|
නිරෝගී සම්පත් ඇති දීර්ඝායු සම්පත්තිය.
දෙසැම්බර් මස 05 වැනි දින 88 වැනි ජන්ම දිනය සැමරූ පණ්ඩිත් අමරදේවයනි, ඔබට නිරෝගි
සම්පත් ඇති දීර්ඝායු සම්පත්තිය පතමු. අපගේ දෙසවන් පිනවීම උදෙසා එදා මෙන්ම ඉදිරියටත්
මිහිරි ගීත ගායනා කිරීමට හැකිවේවා. සුනිල් චන්ද්‍රසේකර සහ චන්ද්‍රා චන්ද්‍රසේකර යාගොඩමුල්ල, කොටුගොඩ
ජෝ වෙනුවෙන් ලියැවුණු කවි
රසික දන මන තුටු කළා
නොඉඳ එකතැන කොටු වෙලා
දෙස් විදෙස් හැම ගරු කළා තිස්ස කුමාර කොරාලගේ දිසානෑගම, කොටුගොඩ
ඔබව රකියි නිරතුරු සෝමාවතිය...
හෙළ සිනමාවට කැපවුණු හිතවතිය
නිවන් දකින්නට ඇය කළ පින් ඇතිය
ඔබෙ ගුණ කියන්නට මෙවදන් මදිය සමන් ගාල්ලගේ කැටපල, ගණේගොඩ
රස වින්දනයට බාධාවක්...
ජාතික රූපවාහිනියේ ටෙලි නාට්‍යවල විකාශය නතරකොට ‘විරාමයෙන් පසු’ යනුවෙන් නාට්‍යයේ
ඉදිරි කොටස් අතරින් පතර පෙන්වනවා. මෙයින් සිදුවන්නේ කාලය නාස්ති වීමත්, රසවින්දනයට
බාධාවීමත් පමණයි. මෙය වහාම නතර කරන්න. ඩඩ්ලි ගෝමස් මොරටුව, කටුබැද්ද
ෂෙල්ටන් සදා අමරණීයයි...
බුදුනේ බුදු පියානනේ, එගොඩහා යන්නෝ, අවසන් ලිපියයි වැනි ගීත ගැයූ ටී. ෂෙල්ටන්
පෙරේරා අපට සිටි දක්ෂ සංගීත අධ්යක්ෂවරයකුද විය. ‘දෙයියන්ගේ තීන්දුව, දරුදුක,
තෙවත, සසර චේතනා ඔහු ගී ගැයූ චිත්‍රපට කිහිපයකි. කොහිනූර් ඇතුළු හින්දි චිත්‍රපට
කිහිපයකටම තබ්ලාව වයමින් හරසර පෑ ඔහු ගුවන් විදුලියේ හින්දි නිවේදක තනතුරක්ද
ඉසිලීය. ෂෙල්ටන් පෙරේරා වැනි කලාකරුවන් බිහි වන්නේද කලාතුරකිනි. 1986 දී ජිවිත
සිනමාවෙන් සමුගත්තත් ඔහුගේ නිර්මාණ කිසිදා අපගෙන් බැහැර වන්නේ නැත. ආනන්ද වික්‍රමආරච්චි
ඉහළ තල්දූව ස්වර්ණා කහවිට ට...
ආයෙත් එන්න සිනමාවට නොකර අගේ... අශෝකා ගුණතිලක සුපිරින්ටන්ගම, අම්බලන්තොට
දං චූටි විකාර වෙලා...
අපේ සුන්දර මතකයන් අතර නිධන්ගත වූ චිත්‍රපටයක් ‘චංචල රේඛා’. එහි ආදරයෙන් වැලඳ ගත්
චරිතයක් දං චූටි. අද ‘චංචල රේඛා’ ටෙලි නාට්‍යය දකිද්දි ඒ සුන්දර නැවුම් බව අතුරුදන්
වෙලා. විකාර ස්වරූපයක් අරන් වගේ දැනෙනවා. අතීතය නවීකරණය කරන්න හැදුවට ඒවා හරියටම
හරියන්නෙ නෑ කියන එක බොහොම ලස්සනට අලුත් ‘චංචල රේඛා’ කියාපානවා. සේන සමරසිංහ
මහත්තයෝ අපට නම් හරිම දුකයි. අර ලස්සන ‘චංචල රේඛා’ට වෙච්ච දේට. සුසිලා පතිරාජ පුබුදුගම, උස්වැටකෙයියාව
හැට පහට ආසිරි...
ශ්‍රාවකයන්ට ඉහළම රසාස්වාදයක් සමඟ සුභාවිත ගීතය රටට හඳුන්වා දුන් සෑම ගායක,
ගායිකාවක්ම ජනපි‍්‍රය කරවූ පරමාදර්ශී ගුවන් විදුලිය වන වෙළෙඳ සේවයේ හැට පස් වන
සංවත්සරයට හදවතින්ම සුබ පතමි. අතුල රම්‍යසිරි පානදුර
ඔබ තරම් නිළියක් කොයින්දෝ...
රුක්මණී දේවිය යන නාමයත්, රූපයත් ශ්‍රී ලාංකික කලාකාමී හදවත් තුළ රැව් පිළිරැව්
නැංවූවකි. ඔබට සම කිරීමට තරම් නිළියක්, ගායිකාවක් තවමත් අපට බිහි වූයේ නැත. බිහි
වන්නේද නැත. ඔබ අදටත් අපගේ නිළි රැජනයි, ගීත කෝකිලාවයි. සිංහල සිනමාව යම් තාක් කල්
මේ ශ්‍රී ලක් දෙරණ තුළ පවතීද රුක්මණී දේවිය යන නාමය සදා ජීවමානයි. ගරු සිල්වෙස්ටර් විජයකුලසූරිය පියතුමා හාල්දඬුවන, දන්කොටුව
ශ්‍රී ලාංකේය ගැමිකම ඔපවත් කළ පුණ්‍යා...
අවිහිංසක චරිත මනාව නිරූපණය කරමින් ගැමිකම ශ්‍රී ලාංකේය සිනමාව තුළ ඔපවත් කළ
පුණ්‍යා හීන්දෙනියට අපගේ ප්‍රණාමය පුද කරමු. ඊ. එම්. එස්. පද්මකාන්ති ද සිල්වා සෙල්ලකන්ද, මීගමුව
තවමත් ‘අල්ලපු ගෙදර’ පමණයි...
සන්දේශය, වීර විජය, දුප්පතාගෙ දුක, අල්ලපු ගෙදර යන චිත්‍රපටවල ඩී. වී. ඩී. නිකුත්
කරන බව කියා තිබුණා. ඒක කොයි තරම් පිනක්ද? නමුත් අපට දැක ගැනීමට ලැබුණේ අල්ලපු ගෙදර
පමණයි. අනිත් චිත්‍රපටත් හැකි ඉක්මනින් අපට ලබා දෙන්න. අපි බලා සටිනවා. ප්‍රේමසිරි නාරසිංහ වල්පල, මාතර
‘සඳ දියවර’ විශ්ව ලංකා විශිෂ්ටයි...
නිමාවට පත් වූ ‘සඳ දියවර’ ටෙලි නාට්‍යයේ පණ්ඩුක නම් දඩබ්බර තරුණයාගේ චරිතයට පණ
පොවමින් ඔබ ඉදිරිපත් කළ රංගනය විශිෂ්ටයි. එහි කතා විලාශය සහ මුහුණෙන් පෙන්නුම් කරන
ඉරියව් පවා හරිම තාත්විකයි. කඩවසම් බවින් අනූන ඔබගේ කලා ලොවේ ඉදිරි ගමනට මගෙන් සුබ
පැතුම්. එන්. සලිත දිල්මින් එල්ලාවල
අසන්නෙක් සමඟ යළිත් ආරම්භ කරන්න...
මීට වසර කිහිපයකට පෙර වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය කළ අසන්නෙක් සමඟ පැය බාගයක් වැඩසටහන
යළිත් ආරම්භ කරන මෙන් ශ්‍රාවක අපි ඉල්ලා සිටිනවා. වියානි ගුණවර්ධන, ශීලා වැන්ඩර්ලන් වෙන්නප්පුව
රිතූට ලස්සන අනාගතයක්...
‘ආදර වැස්ස’ ටෙලි නාට්‍යයේ ‘අමන්දි’ ගේ චරිතය රිතූ ආකර්ෂා අක්කි ලස්සනට රඟපානවා.
රංගනය පැත්තෙන් ඉතාමත් පැහැදිලි අනාගතයක් ඇයට තිබෙනවා. ඔබට මගේ සුබ පැතුම්. නිලූකා අවිස්සාවේල්ල
සංඝේ සිටියානම් අද...
එදා කලාකරුවන්ට නිතර පිහිට වෙමින් රසික අපගේද දුක්ගන්නාරාල වූයේ ටී. එම්. සංඝදාස
මහතාය. මේ කලාකරුවා, දේශපාලකයා, හිත හොඳ මිනිසා අද සිටියා නම් අපේ කලාකරුවන්ට දුක්
විඳින්නටවත්, අසරණ වන්නට වන්නේවත් නැත. එක්සත් ජාතික පාක්ෂිකයකු වූ ඔහු කලාකරුවන්ට
තම සංගමය තුළින් උපකාර කළේ කිසිදු දේශපාලනමය වගක් නොබලාය. ලක්ෂ්මන් රණසිංහ හේකිත්ත, වත්තල
S.M.S.
දෙරණ රූපවාහිනියේ විකාශය වූ ‘අත්තම්මා’ ටෙලි නාට්‍යයේ සහ ‘මලී’ ටෙලි නාට්‍යයේ
දුලීකා මාරපන ගේ රඟපෑම් ඉතා විශිෂ්ටයි. මගේ දැනීමේ හැටියට සම්මානනීයයි. නමුත් ඇයගේ
සමහර හාස්‍ය රඟපෑම් ඇයගේ පෞරුෂයට නොගැළපේයැයි වගේ නිකමට මට සිතේ. ටී. ජී. උපාලිරත්න තැඹිලිදෙනිය, මහවෙල
ලක්ෂ්මන් අමරසේකර අයියේ, ඔබේ රංගන ශෛලිය විශිෂ්ටයි. ඔබ ඇත්තටම සැබෑ දක්ෂයෙක්. බොහෝ නළුවන්ට රංගන හැකියාව ඇතිමුත් හාස්‍යය උත්පාදනය කළ හැක්කේ කිහිපදෙනෙකුට පමණි. එයින් ඔබ ප්රමුඛස්ථානයක වැජඹීම අපට ආඩම්බරයකි.
ආරච්චිකට්ටුව
ගොළු තරුණයකු වූ මේනක රාජපක්ෂ සිය පෙම්වතාගේ චරිතයෙන් ඔබ්බට ගොස් ‘චක්‍ර’ ටෙලි
නාට්‍යයේ ගොළු තරුණයකු ලෙස විශිෂ්ට රංගනයක යෙදේ. මේනක ඔබට අපගේ සුබපැතුම්. එච්. ඉන්ද්‍රපාල සංඝමිත්තා මාවත, මුංහේන
දීර්ගතම ටෙලි නාට්‍යයක් වන ‘කෝපි කඩේ’ ඇසිලින් ගේ චරිතයට පණ පෙවූ දමිතා සළුවඩන රංගන
ශිල්පිනිය සහ විකට රංගනයෙන් අප පිනවූ සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවා කලා ලොවෙන්
සමුගෙන ගියද කලා රසික අපගේ හදවත් තුළ සදා ජීවමානයි. අතුල රම්‍යසිරි පානදුර
‘ජීවිතේ හිස් ටින් එකක් වගෙයි’ අර්ථවත් පද රචනයෙන් රසික හදවත් තුළ ලැඟුම් ගත්
සිරිල් ඒ. සීලවිමල කලාකරුවාගේ ගුණ මෙසේ සමරමු. නෝබර්ට් හෙට්ටිආරච්චි යටිහේන, මල්වාන
සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවාගේ අභාවය පිළිබඳ අපගේ බලවත් කනගාටුව මෙයින් ප්‍රකාශ
කරමු. පී. වයි. අනුලාවතී කුඩාගම, අවිස්සාවේල්ල
දෙසැම්බර් අට වැනිදා හත් වැනි උපන් දිනය සැමරූ රිදම් එෆ්. එම්. නාළිකාවට මගේ සුබ
පැතුම්. සෝමා එච්. පතිරණ කහවත්ත
රහල් අල්විස් අයියේ ඔයාගේ ගීතවලට මම ගොඩක් ආසයි. අයියාගේ හිතට හොරා ගීතය හරිම
ලස්සනයි. පසිඳු චමෝද් නිකවැරටිය
0773124377 |