වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




පරණ කසාදෙට අලුත් පැනය

පරණ කසාදෙට අලුත් පැනය

ප්‍රසිද්ධ හොලිවූඩ් නිලියක් වන නිකොලි කිඩ්මාන් දැන් 48 වියේ පසුවනවා. ඇගේ වත්මන් සැමියා සංගීතඥ කීත් අර්බන්. නමුත් මේ ඇගේ පළමුවන විවාහය නොවෙයි. ඇය 1990 සිට 2001 වනතුරු විවාහ වී සිටියේ ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් කෲස් සමඟයි.

පසුගිය 12 වනදා ඇගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් අසා තිබුණා. ඒ, ඇය ටොම් හා ගතකල ජීවිතයෙන් යමක් උගත්තාද යන්නත්, එය කීත් සමඟ ගතකරන ජීවිතයෙන් වෙනස් වන්නේ කෙසේද යන්නත්ය. "මා ටොම් හා විවාහ වන විට බොහොම ලාබාලයි. නමුත් මා ඒ එකදු දිනයක් ගැනවත් දුක්වන්නේ නැහැ. කීත් ගැන ඇති ගෞරවය නිසා මා ඒ ගැන සාකච්චඡා කරන්න කැමති නැහැ". ඇගේ පිළිතුර වුනා.

ජීනිඅස්, සීක්රට් ඉන් දෙයා අයිස්, කවීන් ඔෆ් ද ඩෙසර්ට්, සහ ට්ට්රේගස්පාස් නිකොලි මෑත කාලයේ රඟපෑ චිත්‍රපට කිහිපයක්. නිකොලිට සහ කීත්ට දරුවන් දියණියන් දෙදෙනෙක් සිටිනවා. ඒ සන්දේ රෝස් (7) සහ ෆේත් මාගරට් (4).