැදුවට පස්සේ මට අවස්ථාව ආවා. ඉතින් මම චිත්‍රපටය දැම්මා. ඒ අවස්ථාව අත හැරියේ නෑ. ඔය චෝදනා මම ගණන් ගන්නේ නෑ. එහෙම කරපු අයට මට කියන්න තියෙන්නේ අර බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑ කියන කතාව තමයි.

නගරයේ ප්‍රධාන සිනමා ශාලා ඔබට ලැබුණේ නෑ. සමහර සිනමා ශාලා අඩු පහසුකම් සහිත ඒවා. මේ ධාරා බෙදීමේ ක්‍රමය තුළ ඔබට කිසියම් අසාධාරණයක් වුණාද?

අපට ලොකුම අසාධාරණය වුණේ දකුණු පළාතෙන්. කළුතරින් පස්සේ තිස්සමහාරාමයට යනකල් අපට චිත්‍රපටය පෙන්නන්න බෑ. ප්‍රධාන නගරය ගාල්ලේ අපට සිනමා ශාලාවක් නෑ. මාතර අපට සිනමා ශාලාවක් නෑ. හම්බන්තොට නෑ. ඒ නිසා දකුණු පළාතේ සිනමා ප්‍රේක්ෂකයන්ට ලොකු අසාධාරණයක් වුණා. ඒ වගේම මට නුවරින් පස්සේ බදුල්ල නෑ. බණ්ඩාරවෙල නෑ. ඔය උඩරටට වෙන්න කිසිම සිනමා ශාලාවක් මට නෑ. එහෙම වාතාවරණයක තමයි මම මේ කලෙක්ෂන් එක කළේ.

දැන් මේ ධාරා තුනකට සිනමා ශාලා බෙදීම තුළම කිසියම් අක්‍රමවත් බවක්, අපිළිවෙලක් තියෙන බවද ඔබ කියන්නේ?

නෑ එහෙම නෙවෙයි. ඇත්තටම මට හිතෙන්නේ ප්‍රමාණවත් තරමින් සිනමා ශාලා නෑ. දැන් අපි ඡ්. ඒ. ර්‍ථ. මණ්ඩලය ගත්තොත් ඔවුනට හොඳ සිනමාහල් ටිකක් තියෙනවා. සිනමාහල් හොඳට නඩත්තු කරනවා. එතකොට ඛ්ඡ්ඹ් එකටත් හොඳ සිනමාහල් තියෙනවා. රිද්ම එකටත් හොඳ සිනමාහල් තියෙනවා. එතකොට මේ ඹ් ජ් ච් - ර් ර්‍ථ ධ් ධාරාවේ තමයි පොඩි අඩුපාඩුවක් තියෙන්නේ. නමුත් ඒකට වගකිවයුත්තා කවුද කියන්න ඇත්තටම දන්නේ නෑ. මේ වෙනකොට ගාල්ලේ සිනමා ශාලාවක් තියනෙවා වහලා. එතකොට අම්බලන්ගොඩ සිනමා ශාලාවක් තියෙනවා වහලා. අලුත්ගම සිනමා ශාලාවක් තියෙනවා වහලා. ඇල්පිටියේ සිනමා ශාලාවත් වහලා.

ඒ කියන්නේ නඩත්තු කටයුතු සඳහා?

නෑ . . . නෑ . . හෙට ඕනෑ නම් කවුරු හරි ව්‍යාපාරිකයෙක් ඉන්නවා නම් ඔය සිනමා ශාලා ටික අරින්න පුළුවන්. නමුත් කරුමේ කියන්නේ මේ සිනමා ශාලා බෙදන කොට ඔය කියපු දකුණු පළාතේ අපට ‘මයි නේම් ඉස් බන්දු’ චිත්‍රපටයට සිනමා ශාලා නැති වුණා. චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමන්ට මේ වෙලාවේ මම දොස් පවරන්නේ නෑ. ඔහුට තීරණ ගැනීමේ හොඳ හැකියාවක් තියෙනවා. ඔහුගේ තීරණ පිළිගත යුතුයි මේ ඉන්න සිනමා ශාලා හිමියෝ. එහෙම නැති වුණොත් මේක වනචාරි ව්‍යාපාරයක් වේවි. 2016 වසරේ අපේ සිනමා කර්මාන්තය ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. නිෂ්පාදකවරු දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. චිත්‍රපට බර ගාණක් ප්‍රදර්ශනය කර ගන්න බැරිව හිර වෙනවා මේ සිනමා ශාලා මාෆියාව නැවැත්තුවේ නැතිනම්.

ප්‍රේක්ෂකාගාරවලට ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීම අද සිනමා ශාලා හිමියන්ට දැවැන්ත අභියෝගයක් වෙලා තියෙනවා. මේ නිසා නේද ඔවුන් නීතියේ රාමුවෙන් පිට පැන යම් යම් දේවල් කරන්නට පෙළඹෙන්නේ?

සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දවස් තුන හැර සතියේ ඉතිරි දිනවලදී ප්‍රේක්ෂකයෝ චිත්‍රපට බලන්න එන්නේ නෑ. එතකොට අපට නිශ්චිතව ප්‍රේක්ෂකයෝ ගණනය කරන්න බෑ. නමුත් අප කියමුකෝ මගේ චිත්‍රපටය සති අන්තයේ දාහක් නැරඹුවොත් ඡ්. ඒ. ර්‍ථ. මණ්ඩලයේ සිනමාහල්වල ඒ ප්‍රමාණය දෙදහසක් වෙන්න පුළුවන්. ඊට වඩා ලොකු ප්‍රමාණයකින් ඒ සංඛ්‍යාව වැඩි වෙන්නේ නෑ. මොකද උදේ වරුවේ අපි දන්නවා මේ සිනමා ශාලා රන් කරන්නේ පෙම්වතුන් ටික. ශ්‍රී ලංකාවේ මේ පෙම්වතුන් නැතිනම් සිනමා ශාලා ඇත්තටම සතියේ දවස් පහේ වහලා. ඉතින් මේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා ලැබෙන ආදායමවත් අරගන්න හරි ක්‍රමවේදයක් මේක ඇතුළේ නෑ.

බන්දු සමරසිංහ වගේ ජනප්‍රිය නළුවෙක්, ඔබේ නිවසට ඇවිත් චිත්‍රපට තුනක් කරමු කියලා කිව්වාම ඔබට මොකද හිතුණේ?

අර වාහනේක වැදිච්ච පූසාට වෙච්ච දේ මට වුණේ. කරකෝලා අතෑරියා වගේ. ඔහු දවසක් හැන්දෑ වරුවක අපේ නිවසට ආවා. කලින් වෙලාවක් වෙන් කරගෙන එහෙම තමයි ආවේ. මූණේ තිබුණේ ටිකක් බැරෑරුම් පෙනුමක්. මම ඇහුවා ‘ඇයි බන්දු අංකල්’ කියලා. ‘නෑ පුතා මම මේක ගැන කලකිරිිලා ඉන්නේ. මම ඔයාගේ චිත්‍රපට තුනක රඟපානවා කැමැතිද?’ කියලා ඔහු මගෙන් ඇහුවා. ‘කැමැති නම් කරන්න’ කියලා මේසෙට අතින් ගහලා එයා ගියා.

ඒ වෙන කොට චිත්‍රපටයක් කරන්න ඔබේ අදහසක් තිබුණේ නෑනේ?

ඒ වෙද්දී මගේ අදහසක් තිබුණේ වෙන චිත්‍රපටයක් කරන්න. නළු, නිළියන් පවා තෝරාගෙන හිටියේ. හැබැයි ටික කාලෙකට පස්සේ තමයි මම ඒක කරන්න සැලසුම් කර තිබුණේ. පස්සේ මම නෝනාගෙන් මේ ගැන ඇහුවාම එයා කිව්වා ‘ආයේ ඔය වගේ චාන්ස් එකක් ඔයාට ලැබෙන්නේ නෑ. ඒ චාන්ස් එක ගන්න කියලා. මම හිතන්නේ එදා මට නින්ද ගියේ නෑ. පහුවදා මම බන්දු අංකල් හම්බ වෙලා මගේ ර්‍ණ. ම්. එක දුන්නා.

ඔහුගේ කලකිරීමට හේතුව ඔබට කිව්වාද?

ඒ වසරේ එකටම ප්‍රදර්ශනය වුණ චිත්‍රපට දෙක වුණේ බන්දු අංකල්ගේ ‘පීටර්වන්’ සහ මගේ ‘රජ හොරු’. අපි දෙන්නටම යම් යම් බාධක අභියෝග එල්ල වුණා. සමහරු උත්සාහ කලේ අපි දෙන්නව වට්ටන්න. ඉතින් අපි දෙන්න එකතු වුණොත් ලොකු ශක්තියක් වෙයි ඊළඟ වැඩේට කියන එක තමයි ඔහුගේ අදහස වුණේ. අපට වුණ අසාධාරණය නිසා කලකිරීමෙන් විතරක් නෙවෙයි දෙන්නම හිටියේ යක්ෂාරූඪ වෙලා. ඉතින් යක්ෂයෝ දෙන්නෙක් එකතු වුණාම මොන වගේ දෙයක් වෙයි ද කියලා පොඩි එකක් හිතේ තිබුණා.

මෙහි තිර පිටපතත් ඔබේමයි?

ඔව්. බන්දු අංකල් එයාගේ අත්දැකීම්, රසවත් සිදුවීම් මට කිව්වා. ඒවාත් ඇසුරු කරගෙනයි මම මේ තිර නාටකය ලිව්වේ.

චිත්‍රපට අසූපහක රඟපෑ දැවැන්ත නළුවෙක් හසුරුවන එක අභියෝගයක් වුණේ නැද්ද ඔබට?

ඉස්සර වෙලාම කියන්න ඕනෑ බන්දු සමරසිංහ මම දන්නේ අවුරුදු පහළොවක, දාසයක ඉඳන්. ඒ කාලය ඇතුළත අපි හම්බ වුණා, විමෝද වුණා හැරෙන්න චිත්‍රපටයක් ගැන කතා කරලා නෑ. නමුත් ඔහු කරපු දේවල් මම හොඳට රීඩ් කරලා තියෙනවා. මම එයාගේ එක්ස්ප්‍රෙෂන්ස් දැකලා තියෙනවා. හැම අධ්‍යක්ෂවරයාම ගත්තේ එයාගේ මූණේ එක පැත්තයි. එක පොයින්ට් එකයි පාවිච්චි කළේ. ඒ ඔස්සේ තමයි කතාව යන්නේ. පොඩි එක්ස්ප්‍රෙෂන්ස් ටිකක් එක්ක බන්දු අංකල්ගෙන් ඊට වඩා දෙයක් ගන්න පුළුවන් කියන එක මට වැටහුණේ එයාගේ ‘රෝදය’ සහ ‘රජ්ජුමාලා’ බැලුවාම. ඒ චිත්‍රපට දෙක බලලා නැවත වරක් ‘රෑ දනියෙල් දවල් මිගෙල්’, ‘හායි හූයි බබි ආච්චි’ වගේ චිත්‍රපට බැලුවාම ඔහුගේ කැපෑසිටි එක අපට හඳුනා ගන්න පුළුවන්. ඒ හැම දේකින්ම මම ඔහුගේ හැකියාව මැනගෙන තිබුණ නිසාත් මගේ ‘යමලෝ’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ නළුවා ඔහු වූ නිසාත් මට බන්දු සමරසිංහ අධ්‍යක්ෂණය කිරීම අභියෝගයක් වුණේ නෑ.

ඔහුගේ උපරිම සහායත් ඔබට ලැබුණා?

ඇත්තටම. මේ මගේ දෙවැනි චිත්‍රපටය. ඔහුගේ අසූ පස් වැනි චිත්‍රපටය. ඒත් බන්දු අංකල් මේ චිත්‍රපටයේ රඟපෑවේ එයාගේ දෙවැනි චිත්‍රපටයේ රඟපානනවා වගේ. ඒතරම් නිහතමානීව, නම්‍යශීලීව ඔහු වැඩේට දායක වුණා. සමහරක් අවස්ථාවලදී මට කටින් පොයින්ට් නෑ. ඩිරෙක්ටර් උණ ගන්නේ නැතිව මම ‘බන්දු අංකල් කටින් පොයින්ට් එක නෑ, කටින් පොයින්ට් එක නෑ’ කිව්වාම ‘ආ . . . ගම්මු . . . ගම්මු’ කියලා එයා සෙට් වෙනවා. ඇත්තම කිව්වොත් මේ ෂූටිං තිබුණ දින විසි අට තුළ ඔහු මම කිසිම පීඩනයක් එල්ල කළේ නෑ.

ඔබ අධ්‍යක්ෂවරයෙක් වගේම විකිණීමේ කලාවත් හොඳට දන්න පුද්ගලයෙක්. මෙතනදි ඔබ කළේ ඇත්තටම බන්දු මාකට් කරපු එක?

ඔව්. ඒක ඇත්ත.

එතනදි අධ්‍යක්ෂවරයකු ලෙස ඔබේ ප්‍රතිරූපය ගොඩ නඟා ගැනීමේ කාර්යය පිළිබඳ සැලකිල්ලක් නැතිනම් වැඩි අවධානයක් යොමු කළේ නැද්ද?

මිනිස්සු චිත්‍රපටයක් බලන්න ගිහින් ශාලාවෙන් එලියට එන්නේ ෂඞ මරු ෆිල්ම් එක කියලා නම් එයින් කියැවෙන්නේ අධ්‍යක්ෂවරයා වැඩේ හොඳට කරලා තියෙනවා කියන එකයි. මේ චිත්‍රපටය බලන්න කෙනෙක් යන්නේ ‘මචං අන්න බන්දුවගේ ෆිල්ම් එකක් ඇවිදින්’ කියලයි. සුරංග ද අල්විස්්ගේ ෆිල්ම් එකක් බලන්න යනවා කියලා කවුරුවත් ගියේ නෑ. සුරංගගේ චිත්‍රපටයක් කියලා කියන්නේ හෝල් එක ඇතුළට ගියාම. ඒ නිසා අධ්‍යක්ෂවරයෙක්ගේ නමට චිත්‍රපට බලන්න යනවා නම් ඒ ලිස්ට් එකේ හිටියේ අධ්‍යක්ෂවරු අතලොස්සයි එදා ඉදලම. උදයකාන්ත වර්ණසූරිය එහෙම අධ්‍යක්ෂවරයෙක්.

‘මයි නේම් ඉස් බන්දු’ චිත්‍රපටයට මේතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන්නට හේතුව හැටියට ඔබ දකින්නේ?

බන්දු සමරසිංහ ගේ ජනපි‍්‍රයත්වය තමයි ඒකට ප්‍රධාන හේතුව. ප්‍රධාන නළුවා සමාජය තුළ අපභ්‍රංස නැති කෙනෙක් වෙන්න ඕනෑ. දේශපාලනය කරලා මෝන්ඩි වෙලා, ගැහැනු ප්‍රශ්නවලට පැටලිලා චාටර් වෙච්ච නළුවො ප්‍රේක්ෂකයෝ ගණන් ගන්නේ නැහැනේ. දැන් කලාකරුවා දේශපාලනය කරපු ගමන් රසිකයෝ දෙකට බෙදෙනවානේ. ඒවායෙන් මිදිච්ච නළුවෙක් හැටියට බන්දු සමරසිංහ හඳුන්වන්න පුළුවන්. එතකොට ඔහු විකුණගන්න පහසුයි. ඒ නිසා මම මේ චිත්‍රපටයට ආයෝජනය කරලා, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා කියලා තිරණය කළා. බන්දු සමරසිංහ තමයි ඒ වෙළෙඳපොලට මම දැම්මේ. ඒක සාර්ථක වුණා. මවුත් පබ්ලිසිටියත් චිත්‍රපටයක සාර්ථකත්වයට බලපාන සාධකයක්. චිත්‍රපටයක් සාර්ථක වෙන්න දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණයකුත් අවශ්‍යයි. නැතිනම් එය දැවැන්ත චිත්‍රපටයක් විය යුතුයි.

බන්දුට අමතරව සෙසු නළුවන් තෝරා ගැනීමේදී ඔබ නිවැරදි තීන්දුවක් ගත්තා කියා සිතනවාද?

ඇත්තෙන්ම ඔව්. ඒකට හේතු දෙකක් තියෙනවා. හැකියාව වගේම විනයත් අපි සලකා බැලුවා. අනූෂා දමයන්ති මේ චරිතයට ගන්න කලින් අපි වෙන නිළියෝ හත් දෙනෙක් බලලා තිබුණේ. ඒ හත් දෙනාගේ තිබුණා වැරදි හතක්. චිත්‍රපටයක වැඩ කරද්දී මැන(ර්)ස් තියෙන්න ඕනෑ. ටෙලිෆෝන් මැනර්ස් කියලා තියෙනවා. ඒ මැනර්ස් නැත්නම් ඒක භාවිත කරන්න ඒ අය සුදුස නෑ. එහෙම නිළියෝ සෙට් එකට ගේන්නවත් සුදුසු නෑ. ඔන්න ඔය විදියට ඒ නිළියෝ හත් දෙනාම කැපිලා ගිහින් තමයි අපි අනුෂාව තෝරා ගත්තේ. එකක් තමයි හොඳ විනයක් තිබ්බා අනූෂාට. ඒ වගේම මේ චරිතයට හොඳින් ගැළපුණා. බන්දුට වඩාත් ගැළපුණේ අනූෂා තමයි. වෙන වෙන පුද්ගලික අවශ්‍යතා මතවත්, හිතවත්කම්වලටවත් නෙවෙයි මම මේ චිත්‍රපටයට නළු, නිළියෝ තෝරා ගත්තේ. පිටපත බලලා ඛ්චතත එකක් දෙන්න කිව්වාම ඒක කරන්න බැරි නම්, හරියට දෙබස් කියා ගන්න බැරි නම් එහෙම අය මම හිතන්නේ මේ කර්මාන්තය තුළ ඉන්න ඕනෑ නෑ. ඊට වඩා හොඳයි මේ ඉන්න සුළුතරයත් එක්ක මේ වැඩේ කරගෙන යනවා.

රොඩ්නි වර්ණකුලගේ රඟපෑමත් අපට අමතක කරන්න බෑ?

පසුගිය කාලේ අර බන්දු - ටෙනී වගේ බන්දු - රොඩ්නි කියන සම්බන්ධතාවක් අපේ සිනමාවේ ගොඩ නැඟිලා තිබුණා යම් දුරකට. රොඩ්නිගේ සුවිශේෂ රංගන හැකියාව සහ ඔහුගේ තිබුණ විනයත් මට ලොකු ශක්තියක් වුණා මේ චිත්‍රපටය ගොඩ දාගන්න. ඒ වගේම ප්‍රේමදාස විතානගේ, ආරියසේන ගමගේ වැනි නළුවන්ගේ රංගන දායකත්වයත් මට අවශ්‍ය විදිහට ලැබුණා. දෙනුවන් සේනාධි වගේ යොවුන් නළුවකුටත් හොඳ චරිතයක් මේ චිත්‍රපටයේ මම ප්‍රදානය කළා.

1947 වසරේ තිරගත වූ ‘කඩවුණු පොරෙන්දුව‘ ච්ත්‍රපටයේ පටන්ම මේ රටේ විචාර කලාවක් තිබුණා. සිනමාව සාධණීය මට්ටමට ගෙන ඒමේ ප්‍රශස්ත මෙහෙවරක් ඔවුන් අතින් සිදු වූ බවයි පොදු මතය. ඔබේ සිනමාපටයට විචාරකයන් අතින් යම් මෙහෙවරක් සිදු වුණාද?

කලාත්මක සිනමාවට විචාරකයෝ ඕනෑ වුණාට මම හිතනවා වානිජ සිනමාවට විචාරකයෝ නුසුදුසුයි කියලා. හේතුව වාණිජ සිනමාව කියන්නේ චිත්‍රපට කර්මාන්තය රැකගන්නා මූලිකම සාධකය. එතකොට ඒ පොදු සාධකය විචාරකයෙකුට බිඳ හෙලන්න බෑ. විචරකයා පෑනේ තීන්න තියෙනකල් ලියයි. අපි චිත්‍රපටයක් කරන කොට ඊට දායක වන ශිල්පීන් වගේම ඔවුන්ගේ පවුල්වල අයත් යැපෙනවා. ටී බෝයිගේ ඉඳන්. එතකොට ඇතැම් විචාරකයන්ගේ නින්දිත ප්‍රකාශ නිසා සමහරු සිනමාව අතහැරලා ගියා. මම හිතන්නේ නෑ වාණිජ සිනමාවට ඔය කියන විචාරකයන්ගෙන් වැඩක් වුණා කියලා. මට විචාරකයෝ වැඩක් නෑ. ඔවුන් කියන දේවල් මම තුට්ටුවකට ගණන් ගන්නේ නෑ.

දිගටම සිනමාවේ රැඳෙන්න අදහස් කරන ඔබ මේ වගේ ප්‍රකාශයක් කරන එක අවාසි සහගතයි නේද?

දිවි ඇති තෙක් සිනමාවේ රැඳෙන්න මම අදහස් කරන්නේ නෑ. මම අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ හරියටම චිත්‍රපට දහයයි. ඉන් දෙකක් දැනට ප්‍රදර්ශනය වී අවසන්. මගේ මීළඟ චිත්‍රපටය වන ‘හොරා පොලිස්’ වැඩ කටයුතු දැන් අවසන්. එතකොට තව චිත්‍රපට හතයි මම නිර්මාණය කරන්නේ. ඒක කරගන්න පුළුවන්කම ලැබේවි කියා මා විශ්වාස කරනවා.