වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - අසහාය ගායන ශිල්පී විජය කුමාරණතුංගයන් ගායනා කළ මුල්ම ගීතය අඩංගු චිත්‍රපටය කුමක්ද?

පී. වයි. අනුලාවතී

කුඩගම, අවිස්සාවේල්ල

අර්ජුන් – ‘පාරදිගේ’

ප්‍රශ්නය - සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි දක්‍ෂතා දැක්වූ ලෝකයේ එකම සිනමා වේදියා සිනමා සක්විති ආචාර්ය ගාමිණී ෆොන්සේකා යැයි හැඳින්වුව හොත් ඔබ එයට එකඟද?

ආනන්ද වික්‍රමආරච්චි, ඉහළ තල්දූව

අර්ජුන් - ලෝකයේ නම් තව ඉන්නවා ආනන්ද. ලංකාවේ නම් එහෙමයි.

ප්‍රශ්නය - ‘සුදු සඳේ කළු වලා’ චිත්‍රපටයේ එච්. ආර්. ජෝතිපාල ගායනා කරන ගීතයත්, ඔහු සමඟ සටන් වදින අයත් කවරහුද.

ඊ. දයානන්ද සිල්වා, සීනිගම, හික්කඩුව.

අර්ජුන් – ගීතය නම් ‘මාළඟ හිනැහී ඉන්නව නම් ඔබ’ ගීතයයි. සටන් වදින්නේ පියදාස විජේකෝන් සමඟයි.

ප්‍රශ්නය - රන්මුතු දූව චිත්‍රපටයේ මුහුද යට ගාමිණී ෆොන්සේකා සමඟ සටන් දර්ශනයේ දී සහභාගී වූ අනික් නළුවා කවුද?

එස්. එල්. වික්‍රමසිංහ, මාවනැල්ල

අර්ජුන් – හෙක්ටර් ඒකනායක

ප්‍රශ්නය - ‘ප්‍රවේගය’ චිත්‍රපටය දෙමළ චිත්‍රපටයක කොපියක් නම් සිංහළ සිනමාව දශමයක් හෝ ආපස්සට හැරවීමක් බවයි මගේ අදහස. ඔබගේ අදහස කුමක්ද?

අයිලින් සෝවිස්, වැලිසර, රාගම

අර්ජුන් –කොපි කළා කියා ආපස්සට හැරෙනවා නම් එදා මෙදා තුර හැදෙන අතිශය ජනපි‍්‍රය චිත්‍රපටවලින් සිංහල සිනමාව ආපස්සට ගියා කියාද අයිරින් සිතන්නේ. එදා සියයට 90 කට වඩා ජනපි‍්‍රය වුණු චිත්‍රපට අනුකරණ චිත්‍රපටයි. ඉනිදියාවෙත් එහෙමයි. ප්‍රශ්නෙ තියෙන්නෙ මුල් චිත්‍රපටයට වඩා හොඳින් අධ්‍යක්‍ෂවරයකුට තමන්ගේ සලකුණ තියන්න පුළුවන් වුණා නම් එතන තමයි වැදගත් කම තියෙන්නෙ. පොල්ලා දවන් චිත්‍රපටයට වඩා ප්‍රවේගය මට නම් හොඳයි.

ප්‍රශ්නය - මහාචාර්ය දේශබන්දු කීර්ති දිසානායක මහතා චිත්‍රපට නළුවෙක්ද? නැතහොත් බජාර් එකේ චණ්ඩියා චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ බන්දුල දිසානායක ඔහුගේ සහෝදරයෙක්ද?

අජිත් උදය කුමාර, ගලවිලවත්ත, හෝමාගම

අර්ජුන් – මේ එකම එක්කෙනා තමයි.

ඔබේ සිනමා පැන විසඳුම්

අර්ජුන්ගෙන් පිළිතුරු.

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10