වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ එකම බලාපොරොත්තුව හිම රාත්‍රිය ප්‍රසංගයයි

මගේ එකම බලාපොරොත්තුව හිම රාත්‍රිය ප්‍රසංගයයි

- සුදර්ශන ධර්මකීර්ති

සුදර්ශන ධර්මකීර්ති නර්තන ආචාර්යවරයෙකි. ඔහු ඉතාලයේ මිලානෝ නුවර සුදර්ශන ශ්‍රී නමින් කලා ආයතනයක් පවත්වාගෙන යයි. එහි ශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන් ඔහු විචිත්‍රවත් ප්‍රසංගයක් මෙම මාසයේදී පැවැත්වීමට නියමිතය. කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි මොහොතක ඔහු මෙසේ කතා බහකට එක් විය.

මං ඉතාලියට ඇවිත් වසර දාහතරක් විතර වෙනවා. මට හිතුණා මෙහි ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු කරගෙන කලා ආයතනයක් ආරම්භ කරන්න. මගේ සිතේ ඇති බලාපොරොත්තුව ඉටුකර ගත්තා. මේ වෙන කොට ළමයි රැසක්ම එහි ඉගෙනුම් කටයුතුවල යෙදෙනවා. මං ඔවුන්ව සන්දර්ශනවලට යවනවා. ඒ අයටත් එහෙම කරන එක හොඳයිනෙ. ඉතාලි, ඉන්දියානු සහ මුර්සි රටවල අය මගේ කලා ආශ්‍රමයේ ඉන්නවා. ඔවුන්ට මං උඩරට, පහතරට, සබරගමු ඇතුළු දේශීය නර්තන අංශ මෙන්ම භරත, කථක්, බොලිවුඩ් ඩාන්සින් වගේ අංශ යටතේ නර්තනය උගන්වනවා. මං ඉගෙන ගත්තේ කොළඹ වේළුවන විදුහලෙන්. රැජිනි සෙල්වනායගම්, කුමාරි ධම්මගේ, චලනි ප්‍රියංකා තමයි මගේ නර්තන ගුරුවරු. මං ඔවුන්ව සිහිපත් කරන්නේ හද පිරි භක්තියෙන්. මං ලංකාවේ ඉන්න කොට නාවික හමුදාවේ සේවය කළා. ඒ සංස්කෘතික කණ්ඩායමේ උපදේශක හැටියට.

මේ වන විට මගේ එකම බලාපොරොත්තුව හිම රාත්‍රිය ප්‍රසංගය. එයට ජනප්‍රිය සිංල ගීත තිහක් ඇතුළත්. ජයග්‍රාහී හතරවැනි වතාවට තමයි එය පවත්වනු ලබන්නේ. මේ දිනවල ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. ඒ වගේම තවත් ප්‍රසංග කිහිපයක්ම ඉදිරියේදී පවත්වන්න මං බලාපොරොත්තු වෙනවා.